Sunday, November 30, 2014
Friday, November 28, 2014
බුද්ධංගල අභය භූමියත් ඈවරයි ?
මෙරට වනාන්තර සහ ඉතා වටිනා පරිසර පද්ධති තම ග්‍රහණයට නතුකර ගැනීම සඳහා පටු අවස්‌ථාවාදී අමන දුර්ජනයන් දරණ ප්‍රයත්නයන් ඉතා සූක්‍ෂම හා දීර්ඝකාලීන ඒවා බව පරිසරයට ලැදි සෑම සියලු දෙනකුම ඉතා තරයේ සිහිතබා ගත යුතුව ඇත. ඔවුන්ගේ සාක්‌කුවට වැටුණු අඳ ගොළු බිහිරි බලධාරීන්ට මෙම තත්aත්වය කෙසේවත් වටහා ගැනීමට උවමනාවක් නැතිවීම මෙම අධමයන්ට උඩගෙඩි දීමකැයි කීම වරදක් නොවේ. අප මේ කතා කරන්නට යන්නේ අම්පාර නගරාසන්නයේ ඇති ඉතා වැදගත් වනජීවී රක්‍ෂිතයක් වූ බුද්ධංගල අභය භූමියට අයත් ඉඩම් අක්‌කර 500 කට වැඩි ප්‍රමාණයක් වන ජීවීන්ට අහිමි වීම පිළිබඳවය. නමුත් මෙම සටහන පසුවදනක් මිස පූර්විකාවක් නොවේ. එයට හේතුව මේ පිළිබඳව අප මූලින්ම "සොබාසර" මගින් හෙළිදරව් කළේ අදින් වසර තුනකට පෙර 2009 ජූලි 07 වැනිදා බැවිනි. නමුත් ඉතාමත් ෙ€දනීය තත්ත්වය නම් "කැළෑ පාළුවෝ බුද්ධංගල අභය භූමිය කොල්ලකති" මැයෙන් අප සිදුකළ කරුණු දැක්‌වීම පිළිබඳව අබමල් රේණුවක හෝ අවධානයක් යොමු කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීමයි.
ශ්‍රී
ලංකාවේ හතළිස් වැනි අභය භූමිය ලෙස ප්‍රකාශයට පත්කරන ලද
බුද්ධංගල අභය භූමියට අදාළ ගැසට් නිවේදනය නිකුත් වන්නේ වර්ෂ
1974 නොවැම්බර් මස පළමුවැනිදාය. එහි සඳහන් බුද්ධංගල අභය භූමියේ
වපසරිය හෙක්‌ටයාර් 1841.4 කි. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර
මෙන්ම කටු පඳුරු සහිත ලඳු කැළෑ වලින්ද සුසැදි බුද්ධංගල අභය
භූමිය අලි ඇතුන්ගේ සිට විහිදුණු ඉතා පෘථුල ජෛව විවිධත්වයකට
උරුමකම් කී බව නොරහසකි. වියළි කාලයට ප්‍රදේශයේ ජලය රැඳී ඇති
ඉතා සීමිත ස්‌ථාන කිහිපයකින් එකක් වන වලතාපිටිය වැව මෙම අභය
භූමිය තුළ පිහිටා තිබීම නිසා නියං සමයේ දී සියයකට වැඩි වන අලි
රංචුවක් මේ වෙත පැමිණෙන බව මෙම ලියුම්කරු විසින්ද නිරීක්‌ෂණය
කර ඇත. එසේම සෙසු සත්ත්ව සහ ශාක විශේෂ රැසකට
තෝතැන්න වීම නිසා මෙන්ම තදාසන්න බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ
පිහිටා ඇති ඉපැරැණි පුරාවිද්‍යාත්මක නටබුන්ද මෙකී වනජීවී
රක්‌ෂිතයේ වටිනාකම තීවෘ කර ඇති බව නොකියාම බැරිය. ඒ මතුද නොව
මෙමගින් උකහා ගන්නා වර්ෂා ජලය මගින් පෝෂණය වන වලතාපිටිය සහ
වීරගොඩ, තිස්‌සපුර වැව්ද පොදු ජන සුවසෙත සාදමින් කියා පාන්නේ
බුද්ධංගල අභය භූමියේ මහිමය බව අවධාරණය කළ යුතුය.
මේසා වටිනාකම් රැසක් සහිත බුද්ධංගල අභය භූමියේ ඉඩම් අත්පත් කර
ගැනීමට ප්‍රදේශයේ මුස්‌ලිම් දේශපාලකයන් පිරිසකගේ හා අම්පාර
සම්මන්තුරේÊප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල උසස් පරිපාලන
නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සංවිධානාත්මක පිරිසක් කටයුතු ආරම්භ
කළේ අප ඉහත සඳහන් කළ පරිදි මීට වසර තුනකටත් පෙර සිටදීය. නමුත්
ඒ කටයුත්ත සාර්ථක කර ගැනීමට ඔවුනට නොහැකි වූයේ සැබෑ ලෙසම මෙරට
වනජීවී සම්පත ආරක්‌ෂා කිරීමට දිවි හිමියෙන් කැපවූ ප්‍රාදේශීය
වනජීවී නිලධාරීන්ගේ ලේ දහදිය මතින් බව නොකියාම බැරිය. නොබෝදා
විශ්‍රාම ලැබූ නැගෙනහිර වනජීවී සහකාර අධ්‍යක්‌ෂවරයාවද තමන්ගේ
සාක්‌කුවට දමා ගැනීමට මෙකී අමනයන් කටයුතු කර තිබුණද ඒ ක්‍රියා
කිසිවක් සාර්ථක නොවුණේ සොබාදහමේ වාසනාවකට විය යුතුය.
මෙම අභය භූමියේ දිවි ගෙවන අලි ඇතුන් වලතාපිටිය වැව ඔස්‌සේ
අම්පාර, කල්මුණේ ප්‍රධාන මාර්ගය පසුකර දීඝවාපිය, පල්ලෙකාඩු,
මාන්තෝට්‌ටම ආදී බැඳි වන කුට්‌ටි ඔස්‌සේ සාගමම් අභය භූමිය හා
ලාහුගල ජාතික උද්‍යානය දෙසට සංක්‍රමණය වීමේ ලක්ෂණ පෙන්නුම්
කරයි. මෙම අලි රංචුව සාගමම් වැව වෙතද සංක්‍රමණය වන ආකාරය
විශේෂයෙන් හඳුනාගත හැකි හස්‌ති සාමාජිකයන්ගේ නිරීක්‌ෂණ මගින්
තහවුරු කර ගැනීමටද මෙම ලියුම්කරුට හැකිවී ඇත. නමුත් මෙම හස්‌ති
සංක්‍රමණයටද තීරණාත්මක සාධකයක් වී තිබුණේ වනජීවී සංරක්ෂණ
දෙපාර්තමේන්තුව මගින් ඉදිකර තිබූ කිලෝමීටර් 21 ක් දිග විදුලි
වැටය. වන අලින්ට යම්කිසි අසාධාරණයක් වී තිබියදී පවා මෙම
විදුලි වැට මගින් ප්‍රදේශයේ වන අලි මිනිස් ගැටුම අවම කර
ගැනීමට වනජීවීය කටයුතු කළේ පැවති හොඳම විකල්පය එය බැවිනි.
නමුත් අද වන විට මෙම විදුලි වැටටද ඇතුළතින් පිහිටි ඉඩම් අක්‌කර
500 ක් කොල්ලකෑමට අවස්‌ථාවාදීන් කටයුතු කර ඇත්තේ ඉතාම
අවාසනාවන්ත ආකාරයටය. මෙතෙක් කලක් මෙම අභය භූමිය රැකගැනීමට
උරදුන් සැබෑ වනජීවී නිලධාරීන්ට නායකත්වය ලබාදීමට ඉහළ පුටුවට
පැමිණි අනුප්‍රාප්තිකයා මෙහිදී සිදුකළ යුත්තේ එම කටයුත්ත
තවදුරටත් ඉදිරියට ගෙන යැම බව අපගේ වැටහීමයි. ඒ මන්ද යත් එමගින්
දැනට මෙම ප්‍රෙaදශයේ යම් තරමකින් හෝ පාලනය වී ඇති අලි මිනිස්
ගැටුම සංසිඳවීමට එමගින් යම් පිටිවහලක් ලැබෙන බැවිනි.
මේ ආකාරයෙන් වලතාපිටිය වැව ඉහත්තාවේ ඇති වනජීවී ඉඩම් වන
සතුන්ගෙන් උදුරා ගැනීමෙන් අනාගතයේදී වන අලින්ට වලතාපිටිය වැව
වෙත අවතීර්ණ වීමට නොහැකි වීමෙන් ඉතා භයානක අලි මිනිස්
ගැටුමක් ඇතිවීමට ඉඩ ඇති බව අවධාරණය කළ යුතුය. මෙවැනි
පසුබිමක් තුළ ඉතාම අවාසනාවන්ත ලෙස සියල්ල උඩු යටිකුරු කරමින්
සීමිත පිරිසකගේ පටු අවශ්‍යතා ඉටු කිරීමට පාලක කාරකාදීන් මෙම
හස්‌ති නිජබිම මිනිස් ජනාවාසයක් බවට පෙරළීමට උත්සාහ දරන්නේ
කුමන වනජීවී සංරක්‌ෂණ හා කළමනාකරණ න්‍යායයකට අනුකූලව දැයි අපි
ප්‍රශ්න කර සිටිමු.
පසුගිය යුද වාතාවරණය නිසා නැගෙනහිර පළාතේ වනජීවී රක්‌ෂිත වෙත
මිනිසුන්ගේ ආක්‍රමණ එතරම් සුලබ නොවීමෙන් වනජීවී වාසස්‌ථානවලට
යම් රැකවරණයක් ලැබී තිබුණු බව පශ්චාත් යුද සමයේ අද වන විට
සිදුවන මෙවන් ඉඩම් මංකොල්ලයන් සාක්‌ෂි දරණ බව අපගේ වැටහීමයි.
යුද්ධය නිමා වීමත් සමගම මෙම ප්‍රදේශ සංවර්ධනය කිරීමේදී
බලධාරීන් ඉතා අවදියෙන් යුතුව ඒ කටයුතු සිදුකළ යුත්තේ එසේ
නොවුණහොත් අද වනවිට යම් තරමකින් පාලනය වී ඇති අලි මිනිස්
ගැටුම ඉතා කනගාටුදායක තත්ත්වයට ඉහළ යැම නොවැළැක්‌විය හැකිය.
එසේම බලධාරීන් මේ වරද ඉතා කඩිනමින් නිවැරැදි කිරීමට අපොහොසත්
වුවහොත් එය නැගෙනහිර පළාතේ සෙසු වනජීවී රක්‌ෂිත ආරක්‌ෂා
කිරීමටද නරක පූර්වාදර්ශයක් විය හැකි බව ඉතා අවධාරණයෙන් ලියා
තැබිය යුතුය.
පින්නවල අලි අනාථාගාරයට ගොස් ඇති ඕනෑම කෙනකුගේ සිතෙහි නිතැතින්ම රැඳී ඇති මතකයක් වෙත්නම් ඒ 'සාමා' පිළිබඳ මතකය බව නිසැකය. ත්‍රස්තවාදී යුද්ධයේ අමානුෂිකත්වය හේතුවෙන් පාදයක කොටසක් අහිමිව ආබාධිත තත්ත්වයට පත්ව සිටි සාමා පින්නවල අලි රංචුවේ නොමඳ සහයෝගය නිසා කෙසේ හෝ ආයාසයෙන් තම ජීවිත ගමන ඉදිරියටම ගෑටුවාය. නමුත් කලක සිට ඇය පසුවන්නේ රෝගාතුරව එක්තැන්ව පින්නවල අලි අනාථාගාරයේ අංගණයක යකඩ වැටකට බරදීගෙනය. බොහෝ දෙනකුට වාසනාව කැන්දමින් පින්නවල අලි අනාථාගාරය තුළ තම ජීවිතයේ වැඩි කාලයක් ගෙවා දැමූ සාමා මේ වන විට තම ජීවිතයේ අවසන් භාගය ගෙවා දමමින් සිටින්නේ අලි ඇතුන් පරිබාහිර සංරක්‍ෂණය පිළිබඳව ඉතා දරුණු විවේචනයක් අප හමුවේ ඉතිරි කරමිනි.
1994 වසරේදී පමණ සාමා වනජීවී නිලධාරීන්ගේ ඇස ගැටෙන්නේ පොළොන්නරුව ප්‍රදේශයේ වනාන්තරයකදීය. එවකට වයස අවුරුදු හයක් පමණ වූ මෙම ඇතින්නගේ දකුණු පාදයේ පහළ කොටස බිම් බෝම්බයකට හසුවී විනාශ වී තිබිණි. කෙසේ නමුත් තවදුරටත් ජීවත් වීමට තරම් වාසනාවන්ත වූ සාමා දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය වෙත රැගෙනවිත් ප්‍රතිකාර ලබාදෙන ලදී. එම ප්‍රතිකාරවලින් සුවය ලද සාමා පින්නවල අලි නිවහන තමන්ගේ වාසස්ථානය බවට පත්කර ගන්නේ 1996 වසරේ සිටය. එතැන් සිට තම ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කළ සාමා පින්නවල සහෝදර අලි සාමාජිකයන්ගේ අත් උදව්වෙන් දිවි ගමනේ ඉදිරියටම ගමන් කළාය. පාදයේ කොටසක් අහිමි වීම නිසා සාමා ඇවිදින විට එම ගමන ඇගේ කොඳු නාරටියට බලපෑම් ඇති කළද සාමා දිවි ගමන අත්හැරියේ නැත. ඇය කලක් ගත වන විට ඇයගේ ගමනට හුරු වූවාය. ඇගේ සිරුරද ඊට අනුගත විය.
දෙදාහ වසරේ මාර්තු මාසයේදී පමණ ජර්මනියේ වෛද්‍යවරියක විසින් සාමාගේ පාදයට බොරු කකුලක් සවි කිරීමට කටයුතු කරන ලදී. නමුත් ඒ වන විට සාමා අහිමි පාද කොටස සමඟ ජීවිතයට හුරුවී තිබුණු නිසා ඇය බොරු කකුල ප්‍රතික්ෂේප කළාය. දෙවැනි වර ඇය නිර්වින්දනය කර පාදය සවි කළද ඇය නැවැත එය ප්‍රතික්ෂේප කළාය.
නමුත් පින්නවල අලි අනාථාගාරයේ ජීවත්වන අලි ඇතුන්ගේ සහ ඇත් ගොව්වන්ගේ සුබ සාධනය වෙනුවෙන් ලකී සාමා අරමුදල (ඹ්භජඬර ඉචථච ජ්භදඤ) ආරම්භ වන්නේ මෙම උත්සාහය ව්‍යර්ථ වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එම අරමුදල සාමා විසින් පින්නවලට කැන්දන ලද වාසනාවය. පින්නවල අලි අනාථාගාරයට ස්කෑනර් යන්ත්‍රයක්ද ලබාදීමට එම අරමුදල සමත් විය.
කාලය ගෙවී ගියේ විහඟ වේගයෙනි. තම ශරීරයේ ආබාධය නිසා සාමා වයසටත් කලින් වියපත් වූවාය. ඇගේ ආබාධිත තත්ත්වය උත්සන්න වීම නිසා ඇය මේ වසර මුලදී එක්තැන් වූවාය. පින්නවල අලි අනාථාගාරයේ අංගණයක යකඩ වැටකට බරදී මැරි මැරී ඉපදෙමින් තම ජීවිතයේ අවසන් කොටස ගෙවා නිම කරගත නොහැකිව සාමා තවමත් ළතැ වෙන්නීය. බොහෝ දෙනකුට වාසනාව කැන්දූ සාමා අවසන් ගමන් යෑමට නොහැකිව තවමත් ළතැ වෙන්නේ හදවතක් ඇති ඕනෑම අයකුගේ නෙතට කඳුළක් ජනිත කරවමිනි. නමුත් මෙම අහිංසක සත්ත්වයාගේ ජීවිතය වෙනුවෙන් වගකිවයුතු සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ හෝ පින්නවල අලි අනාථාගාරයේ බලධාරීන්ට ඒ වේදනාව නොදැනීම කනගාටුවට කරුණකි.
රෝගාබාධවලට ලක්ව දීර්ඝකාලීනව එක්තැන් වන සතුන් පිළිබඳව තීරණ ගැනීම පශු වෛද්‍යවරුන්ට හෝ සත්ත්ව සෞඛ්‍ය හා කළමනාකරණය පිළිබඳ වෘත්තිකයන්ට නැවැත ඉගැන්විය යුතු දෙයක් නොවේ. නමුත් එසේ තිබියදී පින්නවල අලි අනාථාගාරයේ, සියලුම නරඹන්නන්ටත් ඇස ගැටෙන ස්ථානයක අපා දුක් විඳිමින් සාමා තවමත් රැඳී සිටියදී එම සත්ත්වයා විඳින දුක බලධාරීන්ගේ ඇස නොගැටීම විමතියට කරුණකි. මේ පිළිබඳව සොයා බැලීමට පසුගියදා පින්නවල අලි අනාථාගාරය වෙත ගිය අපගේ ඇස ගැටුණු සාමා අෑඳුණු සිදුවීම් නම් මනුෂ්‍යත්වයටද නිගා දෙන ආකාරයේ නිවට හා නිර්ලජ්ජිත ඒවා බව අවධාරණය කළ යුතුය. බරපතළ තත්ත්වයෙන් පසුවුණු සාමාට නරඹන්නන්ගෙන්ද එල්ල වන බලපෑම දුරලීම සඳහා එම සත්ත්වයා මඳක් අෑතින් බැ¼ද තැබීමට බලධාරීන්ට හැකියාව ඇත. නමුත් ඔවුන් සිතා මතාම එසේ නොකර සියලුම නරඹන්නන්ට පෙනෙන පරිදි මෙම සත්ත්වයා ගාල්කර තැබීමට හේතුව කුමක් විය හැකිද? ඊට හේතුව නම් මෙම අසරණ සත්ත්වයාද විකුණාගෙන කමින් ඇතැම් ඇත්ගොව්වන්ට මනුෂ්‍යත්වයටද නිගා දෙවීමට බව අපට නිරීක්ෂණය කළ හැකි විය. විශේෂයෙන් විදේශීය නරඹන්නන් සාමා නැරඹීමට පැමිණෙන අවස්ථාවලදී මෙම සත්ත්වයාගේ ආහාර හා සෞඛ්‍ය කටයුතු සඳහා බව පවසමින් සම්මාදම් එකතු කිරීමට ඇතැම් ඇත්ගොව්වන් කටයුතු කළ ආකාරය අපට නිරීක්ෂණය කළ හැකි විය.
අප හිතවත් පරිසර ක්‍රියාකාරිනියකද මෙම තත්ත්වය තහවුරු කළ අතර ඇය පැවැසුවේ මෙම ඛේදවාචකයට මුහුණ දුන් විදේශිකයකු විසින් ඒ පිළිබඳව ඔහුගේ රටේ සත්ත්ව සුබසාධන සංවිධානයකට පැමිණිලි කරනු ලැබ එම සංවිධානය මෙම පරිසර ක්‍රියාකාරිනියගෙන්ද කරුණු විමසූ බවය.
අවිධිමත් සංචාරක ව්‍යාපාරය නිසා අයාලේ යන යාල...
ලෝක පරිසර දිනය වෙනුවෙන් පාසැල් දරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ...
ඕනෑම ආකාරයක මාර්ග ඉදිකිරීම් හේතුවෙන් සත්ත්ව සහ ශාක විශේෂවල පුළුල් පරාසයක පැතිරුණු පරිසර විද්‍යාත්මක බලපෑම් රැසකට මුහුණදීමට සිදුවෙයි. වනජීවීන්ගේ චර්යාත්මක වෙනස්‌කම් ඇතිවීම, භෞතික හා රසායනික පරිසරයේ වෙනස්‌කම් ඇතිවීම, ආගන්තුක ආක්‍රමණශීලී සත්ත්ව හා ශාක විශේෂ ව්‍යාප්තවීම, මිනිස් පරිභෝජනය සඳහා වැඩි වැඩියෙන් වනජීවී වාසස්‌ථාන යොදාගැනීමට පෙළඹවීම, රථවාහනවල ගැටීමෙන් වනජීවීන් ආබාධවලට ලක්‌වීම හෝ මරණයට පත්වීම ඒ අතර වෙයි. මාර්ග පද්ධතීන් පුළුල් කිරීම හේතුවෙන් ලොව පුරා රටවල වනජීවීන්ට සිදුවී ඇති බලපෑම් පිළිබඳව සවිස්‌තර විද්‍යාත්මක අනාවරණයක් සිදුකරන ලද රටවල් අතර ඉන්දියාව ද ප්‍රමුඛ වෙයි.
ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ඉතා වැදගත් වනාන්තර කලාපයක් වන නිල්ගල සවානා වනාන්තර භූමිය හරහා ඇදී යන බිබිල - අම්පාර ප්‍රධාන මාර්ගයේ පිටකුඹුර ආශ්‍රිත ප්‍රදේශයේ කිලෝමීටර් තුනක පමණ දුරක සිදුකළ මෙම පරීක්‍ෂණය අනුව මෙරට වනාන්තර හරහා ඉදිකෙරෙන මාර්ගවලින් එල්ලවන බරපතළ විනාශයන් පිළිබඳව කරුණු අනාවරණය වී තිබේ. 2004 ජනවාරි සිට 2005 දෙසැම්බර් අතර සිදුකරන ලද මෙම සමීක්‍ෂණයේදී දින 48 ක් ඇතුළත රිය අනතුරුවලට ලක්‌වී මරණයට පත් වූ උරගයන් හා උභය ජීවීන් 552 කගේ සිරුරු අනාවරණය කරගනු ලැබිණි. ඒ අතර විශේෂ 72 කි. එයින් උරග විශේෂ 53 ක් හා උභයජීවී විශේෂ 10 ක් වාර්තා විය. ඒ අතරින් විශේෂ 19 (26.3%) ක් ශ්‍රී ලංකාවට ආවේණිකය. විශේෂ 22 ක් (30.5%) ජාතික වශයෙන් තර්ජනයට ලක් වූ වනජීවී විශේෂයන්ය. මෙම මරණයට පත් වූ වනජීවීන් අතරින් 23.6% ක් චතුරපාදික උරගයන්, 40.2% ක් සර්පයන් හා 36.2% ක් උභය ජීවීන් වෙයි.
නිල්ගල වන රක්‍ෂිතය ආශ්‍රිතව උරගයන් විශේෂ 92 ක් වාර්තා වන අතර එය ශ්‍රී ලංකාවේ මුළු උරගයන් විශේෂ සංඛ්‍යාවෙන් 33.45% කි. ඒ අතරින් විශේෂ 72 ක්‌ම රිය අනතුරුවලට ලක්‌ව මරණයට පත්වී තිබීම මෙම ගැටලුවේ ඇති බරපතළකම මොනවට කියා පායි. තවද මෙම වනාන්තර කලාපයේ දිවිගෙවන බව තහවුරු කරගෙන ඇති උභයජීවී විශේෂ 22 අතරින් 19 ක් ද රිය අනතුරුවලට ගොදුරුව අකාලයේ මරණයට පත්වූ වනජීවීන් අතර වෙති.
පර්යේෂකයන් දෙන්නේ අතිශය ජෛව විවිධත්වයක් සහිත ප්‍රදේශවල මෙවැනි රිය අනතුරුවලින් බරපතළ බලපෑම් එල්ල වන බවය. ශ්‍රී ලංකාව තුළ මින් පෙර සිදුකරන ලද මෙවැනිම අධ්‍යයනයකට අනුව නිල්ගල වන රක්‍ෂිතය තුළ දින 36 කදී අනාවරණය වී තිබුණේ එක් උභයජීවී විශේෂයක හා උරග විශේෂ හයක් මරණ පමණි. නමුත් මෙම නවතම අධ්‍යයනය පෙර අධ්‍යයනය හා සස¹ බැලීමෙන් මෙම අනතුර කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව විද්‍යමාන වෙයි. විශේෂයෙන් වාරතාවකින් පසුව උභය ජීවීන් මාර්ගය වෙත පැමිණ කෘමි සතුන0a ආහාරයට ගැනීම ලිංගික කෘත්‍යයන්ගේ යෙදීමට වැඩි නැඹුරුවක්a දක්‌වති. එවැනි දිනවල රිය අනතුරුවලට ලක්‌ව උභය ජීවීන් මරණයට පත්වීම ඉහළ යයි. තවද ඇතැම් උරගයන් මාර්ගය දෙපස ඇති බුරුල් පසෙහි බිජුලෑමට නැඹුරුවීම වැනි චර්යාත්මක විපර්යාසයන් ද ඇතිකරගෙන ඇත.
සංවර්ධන ක්‍රියාකාරකම් ව්‍යාප්ත වීමත් සමඟ රටක මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීම අත්‍යාවශ්‍ය වේ. නමුත් එහිදී එරට ජෛව විවිධත්වය වැනසී යයි නම් එය බරපතළ ෙ€දවාචකයකි. මාර්ග පද්ධති වැඩි දියුJq වීමෙන් සෑම පරිසර පද්ධතියකටම එකම ආකාරයෙන් හා එකම ප්‍රමාණයෙන් බලපෑම් එල්ල නොවේ. නමුත් මෙසේ වනජීවී වාසස්‌ථාන කැබලිකරණය වීමෙන් විශේෂ සංයුතියේ සහ ගහණ ඝනත්වයේ වෙනස්‌කම් ඇතිවීමෙන් වනජීවී විශේෂ වඳවී යැමට ඇති නැඹුරුව වැඩි වේ. එබැවින් වන පෙත් දෙබෑකර මාර්ග තැනීමේදී මින් ඉදිරියට හෝ යම්කිසි උනන්දුවක් දැක්‌වීම බලධාරීන්ගේ හා ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීම බව සිහිපත් කළ යුතුය.
Thursday, November 27, 2014
මාදුරුඔය සත්ව සංහාරයට වැට බඳින්නේ කවදාද?
‘මාදුරුඔය’ කියූ පමණින් බොහෝ දෙනෙකුට සිහිපත් වන්නේ මහවැලි ජලාශයකි. වනජීවී ලෝලීන්ට ‘මාදුරුඔය’ වැදගත් වන්නේ ජාතික වනෝද්‍යානය හේතුවෙනි. වර්ෂ 1983.11.09 වැනි දින නිල වශයෙන් ප‍්‍රකාශයට පත් වුණු මාදුරුඔය ජාතික උද්‍යානය මෙරට පිහිටා ඇති ඉතා වැදගත් වනජීවී රක්ෂිතයකි.පොළොන්නරුව හා අම්පාර දිස්ත‍්‍රික්කවලට අයත්ව පිහිටා ඇති එහි වපසරිය හෙක්ටයාර 59,000 ක් පමණ වෙයි. මෙම ජාතික උද්‍යානය පිහිටුවීමේ මූලික අරමුණක් වූයේ මාදුරුඔය ජලාශයේ ජල පෝෂක ප‍්‍රදේශය ආරක්ෂා කර ගැනීමය. එසේම මහවැලි ව්‍යාපාරය මඟින් වාසභූමි අහිමි වූ, වන සතුන්ට අභයස්ථාන සැපයීම අතින් ද මාදුරුඔය අතිශය වැදගත්ය. අලි ඇතුන්ගේ සිට විවිධ වර්ගවල වනජීවීන් රැසකට ද තුරුලතා සමූහයකට ද නවාතැන් සපයනු වස් මාදුරුඔය ජාතික උද්‍යානය ඉටු කරන මෙහෙය අද්විතීයය. පසුගිය කාලයේ මෙරට සිදු කෙරුණු දීප ව්‍යාප්ත වන අලි සමීක්ෂණයට අනුව මෙරට වනාන්තරවාසී අලි ඇතුන්ගෙන් සියයට තිහක් (30%) නොඑසේ නම් 1751 ක් පමණ දිවි ගෙවන බව අනාවරණය වූ මහවැලි වනජීවී කලාපය තුළ පිහිටා ඇති ප‍්‍රමුඛතම වනජීවී රක්ෂිත අතරින් එකක් ලෙස ද මෙම රමණීය වන උයන සැලකිය හැකිය.
ඒ අනුව මෙම සුවිශාල වන අලි ගහනයේ පැවැත්මට තීරණාත්මක ආකාරයෙන් බලපෑම් කළ හැකි ජාතික වනෝද්‍යානය ද මාදුරුඔය බව කීමෙහි වරදක් නැත. නමුත් මෙම සොබාදහමේ අමිල දායාදය ආරක්ෂා කර ගැනීමේ වගකීම පැවරී ඇති වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මාදුරුඔය උළා කන්නට ඉඩ හැර මර නින්දේ පසු වීම ඛේදවාචකයකි. සැබෑ ලෙසම මෙම වන උයන ආරක්ෂා කර ගැනීමට මැදිහත් වූ වනජීවී නිලධාරීන්ට මෙම උද්‍යානය වෙත ආ පයින්ම යළිත් ස්ථාන මාරු වීම් ලබා දී කාර්යාලවලට කොටුකර තැබීමට වනජීවී ලොක්කන් කටයුතු කළ ආකාරයද අපට මතකය. ඊට හේතුව, මෙම වන උයන උළා කන දේශපාලන අම්බරුවන්ගේ අතකොළු බවට පත් වීමට එකී වනජීවී ලොක්කන්ට සිදු වීම ද විය හැකිය.
ඒ අතරතුර මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ වන සතුන්ට මරු පහරක් එල්ල වීමට තවත් හේතුවක් වී ඇත්තේ ඒ තුළ දිගින් දිගටම සිදු වන යුද හමුදා පුහුණුවීම් බව අවධාරණය කළ යුතුය. එනම් නිල නොලත් වනජීවී අපරාධකරුවන් සේම නිලලත් - ලැයිසන් දඩයක්කාරයින්ගේ ද තිප්පොළක් බවට මාදුරුඔය ජාතික උද්‍යානය පත් වී ඇති බව නොවේදැයි විමසිය යුතුව ඇත.
මාදුරුඔය ජාතික උද්‍යානය තුළ හමුදා පුහුණු කටයුතු පවත්වාගෙන යාම නිසා තම ජීවිතයෙන් වන්දි ගෙවූ වනජීවීන් ප‍්‍රමාණය දහස් ගණනක් විය හැකිය. ඒ අතර අලි ඇතුන් ද විශාල ප‍්‍රමාණයක් වන බව නොරහසකි. ඒ මන්ද යත් මාදුරුඔය ජාතික උද්‍යාන කෞතුකාගාරය තුළ පුරවා ඇති සියලූම හස්ති හිස් කබල් පාහේ උද්‍යානය තුළ දී හමුදා වෙඩි පහරට ලක්ව මරණයට පත් වූ වන අලින්ගේ වන බැවිනි. එහි ආසන්නතම සිදු වීම වාර්තාවන්නේ පසුගිය 17 වැනි දාය. මාදුරුඔය යුද හමුදා කඳවුරෙහි පිවිසුම අසල දී එහි මුර කුටියක රැඳී සිටි සෙබළෙකු විසින් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් වන අලියකු බරපතළ තුවාල ලැබූ අතර අරලගංවිල - මහඔය ප‍්‍රධාන මාර්ග අසල වැටී සිටි එම සත්වයා ඉන් පසු මරණයට පත් විය.
මාර්ගයේ ගමන් කරමින් සිට තිබූ අලියා තමන් රැඳී සිටි මුරකුටිය වෙත පැමිණෙතැයි බියෙන් මෙසේ එම සත්වයාට වෙඩි තැබූ බව සෙබළා ප‍්‍රකාශ කර තිබුණි. නමුත් ඒ ආකාරයෙන් වන අලින් එම මාර්ගයේ ගමන් කළ ප‍්‍රථම අවස්ථාව මෙය නොවන අතර - එසේ ගමන් කරන අලින් හමුවේ සෙබළාට තිබූ එකම විකල්පය වෙඩි තැබීම ද යන්න ද දෙවරක් විමසිය යුතු නැත.
පුරා වසර තිහක් පමණ මෙරට තුළ පැතිරී තිබුණු ත‍්‍රස්තවාදී උවදුර අවසන් කර දමා දැන් වසර කිහිපයක් ගෙවී ගොස් හමාරය. එහි අවසානය සනිටුහන් කරමින් නන්දිකඩාල් කලපුව අසල දී අවසන් වෙඩි මුර තබා මහත් උත්සවාකාරයෙන් යුද අවි නිහඬ කර වසර ගණනාවක් ගෙවී ගොස් තිබිය දී ද තවමත් කාලතුවක්කු මෝටාර් ආදී බර අවි සහ ස්වයංක‍්‍රීය ගිනි අවිවලින් නැඟෙන බිහිසුණු කඨෝර හඬ මාදුරුඔය වන උයනේ වන සතුන් බියට පත් කිරීම කණගාටුවට කරුණකි. එයින් නොනැවතී එම ගිනි අවි අලි ඇතුන්ගේ සිට ලොකු කුඩා වන සතුන් රැසක් ද තවමත් බිළිගනිමින් සිටීම දෛවයේ සරදමක් වැන්න.
වනජීවී අණ පනත් අනුව වනජීවී රක්ෂිතයක් තුළ සිදු නොකළ යුතු අධික වේගයෙන් රිය පැදවීම, ගිනි අවි භාවිතා කිරීම, වන ජීවීන් ඝාතනය කිරීම වැනි තවත් බොහෝ වන ජීවී අපරාධ තවමත් මෙම වන උයන තුළ සිදු වෙමින් පවතී. ඒවා සිදු කරන වන අපරාධ කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරියය. මාදුරුඔය ජාතික උද්‍යානය තුළ ද එය එසේමය. මෙහි යාබදව වෙසෙන ආදිවාසී ජනතාව වෙත පවා තම බල පරාක‍්‍රමය පතුරුවමින් මෙම රාජකාරිය ඉටු කිරීමට වනජීවී නිලධාරීහු කටයුතු කරමින් සිටිති. එය ගැන අපට ගැටලූවක් නැත. නමුත් එසේ තම පාරම්පරික උරුමයන් සොයා මාදුරුඔය වන උයන වෙත පැමිණෙන ආදිවාසී ජනතාවට එරෙහිව පවා දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන වනජීවී නිලධාරීන් ඇස් පනා පිටම උක්ත නිල ලත් දඩයම්කරුවන් විසින් සිදු කරන හිංසනයට වැට බැ`දීමට කටයුතු නොකිරීම කනගාටුවට කරුණකි.
ඉකුත් ත‍්‍රස්තවාදී යුද සමය තුළ මෙවැනි විනාශයන් සිදු වුව ද ඉවත බලාගෙන සිටීමට බලධාරීන්ට සිදු වීම කෙසේ හෝ සාධාරණීකරණය කළ හැකි යැයි සිතුව ද වර්තමානයේ දී තවදුරටත් මාදුරුඔය ජාතික උද්‍යානය තුළ මේ ආකාරයෙන් ජෛව උරුමයන් කාබාසිනියා කර දැමීමට ඉඩ හැරීම ජාතික අපරාධයකි. තවද යටත් පිරිසෙයින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පනවා ඇති සීමාවන්වත් මාදුරුඔය ජාතික උද්‍යානය තුළ ක‍්‍රියාත්මක කිරීමට වනජීවියේ මෙන්ම යුද හමුදාවේ ද බලධාරීන් උත්සුක නොවීම සැබැවින්ම ඛේදවාචකයකි.
මාදුරුඔය වනෝද්‍යානය ආශ‍්‍රිතව වන ගත අභ්‍යාසයක් පැවැත් වීම මැයෙන් වර්තමාන වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච්. ඞී. රත්නායක විසින් මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ සේනා විධායකවරයා අමතන වජි/05/02/02/02 (1 වෙළුම) අංක හා 2011.11.09 දිනැති ලිපිය මඟින් පනවා ඇති එකී සීමාවන් පහත පරිදි වේ.
01. ජීවී හෝ අජීවී පතරොම් භාවිතා නොකිරීම.
02. සතුන් හා ඔවුන්ගේ වාසස්ථානවලට හානි නොකිරීම.
03. පැය 18.00 ත් පැය 06.00 ත් අතර කාලය තුළ පුහුණු කටයුතු සඳහා භාවිත කරන වාහන උද්‍යානයට ඇතුල් කිරීම හෝ පිට කිරීම සිදු නොකිරීම.
04. උද්‍යානය තුළ හමුදා වාහන ගමන් කිරීම සඳහා වේග සීමාවන් (20KMH) ලබා දීම.
05. නිල නිවාස හා කාර්යාල පරිශ‍්‍රය ආසන්නයේ පුහුණු කටයුතු වලින් වැළකීම.
අධ්‍යක්ෂ ජනරාල්වරයාට අනුව අදාළ අභ්‍යාස පැවැත්වීම සඳහා අවසර දීමට වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ නෛතික ප‍්‍රතිපාදන නොමැති වුවත්, අවශ්‍යතාව සලකා වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ විධි විධාන උල්ලංඝනය නොවන පරිදි එම වන අභ්‍යාස පැවැත් වීමට අවසර ලබා දී ඇත. නමුත් ලිපි ගනුදෙනු එසේ වුව ද සැබෑ ලෙසම උද්‍යානය තුළ සිදු වන දෑ මීට වඩා බොහෝ දුක්ඛදායක හා අමිහිරි ඒවා බව අවධාරණය කරමු.
මෙහි පළමු කොන්දේසිය කෙසේ වෙතත් උද්‍යානය තුළ සිදු කෙරෙන පුහුණුවීම් නිසා අලි ඇතුන් ඇතුළු බොහෝ වන ජීවීන් ඝාතනයට ලක් වන බව වාර්තා වන අතර වාර්තා නොවන ප‍්‍රමාණය ඊට වඩා කිහිප ගුණයකින් වැඩි වීමට ඉඩ ඇති බව නොකිවමනාය. නිරන්තරයෙන් ඇසෙන පිපිරුම් හඬවල් නිසා උද්‍යානය තුළ වන ජීවීන්ගේ නිහඬ හා සාමකාමී ජීවන රටාවට එල්ල වන්නේ මරු පහරකි. ඒ අතර මෙහි පැවැත්වෙන ‘නොනැසී ජීවත් වීමේ පුහුණු පාඨමාලා’ (Survival training) වලට සහභාගී වන භටයන්ගේ පැවැත්ම සඳහාද ජීවිත කැප කරන වන ජීවීන් ප‍්‍රමාණය සුළු පටු නැත. තව ද වේග සීමා නොතකා උද්‍යානය තුළ ගමන් කරන හමුදා රථවලට ගැටී මරණයට පත්වන වන ජීවීන් ප‍්‍රමාණය ද අල්ප නොවේ.
මාදුරුඔය ජාතික උද්‍යානය වන ජීවීන්ට ආරක්ෂිත නවාතැන් පොළක් ලෙස පවත්වාගෙන යන අතරතුරදීම එම`ගින් දෙස් විදෙස් සංචාරකයන්ගේ මනදොළ සැපිරෙන ආකාරයේ සංචාර ආකර්ෂණයක් ලෙස ද පවත්වාගෙන යාමේ හැකියාව පවතින බව නොකිවමනාය. නමුත් ඊටද එරෙහි වී ඇත්තේ අද වන විට ජාතික උද්‍යානය තුළ සිදු වන ආරක්ෂක හමුදාවන්ගේ ක‍්‍රියාකාරකම් බව ද කිවමනාය. උද්‍යානයේ ප‍්‍රධාන කළමනාකරණ සැලැස්මට පවා අන්තර්ගත කර ඇති මාදුරුඔය ජලාශයේ ඳුපතක පිහිටා ඇති අසමසම වන ජීවී කඳවුරු භූමියක් වන දිග්ගල කඳවුරු බිම පවා හමුදාවේ ප‍්‍රධානීන්ගේ සුඛ විහරණය සඳහා අත්තනෝමතික ලෙස වෙන් කර ගෙන තිබේ.
තව ද උද්‍යානයේ වනාන්තරය තුළින් හදිසියේ හමුදා සෙබළුන් ඉවතට පැමිණීමෙන් බියට පත් වූ විදේශීය සංචාරකයන් යළිත් හැරී ගිය අවස්ථා ද එකක් දෙකක් නොවේ. නිතර දෙවේලේ ඇසෙන පිපිරීම් හඬ නිසා, වන සතුන් නිරන්තරයෙන් සැගවී සිටිති. වාහනයක් දුටු සැණින් වන සතුන් වහා වනාන්තරයේ අහු මුලූවල සැ`ගවීම ද මෙහි සංචාරක ආකර්ෂණයට බාධාවකි.
තව ද උද්‍යානයේ තැන තැන දමා ඇති සජීවී පතරොම්වල වෙඩි බෙහෙත් යොදාගෙන උද්‍යානය තුළ දඩයම් කිරීමට ගංජා වගාකරුවන්, ගව පට්ටිකරුවන් ආදී අනෙකුත් වන අපරාධකරුවන් ද කටයුතු කිරීම මෙම හමුදා පුහුණුවේම අනිටු ප‍්‍රතිඵලයකි. උද්‍යානය තුළ ඇති මෙම සජීවී උණ්ඩ ඉවත් කරන ලෙස අධිකරණ නියෝගයක් ද පනවා ඇතත් තවමත් එය ක‍්‍රියාවට නැඟී නොමැති බව උද්‍යානය තුළ භෘණ වැව අසල ගොඩ ගසා ඇති ලක්ෂ ගණනක් සජීවී හා අජීවී පතරොම් දෙස් දෙයි. මෙයින් ඇහිදගනු ලැබූ සජීවී පතරොම් උණ්ඩ මතක සටහන් ලෙස හෝ වෙනත් විවිධ පරමාර්ථ වලින් ඇතැමුන් රැගෙන ගිය අවස්ථා සහ ඒවා පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අවස්ථා ද බොහෝය. එය රටේ ජාතික ආරක්ෂාවට ද තර්ජනයකි.
මේ සම්බන්ධයෙන් මහඔය පොලිසිය මඟින් දෙහිඅත්තකණ්ඩිය මහේස්ත‍්‍රාත්වරයාට පැමිණිලි කරන ලදුව එම සජීවී පතරොම් ඉවත් කරන ලෙස උක්ත නියෝගය ලබා දී දැන් සැලකිය යුතු කලක් ගත වී ඇත. මාදුරුඔය යුද හමුදා පුහුණු පාසල මඟින් උද්‍යානය තුළ විශේෂ බළකායේ හා යුද හමුදාවේ පුහුණු කටයුතු තවදුරටත් සිදු කරමින් පවතී. කොටගස්වල ඉංජිනේරු බළකා පුහුණු කටයුතු ද නොකඩවාම සිදු වෙමින් පවතී. පසුගිය යුද වාතාවරණය 2009 වසරේ අවසන් වීමෙන් පසුව තොප්පිගල වැනි ප‍්‍රදේශයකට මෙම වනගත අභ්‍යාස විස්ථාපනය කිරීමට ඕනෑ තරම් අවකාශ තිබේ. එසේ තිබිය දී පාරිසරික වශයෙන් ඉතා වැදගත් මාදුරුඔය ජාතික උද්‍යානය මේ සඳහා තවදුරටත් යොදාගැනීම කිසිදු ලෙසකින්වත් සාධාරණීකරණය කළ යුතු නැත. එබැවින් මෙම සොබා උරුමය ආරක්ෂක හමුදාවේ කටයුතු සඳහා භාවිතයට ගෙන ස්වභාවික සම්පත් වැනසීයාමට ඉඩ හැරීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ ද යුතුකම හා වගකීම නොවන බව ලියා තැබිය යුතුය.
හම්බන්තොට වන අලි කළමනාකරණ ප්‍රදේශය
අලි ඇතුන්ට අහිමි කර සංවර්ධනය
යථාර්තයක් කල හැකිද???
ශී‍්‍ර ලංකාවේ දෙවැනි අන්තර්ජාතික ගුවන් තොටුපළ මත්තල දී මහත් උත්සවාකාරයෙන් විවෘත වන්නේ ද ඒ යටතේය. නමුත් එකී සංවර්ධන ක‍්‍රියාකාරකම්වල දිශානතිය කොයිබටද යන ගැටලූව අද දින අප අබිමුව පැනනැෙඟමින් පවතී. මෙම සංවර්ධන සැලැස්මට අනුව ස්ථාපනය කෙරුණු වන අලි කළමනාකරණ ප‍්‍රදේශය (Managed Elephant Range) මේ වන විට විවිධ පුද්ගලයන්ගේ පටු වාසි ප‍්‍රයෝජන සඳහා බිලි වෙමින් පැවතීම නිසා මෙම තත්වය ප‍්‍රධාන වශයෙන් උදා වෙමින් පවතී. මෙහි ඇති කනගාටුදායක කරුණ නම් රුහුණු මාගම්පත්තුවේ සැබෑ භූමි පුත‍්‍රයන් හෙට දවසේ සංවර්ධනයේ අනාථයන් බවට පත් කිරීමට දායක වෙන මෙම විනාශයන් පිළිබඳව කිසිදු වගකිවයුත්තකු දෑස් විවර කර නොබැලීමයි.
හම්බන්තොට මහා සංවර්ධන සැලැස්ම යටතේ නාගරික සංවර්ධන අධිකාරිය හා මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිර්මාණය කරන ලද හම්බන්තොට කලාපගත කරන සැලැස්ම තුළින් මෙම ප‍්‍රදේශයේ වර්ෂ 2030 දක්වා සිදු කිරීමට අපේක්ෂිත සියලූ සැලැසුම්ගත සංවර්ධන ක‍්‍රියාකාරකම්වලට අවශ්‍ය ඉඩම් වෙන් කිරීම සිදු කරන ලදී. එහි දී මෙම ප‍්‍රදේශවල දිවි ගෙවූ වන අලි – ඇතුන්ගේ පැවැත්ම තහවුරු කිරීම සඳහා ද අවශ්‍ය ඉඩම් වෙන් කිරීමට එම කලාපකරණ සැලැස්ම මඟින් කටයුතු කරන ලදී.
මෙරට ඉතිහාසය තුළ වන අලි සංරක්ෂණයේ නව පරිච්ඡ්දයක් ආරම්භ කරමින් හම්බන්තොට මහා සංවර්ධන සැලැස්මට ප‍්‍රථම වතාවට වන අලි කළමනාකරණ ප‍්‍රදේශයක් ඇතුළත් කිරීමට බලධාරීන් කටයුතු කිරීම සැබැවින්ම පැසසිය යුතු කරුණකි. නමුත් අද වන විට මෙම ප‍්‍රදේශයේ ඉඩම් රජයේම විවිධ පාර්ශ්ව මෙන්ම පෞද්ගලික සමාගම් හා දේශපාලන හිතවතුන් ද අත්පත් කරගනිමින් සිටීම නිසා ගැටලූ රැුසක් පැනනැෙඟමින් පවතින බව අපට පසුගියදා එම ප‍්‍රදේශයේ සිදු කළ සංචාරයක දී දැකගත හැකි විය.
හම්බන්තොට වන අලි කළමනාකරණ ප‍්‍රදේශය පිහිටුවීමේ අරමුණ වන්නේ උක්ත සංවර්ධන ව්‍යාපෘතිය මඟින් නිජබිම් අහිමි වන අලි – ඇතුන් ප‍්‍රධාන වනජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය අභය ස්ථාන සැපයීමය. තව ද එමඟින් ප‍්‍රදේශයේ අලි – මිනිස් ගැටුම පාලනය කිරීමට ද සඵල පිටුබලයක් ලැබීමට හැකියාව ලැබී තිබුණි.
හම්බන්තොට වන අලි කළමනාකරණ ප‍්‍රදේශයේ මේ වන විටත් වන අලි හාරසියයකට වැඩි ප‍්‍රමාණයක් ජීවත් වෙති. ඔවුන් තනි අලි හා රංචු වශයෙන් මෙම කලාපය තුළ සැරිසරනු දැකිය හැකිය. එයින් ඇතැම් වන අලි රංචු බූන්දල ජාතික උද්‍යානය හා බූන්දල විල්මැන්න අභය භූමිය දක්වා සංක‍්‍රමණය වීමේ ලක්ෂණ පෙන්නුම් කරයි. ඒ අතර තවත් පිරිසක් ලූණුගම්වෙහෙර ජාතික උද්‍යානය දක්වා ගමන් කිරීමට උත්සාහ කරන බව පෙනෙන්නට තිබුණ ද උද්‍යාන මායිම ඔස්සේ වීරවිල – තණමල්විල ප‍්‍රධාන මාර්ගයට ආසන්නව
ඉදි කර ඇති විදුලි වැට නිසා එම අලි රංචුවලට ජාතික උදද්‍යානයට ඇතුළු විය නොහැක. මෙම කලාපයේ වන අලි – මිනිස් ගැටුම පාලනය කරගැනීම හා වන අලි සංරක්ෂණය කිරීම සඳහා උක්ත වන අලි කළමනාකරණ ප‍්‍රදේශයේ කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරනු ලැබුව ද එම තත්වය අභියෝගයට ලක්ව ඇත්තේ අද වන විට එහි අක්කර දහසකට වැඩි ප‍්‍රදේශයක් විවිධ පුද්ගලයන් විසින් අත්පත් කරගෙන වන වැස්ම ඉවත් කර විවිධ වගා හා වෙනත් ව්‍යාපෘති දියත් කිරීම හේතුවෙනි. ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ ප‍්‍රකට ව්‍යාපාරිකයකුගේ මෙහෙයවීම යටතේ විවිධ පුද්ගලයන් මෙසේ වන අලින් වෙනුවෙන් වෙන් කෙරුණු ඉඩම් අත්පත් කරගෙන මහගල්වැව අවට ප‍්‍රදේශයේ කෙසෙල් වැනි කෘෂි භෝග වගා කරමින් සිටී.
එමෙන්ම වලව වම් ඉවුර සංවර්ධන කලාපයට මායිම්ව විවිධ පුද්ගලයන් විසින් වම් ඉවුර සංවර්ධනයට වෙන් වූ ජලය නීති විරෝධී ලෙස මායිම් ඇළෙන් පොම්ප කර අලි කළමනාකරණ ප‍්‍රදේශය තුළ මහා පරිමාණයෙන් වගා කටයුතු කෙරේ. දැනට දෙමසකට පමණ පෙර මෙවැනි වගා කටයුතුවල නිරතව සිටි කාන්තාවක් ඉතා අවාසනාවන්ත ලෙස වන අලි පහරදීමකට ලක්ව මරණයට පත් විය.
මෙවැනි අනර්ථකාරී මිනිස් ක‍්‍රියාකාරකම් මඟින් වන අලින්ට උන්හිටි තැන් අහිමි වීමෙන් නුදුරේ දී මෙම ප‍්‍රදේශයේ පවතින අලි – මිනිස් ගැටුම තවදුරටත් උග‍්‍ර අතට හැරීමේ අවදානමක් පවතී. දැනට විවිධ පුද්ගලයන් විසින් අක්කර දෙක බැඟින් වන ඉඩම් හෙළි පෙහෙළි කර කෘෂිකාර්මික කටයුතුවල නියැළුණ ද ඒවා සියල්ල එක්ව ගත් කල ඉතා විශාල භූමි ප‍්‍රමාණයක් වීම තුළ මෙවැනි වනාන්තර විනාශයන් සිදු කිරීම රටේ පවත්නා නීතිය ද අබිබවා යාමක් බව අපගේ වැටහීමය. 2000 අංක 53 දරන ජාතික පාරිසරික (සංශෝධන) පනත යටතේ නිකුත් කෙරුණු 1993 ජුනි 24 වැනි දිනැති අංක 772/22 දරන ගැසට් නිවේදනය අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ප‍්‍රදේශයක් යම්කිසි සංවර්ධන කටයුත්තකට යොදා ගැනීමට ප‍්‍රථම පාරිසරික බලපෑම් ඇගයීම් ක‍්‍රියාවලියකින් පසු පූර්ව ලිඛිත අනුමැතිය ලබාගත යුතුය. එහෙත් අද වන විට හම්බන්තොට වන අලි කළමනාකරණ ප‍්‍රදේශයේ සිදු කරන දැඩි වන විනාශය සිදු වන්නේ මෙම නීති රෙගුලාසිවලට ද පයින් ගසමිනි.
මෙම පෞද්ගලික සමාගම මඟින් ඉදි කෙරෙන මහාමාර්ග සඳහා පරිසරය ගැන කිසිදු තැකීමක් සිදු නොකර මහා පරිමාණයෙන් බොරලූ කැපීම සිදු කරනු ලබන්නේ ද මෙකී වන අලි කළමනාකරණ ප‍්‍රදේශය තුළය. මේ හේතුවෙන් සෑදුණු විශාල වළවල් සහිත මුළු බිම් මෙම ප‍්‍රදේශයට අයත් මැටිවැව ආශ‍්‍රිතව දැකගත හැකිය. කිසිදු ගහක් කොළක් රහිත හිස් කාන්තාර භූමි ලෙස පවතින මේවායේ වර්ෂා සමයට ජලය එක් රැුස් වීමෙන් ඇති වන මදුරු උවදුර ද තවත් විනාශයකට අත වනන බව පැවසිය යුතුය.
කතරගම මහා දේවාලයට අයත් බව කියන මෙම ඉඩම්වල සිදු වන අගතිගාමී මිනිස් කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන් එම දේවාලයේ බස්නායක නිලමේවරයා හෝ වෙනත් වගකිවයුතු බලධාරියකු ද කිසිදු නෛතික කි‍්‍රයාමාර්ගයක් ගෙන ඇති බවක් දැනගන්නට නැත. තව ද රේඛීය විෂය භාර වන සංරක්ෂණ
දෙපාර්තමේන්තුව – වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ ප‍්‍රදේශය භාර පරිපාලන නිලධාරීන් ද මේ සම්බන්ධයෙන් දිගින් දිගටම නිහ`ඩ පිළිවෙතක් අනුගමනය කරමින් සිටීම ද කනගාටුවට කරුණකි. විශේෂයෙන් මෙම වන අලි කළමනාකරණ ප‍්‍රදේශය පිහිටුවීමට හේතුව වන අලින් සංරක්ෂණය සහ කළමනාකරණය කරගැනීම වුව ද අදාළ විෂය භාර වනජීවී සංරක්ෂණ අමාත්‍යාංශයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබ`ද විධිමත් වගකීමක් පැවරී නොතිබීම ද ගැටලූසහගතය. වන අලින් පිළිබ`දව අදාළ දෙපාර්තමේන්තුවට වගකීම පැවරී තිබුණ ද එම ප‍්‍රදේශය පිළිබ`ද කි‍්‍රයා කිරීමේ ඍජු නීතිමය ප‍්‍රතිපාදනයක් ලබා දීමට රජය මේ දක්වා කටයුතු කර නැත.
මේ සම්බන්ධයෙන් කඩිනම් කි‍්‍රයාමාර්ගයක් ගැනීමට දේශපාලන අධිකාරිය හෝ වගකිවයුතු නිලධාරීන් අපොහොසත් වුවහොත් අද වන විට මෙම කලාපයේ පවත්නා වන අලි – මිනිස් ගැටුම ශීඝ‍්‍රයෙන් ඉහළ යා හැකි බව අපි අවධාරණය කරමු. විශේෂයෙන් මෙම වන අලි කළමනාකරණ ප‍්‍රදේශය වටා පිහිටි මහගල්වැව, උනාතුවැව, කුඩාඉ`දිවැව, තැලිගම, දිමුතුගම, පඩව්ගම, ගොන්නොරුව, හැඩිල්ල, උඩමත්තල, පහළමත්තල, පුංචිඅප්පුජ`දුර වැනි ගම්මාන විශාල ප‍්‍රමාණයකට එල්ල වන වන අලි ප‍්‍රහාර ඉදිරියේදීත් තවත් උත්සන්න විය හැකි බව අවධාරණය කළ යුතුය.
නමුත් මෙවැනි පසුබිමක් තුළ උක්ත වන අලි වාස භූමි දේශපාලන හිතවතුන්ට හා වෙනත් විවිධ පාර්ශ්වවලට උළා කන්නට ඉඩ හැර වගකිවයුත්තන් අද, ගොළු, බිහිරි ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම හම්බන්තොට සංවර්ධනයේ දිශානතිය කොයිබටද යන දරුණු ගැටලූව අප අබිමුව තබා ඇත. දිවයිනේ විවිධ ප‍්‍රදේශවල විවිධ සංවර්ධන ව්‍යාපෘති ඉතා අක‍්‍රමවත් හා අදූරදර්ශී ආකාරයෙන් කි‍්‍රයාත්මක වීම තුළ එම ප‍්‍රදේශවල ජනතාව ද වන සතුන් ද සංවර්ධනයේ අනාථයන් බවට පත් වූ ආකාරය පිළිබදව අපට ඉතිහාසය තුළින් ද ඕනෑ තරම් සාක්ෂි සපයාගත හැකිය. එබැවින් නිසි විද්‍යාත්මක පදනමක් මත පිහිටා දීර්ඝකාලීන සැලැසුමකට යටත්ව අඛණ්ඩ සුපරීක්ෂණයකින් යුතු සංවර්ධනයක් ළගා කරගැනීම යුගයේ අවශ්‍යතාවක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ වෙනුවෙන් අතීතයෙන් පාඩම් උගෙන අනාගතය සාර්ථක කරගැනීම අත්‍යවශ්‍යය. නමුත් අද දවසේ ද අප යළි යළිත් සිදු කරමින් සිටින්නේ ? වැටුණු වළේ මහ දවාලේ ද ඇදගෙන වැටීමය. එය සැබෑ ලෙසටම ජාතික ධනය, කාලය හා ශ‍්‍රමය මකර කටට යැවීමක් බව වගකිවයුත්තන්ට නොවැටහීම ද ජාතියේ අවාසනාවකි.
විශේෂයෙන් ශී‍්‍ර ලංකාවේ අර්ධ ශුෂ්ක කලාපයට අයත් ඉතා සංකීර්ණ දේශගුණික හා පාරිසරික සාධකවලින් යුතු හම්බන්තොට වැනි ප‍්‍රදේශවල සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමේ දී පරිසර සංරක්ෂණය පිළිබ`ද ඉතා හොද තුන්කල් දැක්මක් සහිතව එම කටයුතු සිදු කිරීම අත්‍යවශ්‍යය. එසේ සිදු කිරීමෙන් සංචාරක ආකර්ෂණයක් ලෙස එම පරිසරය හා වනජීවීන් – විශේෂයෙන් අලි ඇතුන් යොදා ගැනීමට ඇති විභවය ද අතිවිශාලය. තව ද එකී සංවර්ධන ව්‍යාපෘතිවල දීර්ඝ කාලීන ස්ථාවරත්වය හා ප‍්‍රතිලාභ ජනනය වීම ද ඒ මත රැු`දී පවතී. එසේ හෙයින් හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ සංවර්ධන කි‍්‍රයාකාරකම් සිදු කිරීමේ දී මෙම ගැඹුරු යථාර්ථය වටහාගැනීම අත්‍යවශ්‍යය. එසේ නොකළහොත් මෙම කලාපයේ මනු සතුන් ද අලි ඇතුන් ද කබලෙන් ළිපට විසි වීම නොවැළැක්විය හැකි බව ඉතා අවධාරණයෙන් ලියා තබනු කැමැත්තෙමි.
දෙව්රම් වෙහෙර සෙවණෙදි අලියා මැරුණේ කොහොමද කියනු මැන අපෙ හාමුදුරුවනේ...
ශ්‍රී ලංකාවේ වනාන්තරවල හා ඉන් බැහැර පෞද්ගලික භාරකාරත්වයේ සිටින අලි ඇතුන් මේ වනවිට මුහුණ දෙමින් සිටින අවාසනාවන්ත තත්ත්වයේ අවසානයක් තවමත් පෙනෙන තෙක් මානයක නැත. බොදු දහම දඩමීමා කරගෙන පටු ලාභ ප්‍රයෝජන වෙනුවෙන් මෙරට වනාන්තරවලින් මවු සතුන් මරා හෝ වෙනත් එවැනි අමානුෂික හා කෘෘර ක්‍රම මඟින් අලි පැටවුන් පැහැරගෙන ඒම, එම සතුන්ට හොර බලපත්‍ර සකස් කිරීම හා උන් විකිණීම පමණක් නොව හීලෑ අලි ඇතුන් ලවා බැළ මෙහෙවර කරවා මුදල් ඉපැයීමද මේ වනවිට ශ්‍රී ලංකාවේ ඉතා ලාභදායී කර්මාන්තයන්ය. මෙසේ මිනිසාගේ යටතේ ඇති දැඩි කෙරෙන අලි ඇතුන්ගේ ආහාර හා පෝෂණය, සෞඛ්‍ය හා සුබසාධනය සම්බන්ධ කිසිදු නියාමනයක් නොමැති වටපිටාවක මෙම අසරණ සතුන් මරව මරවා තම මඩිය තරකර ගැනීමට මූලිකත්වය ගෙන ක්‍රියාකරන පිරිස් අතර චීවරධාරීන්ද මුල් තැන් ගෙන සිටීම අතිශය ජුගුප්සාජනක කාරණාවකි.
කොළොන්නාවේ සුමංගල හිමියන් විහාරාධිපතිත්වය දරන පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ සිටි සීදේවි නමැති අසරණ හස්තියාද අකාලයේ මරණයට පත් වන්නේ මෙවැනි පසුබිමකදීය. පාදයක හටගත් තුවාලයක් වණවී දැඩි ලෙස රෝගාතුරව සිටි මෙම අලියාට මෙවැනි අකල් මරණයක් අත්වීමට හේතුව එම සත්ත්වයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග අවශ්‍ය අවස්ථාවේදී නොගැනීම බව සත්ත්වවේදීහු අවධාරණය කරති. ඉකුත් 17 වැනිදා අලුයම් කාලයේදී මෙම අසරණ සතා 40 වසරක පමණ ආයු කාලයක් ජීවත් වී අකාලයේ මරු වැලඳ ගත්තේ ශ්‍රී ලංකාවේ අලි ඇතුන් සංරක්ෂණය හා කළමනාකරණය පිළිබඳ නිරුවත ලොවටම හඬගා කියමින් බව නොකිවමනාය.
මෙම අලියා මද කිපී විහාරස්ථානය අසල බැඳ දමා සිටියදී දම්වැල සොරාගෙන ගොස් ඇති බවද, අලියාත් තමාත් ඝාතනය කිරීමේ ක්‍රමන්ත්‍රණයක් ඇති බවද සුමංගල හිමියන් පසුගිය අගෝස්තු මාසයේදී පොලිසියට පැමිණිලි කර ඇති බව මාධ්‍ය මඟින් අනාවරණය කෙරිණි.
ඒ කෙසේ වෙතත් කොළොන්නාවේ සුමංගල හිමියන් හා හීලෑ අලි ඇතුන් අතර මෙවැනි සිද්ධීන් වාර්තා වූ ප්‍රථම අවස්ථාවද මෙය නොවන බව අප අවධාරණය කරගත යුතුය. මෙම වසර මුලදී මීරිගම කණ්ඩලම වලව්වේදී වනජීවී අත්අඩංගුවට පත්වූ නීති විරෝධී බවට සැක කෙරෙන අලි පැටවා සම්බන්ධයෙන්ද ඉදිරිපත්වී කටයුතු කළේ මෙම හිමියන් බව ප්‍රකට කරුණකි. ඉතා කුඩා වයසේ පසුවූ මෙම අලි පැටවු වෙනුවෙන් ඉදිරිපත් කරන ලද බලපත්‍රයේ තොරතුරු හා අලි පැටවා අතර බරපතළ පරස්පරතා පැවැතියදී පවා එම අලි පැටවා තමන්ගේ බව ප්‍රකාශ කරමින් අධිකරණ තීන්දුව මත උඩවලව ඇත් අතුරු සෙවණට පමුණුවන ලද අලි පැටවා යළිත් තම භාරයට ගැනීමට මේ හිමිනම පසුබට වූයේ නැත.
අලි හොරකම ගැන බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ කුමක්දැයි මේ මොහොතේ අපි විමසීමට උත්සාහ නොදරමු. නමුත් මිනිසුන් ඇසුරේ ඉතා කෘෘර වධ බන්ධනවලට ලක්වෙමින් සඟවාගෙන සිටි මීරිගම කණ්ඩලම වලව්වේ අලි පැටවාට උඩවලව ඇත් අතුරු සෙවණේදී යළිත් ජීවිතය පිළිබඳ දැනුණු බලාපොරොත්තු සහගත හැඟීම් උදුරා ගන්නට තරම් මෙවැනි අයකුට කොතරම් දුරට සාධාරණ හා අහිංසාවාදී කටයුත්තක්ද යන්න දෙවරක් කල්පනා කළ යුතුය. පරිසරවේදීන්ට පින් සිදුවන්නට ඔවුන් අධිකරණය හමුවේ අරගල කිරීමේ ප්‍රතිඵලයක් ලෙස යළිත් එම අලි පැටව් උඩවලව ඇත් අතුරු සෙවණ භාරයට පත් කෙරුණි.
පෞද්ගලික භාරකාරීත්වයේ පසුවන අලි ඇතුන් අත් විඳිනා අනේකවිධ වධ වේදනාවන් පිළිබඳ අටුවා ටීකා පැවැසීමට කිසිදු අවශ්‍යතාවක් නැත. මෙසේ පෞද්ගලික භාරයේ රඳවාගෙන සිටින අලි ඇත්තු අධික ලෙස වැඩ ගැනීම හා නිසි ලෙස ආහාර ලබා නොදීම වැනි කාරණා නිසා බොහෝවිට අකාලයේ මරණයට පත්වෙති. අකුණුසර වැදීමෙන් මෙවැනි හස්තීන් මියගිය අවස්ථා, ගංගාවල ගිලී මරණයට පත්වූ අවස්ථා ආදිය මඟින්ද තවදුරටත් හෙළි වන්නේ මෙම සතුන් නිසි පරිදි පෝෂණය නොකර අධික ලෙස වැඩ ගැනීමට අමතරව එම සතුන් අනාරක්ෂිතව බැඳ තැබීමද කරන බවය. තත්ත්වය එසේ තිබියදී මෙවැනි ඛේදවාචකයන්ගෙන් අලි ඇතුන් ආරක්ෂා කරගැනීම සඳහා නෛතික බලය හිමි සත්ත්ව අවිහිංසා පිළිබඳ අණ පනත්වලින්ද හීලෑ අලි ඉවත් කරන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට අලි ඇතුන්ද පිපාසිතව මහ දවාලේ අධික අවුරශ්මියේ රඳවාගෙන උද්ඝෝෂණ ව්‍යාපාර මෙහෙයවීමටද මෙම හිමියන් ඉතා නිර්ලජ්ජිත ආකාරයෙන් කටයුතු කළ ආකාරය අපට මතකය.
සීදේවි හස්තියාද අකාලයේ මරු වැලඳගත්තේ මෙවැනි පසුබිමක් සහිත පෞද්ගලික අලි හිමියකුගේ යටතේ බව අප අවධාරණය කරගත යුතුය. මෙවැනි බුදු දහමටද නිගරු වන අමානුෂික හා කෘෘර ආකාරයෙන් සතුන් රඳවාගෙන සිටීම මනසින් උසස් යැයි කියාගන්නා මිනිසුන්ට කිසිසේත්ම තරම් නොවන බව කිවයුතු නැත. එවැනි පසුබිමක මිනිසුන්ටද යහමඟ පෙන්වමින් නිර්වාණ මාර්ගයේද ෙදාරටුව අසලම පසුවෙන යතිවරුන් මේ ආකාර හැසිරීම් දැක්වීම කාගේනම් අවාසනාවක්ද යන්න විමසිය යුතුය.
තවද වනජීවී විෂය භාර ඇමැති විජිත් විජයමුණි සොයිසා පසුගියදා උඩවලව ඇත් අතුරු සෙවණ වෙත ලැබෙන වනාන්තරයෙන් අතරමං වූ අලි පැටවුන්ගෙන් සියයට විසිපහක් මෙවැනි පෞද්ගලික අලි හිමියන් අතට පත්කිරීමට කැබිනට් මණ්ඩලයේ අවසරය ලබාගත් බවද දැනගන්නට ලැබේ.
මෙම සියලුම පාපකාරී ක්‍රියාවන් සිදුවන රටක සිට ආසියාවේ ආශ්චර්ය පිළිබඳ අප දකින සිහින ඉටුකර ගත හැකිවේද යන්න ගැටලුවකි. අලියා මිය ගියේ කොළොන්නාවේ සුමංගල හිමියන්ට එරෙහි කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන්ද, එසේ නොමැති නම් සුමංගල හිමියන්ගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන් දැයි කීමට අපි නොදනිමු.
කෙසේ නමුත් හීලෑ අලි ඇතුන්ට එරෙහිව අමානුෂික මස් වැද්දන් එල්ල කරන පීඩනය අවම කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මෙම අවාසනාවන්ත සිදුවීම හෝ ඉවහල් වේවායි අපි සැබෑ බෞද්ධයන් ලෙස ප්‍රාර්ථනා කරමු.
කළුතර කැලිඩෝ වෙරළේ සිදුවන කැස්බෑ සංහාරය පාලනය සඳහා පියවර ගන්නේ කවදාද ?
කළු ගඟ මුහුදට ගලා බසින මෝය අශ‍්‍රිතව කළුතර කැලිඩෝ වෙරළේ මේ වනවිට මහා පරිමාණයෙන් සාගර කැස්බෑවන් මස් පිණිස ඝාතනය කිරීමේ ජාවාරමක් ක‍්‍රියාත්මක වන බව අප සංවිධානයට තොරතුරු ලැබී ඇත. නමුත් කලක සිට සිදුකෙරෙන මෙම කැස්බෑ සංහාරය පාලනය කිරීම සඳහා කිසිවකුත් මේ දක්වා උනන්දුවී නොමැතිබව අපගේ වැටහීමයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු ගණනාවක් මහජන මුදලින් යැපෙන රටක මෙසේ ජාතික සම්පත් වැනසී යමින් තිබියදී අදාල බළධාරීන් නිද්‍රා සහගතව පසුවීම අවාසනාවකි. විශේෂයෙන් මෙම ප‍්‍රදේශයේ සිදුවන කැස්බෑ සංහාරයට පොලීසියේ හා ඇතැම් ආරක්ෂක අංශවලද රැුකවරණය ලැබෙන බව ප‍්‍රදේශයේ ජනතාව අතර මතයක් ඇතග එහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් මෙම ජාවාරම්කරුවන් කිසිඳු බියකින් හා සැකයකින් තොරව මෙම සත්ව ඝාතන සිදුකිරීමට තරම් නිර්භීත වීමට හේතුවී ඇත්තේ එම තත්වය විය හැකි බව ද උපකල්පනය කල හැක.ප‍්‍රදේශයේ පිහිටා ඇති සංචාරක හෝටල් වලින් මස් හා කැස්බෑ බිත්තර සඳහා ඇති දැඩි ඉල්ලූම නිසා මෙම අපරාධය ජාවාරම්කරුවන්ට ඉතා පහසු ධනෝපායන මාර්ගයක් බවටද පත්වී ඇත. විශේෂයෙන් ශ‍්‍රී ලංකාවේ දකුණු දිග වෙරළේ ස්ථාන කිහිපයක වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හා පවුද්ගලික මැදිහත්වීමෙන් සිදුකරගෙන යන කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘති කිහිපයක් පැවතුනද ඒ හැර දිවයින වටා බොහෝ වෙරළ වෙත බිජු දැමීම සඳහා පැමිණෙන කැස්බෑවන්ගේ ඉරණම ඉතාමත් ඛේදනීය එකක් බව අවධාරණය කල යුතුය. මේ වනවිට කළුතර කැලිඩෝ වෙරළේ සිදුවන කැස්බෑ සංහාරය ද එවැන්නකි.මීට වසර මිලියන 100 කට පමණ පෙර මිහිමත බිහිවන්නට ඇතැයි විශ්වාස කෙරෙන කැස්බෑවන් මේ දක්වාම ඉතා සුළු වෙනස්කම් වලටභාජනය වෙමින් අඛණ්ඩව මිහි මත තම පැවැත්ම තහවුරු කරගැනීම ට තරම් සාර්ථක සත්ව කණ්ඩයක් බවට පත්ව ඇත. නමුත් දැනට මිහිමත වෙසෙන්නේ විශේෂ අටකට අයත් කැස්බෑවන් පමණක් වන අතර එයින් විශේෂ පහක් ශ‍්‍රී ලංකාවේ වෙරළට බිත්තර දැමීම සඳහා පැමිණීම විශේෂ කරුණකි. එනම් දාර කැස්බෑවා, පොතු කැස්බෑවා, ඔළු ගෙඩි කැස්බෑවා, ගල් කැස්බෑවා, හා බටු කැස්බෑවා වශයෙනි.
මෙම කැස්බෑවුන්ගේ විශේෂ චර්යාවක් වනුයේ එම සතුන් උපත ලබන වෙරළ වෙතම පෙරලා බිත්තර දැමීමට පැමිණීමය. යම්කිසි වෙරළක උපත ලබා සාගරය වෙත නික්මයන පිරිමි කැස්බෑවුන් යලිත් කිසිඳු අවස්ථාවක ගොඩබිම් වෙත පැමිණෙන බවක් වාර්තා වී නොමැත. නමුත් කැස්බෑවියන් තම වර්ගයා බෝකිරීම සඳහා බිත්තර දැමීමට තමන් ඉපදී සාගරය වෙත නික්ම ගිය වෙරළ වෙතම කිලෝමීටර දහස් ගණනක් ගෙවා යලිපැමිණීම සත්ව ලෝකයේ දැකියහැකි ඉතා විශ්මිත හැසිරීම් රටාවකි. නමුත් එසේ පැමිණෙන කැස්බෑවන් දිගින් දිගටම ඝාතනය කිරීම නිසා මෙන්ම බිත්තර පැහැරගැනීම නිසා එන්න එන්නම ශ‍්‍රී ලංකාවේ වෙරළවෙත පැමිණෙන කැස්බෑවන් ප‍්‍රමාණය පහල යමින් පවතී. බලධාරීන් මේ පිළිබඳව කඩිනමින් අවධානය යොමු නොකළහොත් ඉදිරියේදී කිසිඳු කැස්බෑවියක බිත්තර දැමීම සඳහා මෙරට මුහුදු වෙරළ වෙත නොපැමිණීමට ඉඩ ඇත.
එමගින් ඒ ඔස්සේ සංචාරක කර්මාන්තයේ යෙදෙන හා සංරක්ෂණ ව්‍යාපෘති මගින් තම ජීවිකාව සරිකරගන්නා පුද්ගලයින් රැුසකට ආර්ථික බලපෑම් ඇතිවේ. එසේම අතීතයේ සිටම ආගන්තුක සත්කාරයට නමක් දරාසිටින ශ‍්‍රී ලාංකීය අප, දුරකතර ගෙවාගෙන මවු පදවිය ලැබීමේඅපේක්ෂාවන්මෙරටටපැමිණෙනමෙ
එබැවින් මේ පිළිබඳව සක‍්‍රීය ලෙස මැදිහත්ව අසරණ කැස්බෑ සම්පත ආරක්ෂාකර ගැනීම සඳහා පියවර ගැනීමසියලූ දෙනාගේම යුතුකම හා වගකීම බව අවධාරණය කරමු.
සුපුන් ළහිරු ප‍්‍රකාශ්
ශ‍්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය