Showing posts with label Activities. Show all posts
Showing posts with label Activities. Show all posts

Sunday, November 30, 2014

“අසිරිමත් ජෛව ලෝකය” පාසල් දරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහන


ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය මගින් සංවිධානය කල  “අසිරිමත් ජෛව ලෝකය” පාසල් දරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහන ගම්පහ උඩුගම්පොළ ප්‍රාථමික විදුහලේදී පැවැත්වුණි.


 
අලි ඇතුන් හා රයිනෝ වෙනුවෙන් ගෝලීය පා ගමනක්

ඔක්තෝබර් හතර වැනිදාට යෙදෙන අන්තර්ජාතික සත්ව දිනය වෙනුවෙන් පැවැත්වුණු පා ගමනක්  කොළඹදී පැවැත්වීමට පරිසර සංවිධාන කිහිපයක් විසින් කටයුතු කරන ලදී. " සතුන් තුරන් කෙරෙන, සත්ව ජාවාරම පරාජය කල හැකි වන්නේ සැබෑ ගෝලීය එකමුතුවක් තුලින් පමණි යන්න මෙවර සත්ව දිනයේ තේමාවයි.

ඒ අනුව මේ වනවිට දැඩිව සත්ව ජාවාරමට ගොදුරුවන අලි ඇතුන් හා රයිනෝ සතුන් වෙනුවෙන් ගෝලීය පාගමනක් සංවිධානය කිරීමට අන්තර්ජාතික පරිසර සංවිධාන කටයුතු සූදානම් කරන ලද අතර එහි මෙරට සැමරුම මෙසේ කොළඹදී පැවැත්විනි.

උදේ 9.30 ට කොළඹ හෙන්රි පෙදිරික් උද්‍යානයෙන් ගමන් ආරම්භ කෙරුණු මෙම පාගමන විහාරමහා දේවී එළිමහන් රංග පීඨය දක්වා ගමන් කරණ ලද අතර එහිදී දැනට ශ්‍රී ලංකාව තුලද ඉතා විනාශ කාරී ලෙස ක්‍රියාත්මක වන අලි පැටවුන් ජාවාරම පිළිබඳව ජනතාවගේ අවධානය ඇතිකෙරෙන දේශන කීපයක්ද පැවැත්විණි. ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයද මෙහි එක් සංවිධායකයෙකු ලෙස තම දායකත්වය දැක්වීය.






පදවිය, වැලිඔය කොට්ඨාශවල පාසල් සඳහා පුස්තකාල පොත්...

පදවිය හා වැලිඔය අධ්‍යාපන කොට්ඨාශ වලට අයත් පාසල් සඳහා පුස්තකාල පොත් පිරිනැමීමේ වැඩසටහනක් පසුගියදා ත්‍රී / පලුගහවංගුව මහා විද්‍යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය විසින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනේදී අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ඉතා දුර බැහැර ප්‍රදේශයක පිහිටා ඇති පදවිය හා වැලිඔය අධ්‍යාපන කොට්ඨාශ වලට අයත් පාසල් විසි හතරක් සඳහා පුස්තකාල පොත් ලබාදීම සිදුකරන ලදී.