ඉකුත් දෙවැනිදාට යෙදුනු
අන්තර්ජාතික තෙත්බිම් දිනයේ මෙවර තේමාව වුයේ “තෙත්බිම් හා කෘෂිකර්මය ” යන්නයි.
නමුත් පුරුදු ලෙසම උත්කර්ෂවත් අන්දමින් තෙත්බිම් දිනය සැමරූ දේශපාලන අධිකාරියද ,
නිලධාරීන්ද , බලධාරීන්ද මෙ මොහොතේ නැවතත් ශ්‍රී ලංකාවේ අගනුවර තදාසන්න ඉතා වැදගත්
සමුද්‍රාසන්න තෙත්බිම් පරිසර පද්ධතියක් වන මුතුරාජවෙල බිලිගැනීමට පිඹුරුපත්
සකස්කරමින් සිටින බව ඉතා අවධාරණයෙන් ප්‍රකාශකර සිටිමු.
මීගමුව කටුනායක ජාත්‍යන්තර
ගුවන් තොටුපලේ සිට කොළොඹ දක්වා දෙවෙන අධිවේගී විදුලි දුම්රිය මාර්ගයක් හා ඒ ආශ්රිත
සියලු සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත නගර දෙකක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා
මුතුරාජවෙල අභය භූමියට අයත් තෙත්බිම් අක්කර 150ක් මුල් අධියරයෙදී මෙසේ පෞද්ගලික
සමාගමකට බිලිදීමට නියමිතය. Airport
Express Air and Rail Company (Pvt) Ltd නැමති සමාගම උක්ත ව්‍යාපෘතිය
සඳහා ශ්‍රී ලංකා ආයෝජනා මණ්ඩලය වෙත ඉදිරිපත් කරනලද 2012 දෙසැම්බර් 13 දිනැති
අයදුම්පත්‍රයට අදාලව මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට කටයුතු දියත්වෙමින් පවතී. ඇමරිකානු
ඩොලර් මිලියන 800 ක වියදමින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම මහා නගර සංවර්ධන ව්‍යාපෘතිය
සඳහා අදාල ඉඩම් නිදහස් කර ගැනීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආයෝජන ප්‍රවර්ධන හා මහා
ව්‍යාපෘති පිලිබඳ විධායක අධ්යක්ෂ ශිවන් ද සිල්වා විසින් 2013 දෙසැම්බර් 05 දිනැති
EC/4/1718/12 අංක දරන ලිපිය මගින් වනජීවී අධ්යක්ෂ ජනරාල් වරයාගෙන් ඉල්ලීම් කර ඇත.
නමුත් මෙකී ව්‍යාපෘතිය
සිදුකිරීමට බලධාරීන් අවසර ලබාදුනහොත් දිවයිනේ අගනුවර ආසන්න ඉතා වැදගත් තෙත්බිම්
පරිසර පද්ධතියක් වන මුතුරාජවෙල අභය භුමියේ වනජීවී ප්‍රජාවට බරපතල බලපෑම් සිදුවන අතරම
ඒ මගින් සැලසුණු ඉමහත් සේවාව නොලැබී යාමෙන් ආශ්රිත ජනතාවටද දුෂ්කරතා රැසකට මුහුණ
දීමට සිදුවන බව අවධාරණය කරමු.
1989 වසරේදී ආසියානු
තෙත්බිම් නාමාවලියේ අන්තර්ජාතිකව වැදගත් වන ශ්‍රී ලංකාවේ තෙත්බිම් 41 අතරට ඈතුලත්
කරනලද මුතුරාජවෙල තෙත්බිමට අයත් හෙක්ටයාර් 1029ක භුමි ප්‍රමාණයක් වන සත්ව හා
වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනත යටතේ 1996 ඔක්තෝබර් මස 31 වැනි දින අංක 947/13 දරන ගැසට්
නිවේදනය අනුව අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී. මෙහි දැනට වාර්තාවී ඇති සත්ව
කාණ්ඩ 07 කට අයත් විශේෂ 449 ක වනජීවීන් ප්‍රමාණය මෙහි ජෛව විද්‍යාත්මක අගය කියාපාන අතරම ඒ අතරින්
විශේෂ 26 ශ්‍රී ලංකාවට අවේණික වීමද සුවිශේෂී කරුණකි.
මෙහි ඇති පාරිසරික
වැදගත්කමට නොදෙවැනි ආර්ථික හා සමාජීය වටිනාකම් රැසක්ද මුතුරාජවෙල මගින් ජනතාවට
සැලසෙයි. නමුත් එතරම් වටිනාකම් රැසකින් සමන්විත මුතුරාජවෙල තෙත්බිමේ ස්ථිරසාර
පැවැත්ම තහවුරු කිරීමට බලධාරීන් තවමත් කටයුතු නොකිරීම ජාතියේ අවාසනාවකි. අධිවේගී
දුම්රිය මාර්ගය හා බෝපිටිය හා කෙරවලපිටිය සුපිරි නගර ව්‍යාපෘතියද මෙම රමණීය
තෙත්බිම ගිලගැනීමට මාන බලන්නේ මෙවැනි පසුබිමකය. සුපිරි නිවාස සංකීර්ණ , හෝටල් , කඩ
සාප්පු , වෛද්‍ය මද්‍යස්ථාන , ක්‍රීඩාංගනය , ගොල්ෆ් පිටි ආදී සියලු සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත නගර
දෙකක් ඉදිකර පෞද්ගලික සමාගමකට කෝටි ගණන් මුදල් ඉපයීමට ඉඩ සලසා දෙමින් මුතුරාජවෙල
තෙත්බිම අශ්‍රිතව පරම්පරා ගණනක් ජීවත්වූ අසරණ ජනතාවගේ ජීවිත කබලෙන් ලිපට විසිකර
දැමීමට කටයුතු කරන මෙම ඊනියා සංවර්ධන ව්‍යාපෘතියට මුතුරාජවෙල තෙත්බිමේ හා අභය
භුමියේ ඉඩම් බිලි නොදීමට වගබලා ගැනීම නිලධාරීන්ගේ හා බලධාරීන්ගේ යුතුකම හා වගකීම
බව අප ඉතාමත් අවධාරණයෙන් සඳහන් කරනු කැමැත්තෙමු.
තවද 1980 අංක 47 දරන
ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1995 පෙබරවාරි 23 දිනැති අංක 859/ 14 දරන
ගැසට් නිවේදනය අනුව අභය භූමියක් තුල හෝ අභය භූමියක මායිමේ සිට මීටර් 100ක් ඇතුලත
යම් සංවර්ධන ක්‍රියාකාරකමක් සිදුකිරීමට ප්‍රථම පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියකට
යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබාගත යුතු වුවත් මෙම ව්‍යාපෘතිය සඳහා එවැනි
අනුමැතියක්ද ලබාගෙන ඇතිබවක් දැනගන්නට නැත. එබැවින් අප බලධාරීන්ගෙන් ඉතා ඕනෑ කමින්
ඉල්ලා සිටින්නේ සිදුවන්නට යන මහා විනාශයෙන් මුතුරාජවෙල අභය භුමිය ආරක්ෂාකර එහි
වටිනාකම් මතු පරම්පරා ගණනාවක් වෙනුවෙන් ඉතිරිකර තැබීමට කඩිනමින් මැදිහත් වන ලෙසය.
This comment has been removed by the author.
ReplyDeletehttp://www.sundaytimes.lk/141102/news/stalled-boi-project-to-acquire-muthurajawela-land-for-electric-rail-line-from-bia-to-colombo-125880.html
Delete
ReplyDeleteStalled: BoI project to acquire Muthurajawela land for electric rail line from BIA to Colombo
View(s):
A move by the Board of Investment (BOI) to obtain 150 acres of land from the Muthurajawela Sanctuary was rejected by the Department of Wildlife Conservation as it violated environmental laws, Parliament was informed yesterday.
“The BOI submitted a project proposal to the Wildlife Department seeking approval to obtain 150 acres from Muturajawela Sanctuary for a project for constructing an express electric railway line from the Bandaranaike International Airport , Katunayaka to Negombo and up to Colombo and also for associated development activities,” Chief Government Whip Dinesh Gunawardena said.
However, for the implementation of this project, about 600 acres of marshy lands within the Muthurajawela sanctuary would have had to be filled and this would have been harmful to the conservation of bio-diversity and the environmental balance of this wetland, he said.
Hence the Wildlife Department had informed the project proponent that this could not be allowed in terms of the provisions of the Fauna and Flora Ordinance.
The minister submitted this reply to Parliament yesterday in response to a question raised by Galle District MP Ajith Kumara. When the MP asked the name of the company which had sought to undertake the project, Minister Gunawardena said that the name would be submitted to the relevant consultative committee.
The total extent of the Muthurajawela sanctuary is 1028.62 hectares and there are 192 identified species of plants in it. It is also home to several endemic species of fish, reptiles, birds and mammals, the minister told the House.
-C.K.
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/02/140225_lanka_marsh_video
ReplyDeleteමුතුරාජවෙල අභය භුමිය ගිල ගැනීමේ සැලසුමක්
25 පෙබරවාරි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 18:03 GMT
ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න
ශ්‍රී ලංකාවේ අගනුවර ආසන්නයේ පිහිටි තෙත් බිමක් වන මුතුරාජවෙල අභය භූමියෙන් කොටසක් සංවර්ධන කටයුත්තක් සඳහා නිදහස් කර ගැනීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් පිඹුරු පත් සකස් කෙරේ.
මේ සඳහා වන අවසරය ඉල්ලමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක ශිවාන් ද සිල්වා විසින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීමක් කර ඇත.
මේ වන විට මැනුම් කටයුතු සිදු කර ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ පර්යේෂණ කවයේ සභාපති සුපුන් ළහිරු ප්‍රකාශ් කියා සිටියේ ආයෝජන මණ්ඩලය මුතුරාජවෙල අභය භූමියෙන් හා පරිවාරක කලාපයෙන් අක්කර හාරසිය පනහක බිම් කොටස් මේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉල්ලා ඇති බවයි.
කොළඹ- කටුනායක අධි වේගී විදුලි දුම්රිය හා ඊට සමගාමිව ඉදී කිරීමට යෝජිත නගර දෙක සඳහා මේ බිම් කොටස් ලබා ගැනීමට ඉඩ ඇති බව මේ වන විට වාර්තා වී ඇති බවයි සුපුන් ළහිරු ප්‍රකාශ් කියා සිටියේ.
Thank you very much
ReplyDelete