Thursday, May 26, 2016

ගංවතුර ඇති වීමට හේතු සහ ගංවතුර බැසගිය පසු ...



ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ පරිසරවේදී සුපුන් ළහිරු ප්‍රකාශ් මහතා සමග විවර ගුවන් විදුලිය කළ කතා බහ.

Friday, May 13, 2016

Conservation

ලෝක තෙත්බිම් දිනය වෙනුවෙන් පාසැල් දරුවන් දැනුම්වත් කෙරේ...  




ලෝක තෙත්බිම් දිනය සමරමින් ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය, පුත්තලම - තඹතලා පාරිසරික එකමුතුව සමග එක්ව සංවිධානය කෙරුණු පාසැල් දරුවන් දැනුම්වත් කිරීමේ  වැඩසටහන් දෙකක් පසුගිය දෙවැනිදා බත්තුළුඔය කනිෂ්ඨ විදුහලයේදී හා පිංකට්ටිය ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්විණි. අන්තර්ජාතික වැදගත්කමකින් යුතු රැම්සා තෙත්බිම් ලේඛනයට ශ්‍රී ලංකාවේ දෙවැනි රැම්සා තෙත්බිම ලෙස 2001 අගෝස්තු මස තුන්වන දින ලේඛනගත කෙරුණු පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ආනවිලුන්දාව තෙත්බිම පිළිබඳව ජනතාවගේ අවධානය යොමුකරවීම මෙහි අරමුණ විය. ආනවිලුන්දාව තෙත්බිමේ ජෛවවිවිධත්වය, පාරිසරික හා සමාජාර්ථික වැදගත්කම පිළිබඳව මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි. ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ සභාපති සුපුන් ළහිරු ප්‍රකාශ් මහතා විසින් මෙහි ප්‍රධාන දේශනය පැවැත්වීය. මීට සමගාමීව “ආනවිලුන්දාව - අපේ උරුමය සුරකින්නට අපි අත්වැල් බැඳ ගනිමු ! ” යන තේමාවෙන් වල්ඩ් විෂන් ආයතනයේ අනුග්‍රහය ඇතිව මුද්‍රණය කෙරුණු පෝස්ටරයක්ද එළිදැක්වුනි.