PROMOTION

අලි ඇතුන්ගේ ලෝකය ගැන දේශනයක් ...


පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය හා තරුණ ජනමාධ්‍යවෙීදීන්ගේ සංගමය මගින් සංවිධානය කරන පරිසර අධ්‍යයන පාඨමාලාවේ සාමාජිකයන් සඳහා 'අලි ඇතුන්ගේ ලෝකය' පිළිබඳව දේශනයක් පැවැත්වීමට, පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම් සහෝදරයාගේ ආරාධනයෙන් අවස්තාව ලැබුණා. එය 2018 මැයි 8 දින සවස් වරුවේ සමාජීය හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්වුණා.
එහිදී, දැනට මිහිමත දිවිගෙවන අප්‍රිකානු හා ආසියානු හස්ති විශේෂ පිළිබඳව හා ඔවුන් මුහුණදී සිටින වර්තමාන හා අනාගත අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්තාව ලැබුණා. එසේම ශ්‍රී ලංකාවේ අලි - මිනිස් අන්තර් සබඳතාවයේ වර්තමාන හා අනාගත ප්‍රවණතා, අභියෝග, අලි - මිනිස් ගැටුම් කළමනාකරණ උපක්‍රම, ඒවායේ අභියෝග, හා සාධනීය ප්‍රවේශයන් පිළිබඳව රැස්ව සිටි පිරිස ගැඹුරින් දැනුම්වත් කිරීමට අවස්තාව ලැබීම සතුටට කරුණක්.
ඒ සම්බන්ධව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ Ravindra Kariyawasam හා තරුණ ජනමාධ්‍යවෙීදීන්ගේ සංගමයේ Tharindu Iranga සොහොයුරන්ට ප්‍රණාමය හිමිවිය යුතුයි. ඒ වගේම අලි - ඇතුන් පිළිබඳව දැනුම ගවේෂණයට මා කුළුගැන්වූ ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතා ද මහත් ගෞරවයෙන් සිහිපත් කරමි.


ලෝක තෙත්බිම් දිනය වෙනුවෙන් පාසැල් දරුවන් දැනුම්වත් කෙරේ...  




ලෝක තෙත්බිම් දිනය සමරමින් ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය, පුත්තලම - තඹතලා පාරිසරික එකමුතුව සමග එක්ව සංවිධානය කෙරුණු පාසැල් දරුවන් දැනුම්වත් කිරීමේ  වැඩසටහන් දෙකක් පසුගිය දෙවැනිදාබත්තුළුඔය කනිෂ්ඨ විදුහලයේදී හා පිංකට්ටිය ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්විණි. අන්තර්ජාතික වැදගත්කමකින් යුතු රැම්සා තෙත්බිම් ලේඛනයට ශ්‍රී ලංකාවේ දෙවැනි රැම්සා තෙත්බිම ලෙස 2001 අගෝස්තු මස තුන්වන දින ලේඛනගත කෙරුණු පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ආනවිලුන්දාව තෙත්බිම පිළිබඳව ජනතාවගේ අවධානය යොමුකරවීම මෙහි අරමුණ විය. ආනවිලුන්දාව තෙත්බිමේ ජෛවවිවිධත්වය, පාරිසරික හා සමාජාර්ථික වැදගත්කම පිළිබඳව මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි. ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ සභාපති සුපුන් ළහිරු ප්‍රකාශ් මහතා විසින් මෙහි ප්‍රධාන දේශනය පැවැත්වීය. මීට සමගාමීව “ආනවිලුන්දාව - අපේ උරුමය සුරකින්නට අපි අත්වැල් බැඳ ගනිමු ! ” යන තේමාවෙන් වල්ඩ් විෂන් ආයතනයේ අනුග්‍රහය ඇතිව මුද්‍රණය කෙරුණු පෝස්ටරයක්ද එළිදැක්වුනි.

No comments:

Post a Comment