Sunday, November 30, 2014

“අසිරිමත් ජෛව ලෝකය” පාසල් දරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහන


ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය මගින් සංවිධානය කල  “අසිරිමත් ජෛව ලෝකය” පාසල් දරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහන ගම්පහ උඩුගම්පොළ ප්‍රාථමික විදුහලේදී පැවැත්වුණි.


 
අලි ඇතුන් හා රයිනෝ වෙනුවෙන් ගෝලීය පා ගමනක්

ඔක්තෝබර් හතර වැනිදාට යෙදෙන අන්තර්ජාතික සත්ව දිනය වෙනුවෙන් පැවැත්වුණු පා ගමනක්  කොළඹදී පැවැත්වීමට පරිසර සංවිධාන කිහිපයක් විසින් කටයුතු කරන ලදී. " සතුන් තුරන් කෙරෙන, සත්ව ජාවාරම පරාජය කල හැකි වන්නේ සැබෑ ගෝලීය එකමුතුවක් තුලින් පමණි යන්න මෙවර සත්ව දිනයේ තේමාවයි.

ඒ අනුව මේ වනවිට දැඩිව සත්ව ජාවාරමට ගොදුරුවන අලි ඇතුන් හා රයිනෝ සතුන් වෙනුවෙන් ගෝලීය පාගමනක් සංවිධානය කිරීමට අන්තර්ජාතික පරිසර සංවිධාන කටයුතු සූදානම් කරන ලද අතර එහි මෙරට සැමරුම මෙසේ කොළඹදී පැවැත්විනි.

උදේ 9.30 ට කොළඹ හෙන්රි පෙදිරික් උද්‍යානයෙන් ගමන් ආරම්භ කෙරුණු මෙම පාගමන විහාරමහා දේවී එළිමහන් රංග පීඨය දක්වා ගමන් කරණ ලද අතර එහිදී දැනට ශ්‍රී ලංකාව තුලද ඉතා විනාශ කාරී ලෙස ක්‍රියාත්මක වන අලි පැටවුන් ජාවාරම පිළිබඳව ජනතාවගේ අවධානය ඇතිකෙරෙන දේශන කීපයක්ද පැවැත්විණි. ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයද මෙහි එක් සංවිධායකයෙකු ලෙස තම දායකත්වය දැක්වීය.






පදවිය, වැලිඔය කොට්ඨාශවල පාසල් සඳහා පුස්තකාල පොත්...

පදවිය හා වැලිඔය අධ්‍යාපන කොට්ඨාශ වලට අයත් පාසල් සඳහා පුස්තකාල පොත් පිරිනැමීමේ වැඩසටහනක් පසුගියදා ත්‍රී / පලුගහවංගුව මහා විද්‍යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය විසින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනේදී අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ඉතා දුර බැහැර ප්‍රදේශයක පිහිටා ඇති පදවිය හා වැලිඔය අධ්‍යාපන කොට්ඨාශ වලට අයත් පාසල් විසි හතරක් සඳහා පුස්තකාල පොත් ලබාදීම සිදුකරන ලදී.



Friday, November 28, 2014

බුද්ධංගල  අභය භූමියත්  ඈවරයි ?

මෙරට වනාන්තර සහ ඉතා වටිනා පරිසර පද්ධති තම ග්‍රහණයට නතුකර ගැනීම සඳහා පටු අවස්‌ථාවාදී අමන දුර්ජනයන් දරණ ප්‍රයත්නයන් ඉතා සූක්‍ෂම හා දීර්ඝකාලීන ඒවා බව පරිසරයට ලැදි සෑම සියලු දෙනකුම ඉතා තරයේ සිහිතබා ගත යුතුව ඇත. ඔවුන්ගේ සාක්‌කුවට වැටුණු අඳ ගොළු බිහිරි බලධාරීන්ට මෙම තත්aත්වය කෙසේවත් වටහා ගැනීමට උවමනාවක්‌ නැතිවීම මෙම අධමයන්ට උඩගෙඩි දීමකැයි කීම වරදක්‌ නොවේ. අප මේ කතා කරන්නට යන්නේ අම්පාර නගරාසන්නයේ ඇති ඉතා වැදගත් වනජීවී රක්‍ෂිතයක්‌ වූ බුද්ධංගල අභය භූමියට අයත් ඉඩම් අක්‌කර 500 කට වැඩි ප්‍රමාණයක්‌ වන ජීවීන්ට අහිමි වීම පිළිබඳවය. නමුත් මෙම සටහන පසුවදනක්‌ මිස පූර්විකාවක්‌ නොවේ. එයට හේතුව මේ පිළිබඳව අප මූලින්ම "සොබාසර" මගින් හෙළිදරව් කළේ අදින් වසර තුනකට පෙර 2009 ජූලි 07 වැනිදා බැවිනි. නමුත් ඉතාමත් ෙ€දනීය තත්ත්වය නම් "කැළෑ පාළුවෝ බුද්ධංගල අභය භූමිය කොල්ලකති" මැයෙන් අප සිදුකළ කරුණු දැක්‌වීම පිළිබඳව අබමල් රේණුවක හෝ අවධානයක්‌ යොමු කිරීමට වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීමයි.

ශ්‍රී ලංකාවේ හතළිස්‌ වැනි අභය භූමිය ලෙස ප්‍රකාශයට පත්කරන ලද බුද්ධංගල අභය භූමියට අදාළ ගැසට්‌ නිවේදනය නිකුත් වන්නේ වර්ෂ 1974 නොවැම්බර්Êමස පළමුවැනිදාය. එහි සඳහන් බුද්ධංගල අභය භූමියේ වපසරිය හෙක්‌ටයාර් 1841.4 කි. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර මෙන්ම කටු පඳුරු සහිත ලඳු කැළෑ වලින්ද සුසැදි බුද්ධංගල අභය භූමිය අලි ඇතුන්ගේ සිට විහිදුණු ඉතා පෘථුල ජෛව විවිධත්වයකට උරුමකම් කී බව නොරහසකි. වියළි කාලයට ප්‍රදේශයේ ජලය රැඳී ඇති ඉතා සීමිත ස්‌ථාන කිහිපයකින් එකක්‌ වන වලතාපිටිය වැව මෙම අභය භූමිය තුළ පිහිටා තිබීම නිසා නියං සමයේ දී සියයකට වැඩි වන අලි රංචුවක්‌ මේ වෙත පැමිණෙන බව මෙම ලියුම්කරු විසින්ද නිරීක්‌ෂණය කර ඇත. එසේම සෙසු සත්ත්ව සහ ශාක විශේෂ

රැසකට තෝතැන්න වීම නිසා මෙන්ම තදාසන්න බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ පිහිටා ඇති ඉපැරැණි පුරාවිද්‍යාත්මක නටබුන්ද මෙකී වනජීවී රක්‌ෂිතයේ වටිනාකම තීවෘ කර ඇති බව නොකියාම බැරිය. ඒ මතුද නොව මෙමගින් උකහා ගන්නා වර්ෂා ජලය මගින් පෝෂණය වන වලතාපිටිය සහ වීරගොඩ, තිස්‌සපුර වැව්ද පොදු ජන සුවසෙත සාදමින් කියා පාන්නේ බුද්ධංගල අභය භූමියේ මහිමය බව අවධාරණය කළ යුතුය.

මේසා වටිනාකම් රැසක්‌ සහිත බුද්ධංගල අභය භූමියේ ඉඩම් අත්පත් කර ගැනීමට ප්‍රදේශයේ මුස්‌ලිම් දේශපාලකයන් පිරිසකගේ හා අම්පාර සම්මන්තුරේÊප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල උසස්‌ පරිපාලන නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සංවිධානාත්මක පිරිසක්‌ කටයුතු ආරම්භ කළේ අප ඉහත සඳහන් කළ පරිදි මීට වසර තුනකටත් පෙර සිටදීය. නමුත් ඒ කටයුත්ත සාර්ථක කර ගැනීමට ඔවුනට නොහැකි වූයේ සැබෑ ලෙසම මෙරට වනජීවී සම්පත ආරක්‌ෂා කිරීමට දිවි හිමියෙන් කැපවූ ප්‍රාදේශීය වනජීවී නිලධාරීන්ගේ ලේ දහදිය මතින් බව නොකියාම බැරිය. නොබෝදා විශ්‍රාම ලැබූ නැගෙනහිර වනජීවී සහකාර අධ්‍යක්‌ෂවරයාවද තමන්ගේ සාක්‌කුවට දමා ගැනීමට මෙකී අමනයන් කටයුතු කර තිබුණද ඒ ක්‍රියා කිසිවක්‌ සාර්ථක නොවුණේ සොබාදහමේ වාසනාවකට විය යුතුය.

මෙම අභය භූමියේ දිවි ගෙවන අලි ඇතුන් වලතාපිටිය වැව ඔස්‌සේ අම්පාර, කල්මුණේ ප්‍රධාන මාර්ගය පසුකර දීඝවාපිය, පල්ලෙකාඩු, මාන්තෝට්‌ටම ආදී බැඳි වන කුට්‌ටි ඔස්‌සේ සාගමම් අභය භූමිය හා ලාහුගල ජාතික උද්‍යානය දෙසට සංක්‍රමණය වීමේ ලක්‌ෂණ පෙන්නුම් කරයි. මෙම අලි රංචුව සාගමම් වැව වෙතද සංක්‍රමණය වන ආකාරය විශේෂයෙන් හඳුනාගත හැකි හස්‌ති සාමාජිකයන්ගේ නිරීක්‌ෂණ මගින් තහවුරු කර ගැනීමටද මෙම ලියුම්කරුට හැකිවී ඇත. නමුත් මෙම හස්‌ති සංක්‍රමණයටද තීරණාත්මක සාධකයක්‌ වී තිබුණේ වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉදිකර තිබූ කිලෝමීටර් 21 ක්‌ දිග විදුලි වැටය. වන අලින්ට යම්කිසි අසාධාරණයක්‌ වී තිබියදී පවා මෙම විදුලි වැට මගින් ප්‍රදේශයේ වන අලි මිනිස්‌ ගැටුම අවම කර ගැනීමට වනජීවීය කටයුතු කළේ පැවති හොඳම විකල්පය එය බැවිනි.

නමුත් අද වන විට මෙම විදුලි වැටටද ඇතුළතින් පිහිටි ඉඩම් අක්‌කර 500 ක්‌ කොල්ලකෑමට අවස්‌ථාවාදීන් කටයුතු කර ඇත්තේ ඉතාම අවාසනාවන්ත ආකාරයටය. මෙතෙක්‌ කලක්‌ මෙම අභය භූමිය රැකගැනීමට උරදුන් සැබෑ වනජීවී නිලධාරීන්ට නායකත්වය ලබාදීමට ඉහළ පුටුවට පැමිණි අනුප්‍රාප්තිකයා මෙහිදී සිදුකළ යුත්තේ එම කටයුත්ත තවදුරටත් ඉදිරියට ගෙන යැම බව අපගේ වැටහීමයි. ඒ මන්ද යත් එමගින් දැනට මෙම ප්‍රෙaදශයේ යම් තරමකින් හෝ පාලනය වී ඇති අලි මිනිස්‌ ගැටුම සංසිඳවීමට එමගින් යම් පිටිවහලක්‌ ලැබෙන බැවිනි.

මේ ආකාරයෙන් වලතාපිටිය වැව ඉහත්තාවේ ඇති වනජීවී ඉඩම් වන සතුන්ගෙන් උදුරා ගැනීමෙන් අනාගතයේදී වන අලින්ට වලතාපිටිය වැව වෙත අවතීර්ණ වීමට නොහැකි වීමෙන් ඉතා භයානක අලි මිනිස්‌ ගැටුමක්‌ ඇතිවීමට ඉඩ ඇති බව අවධාරණය කළ යුතුය. මෙවැනි පසුබිමක්‌ තුළ ඉතාම අවාසනාවන්ත ලෙස සියල්ල උඩු යටිකුරු කරමින් සීමිත පිරිසකගේ පටු අවශ්‍යතා ඉටු කිරීමට පාලක කාරකාදීන් මෙම හස්‌ති නිජබිම මිනිස්‌ ජනාවාසයක්‌ බවට පෙරළීමට උත්සාහ දරන්නේ කුමන වනජීවී සංරක්‌ෂණ හා කළමනාකරණ න්‍යායයකට අනුකූලව දැයි අපි ප්‍රශ්න කර සිටිමු.

පසුගිය යුද වාතාවරණය නිසා නැගෙනහිර පළාතේ වනජීවී රක්‌ෂිත වෙත මිනිසුන්ගේ ආක්‍රමණ එතරම් සුලබ නොවීමෙන් වනජීවී වාසස්‌ථානවලට යම් රැකවරණයක්‌ ලැබී තිබුණු බව පශ්චාත් යුද සමයේ අද වන විට සිදුවන මෙවන් ඉඩම් මංකොල්ලයන් සාක්‌ෂි දරණ බව අපගේ වැටහීමයි. යුද්ධය නිමා වීමත් සමගම මෙම ප්‍රදේශ සංවර්ධනය කිරීමේදී බලධාරීන් ඉතා අවදියෙන් යුතුව ඒ කටයුතු සිදුකළ යුත්තේ එසේ නොවුණහොත් අද වනවිට යම් තරමකින් පාලනය වී ඇති අලි මිනිස්‌ ගැටුම ඉතා කනගාටුදායක තත්ත්වයට ඉහළ යැම නොවැළැක්‌විය හැකිය.

එසේම බලධාරීන් මේ වරද ඉතා කඩිනමින් නිවැරැදි කිරීමට අපොහොසත් වුවහොත් එය නැගෙනහිර පළාතේ සෙසු වනජීවී රක්‌ෂිත ආරක්‌ෂා කිරීමටද නරක පූර්වාදර්ශයක්‌ විය හැකි බව ඉතා අවධාරණයෙන් ලියා තැබිය යුතුය.

ඡායාරූප - තාරක කුසුමින්ද
පින්නවල සාමාගෙ දුක විකුණගෙන කන්නෙ කවුද?

පින්නවල අලි අනාථාගාරයට ගොස් ඇති ඕනෑම කෙනකුගේ සිතෙහි නිතැතින්ම රැඳී ඇති මතකයක් වෙත්නම් ඒ 'සාමා' පිළිබඳ මතකය බව නිසැකය. ත්‍රස්තවාදී යුද්ධයේ අමානුෂිකත්වය හේතුවෙන් පාදයක කොටසක් අහිමිව ආබාධිත තත්ත්වයට පත්ව සිටි සාමා පින්නවල අලි රංචුවේ නොමඳ සහයෝගය නිසා කෙසේ හෝ ආයාසයෙන් තම ජීවිත ගමන ඉදිරියටම ගෑටුවාය. නමුත් කලක සිට ඇය පසුවන්නේ රෝගාතුරව එක්තැන්ව පින්නවල අලි අනාථාගාරයේ අංගණයක යකඩ වැටකට බරදීගෙනය. බොහෝ දෙනකුට වාසනාව කැන්දමින් පින්නවල අලි අනාථාගාරය තුළ තම ජීවිතයේ වැඩි කාලයක් ගෙවා දැමූ සාමා මේ වන විට තම ජීවිතයේ අවසන් භාගය ගෙවා දමමින් සිටින්නේ අලි ඇතුන් පරිබාහිර සංරක්‍ෂණය පිළිබඳව ඉතා දරුණු විවේචනයක් අප හමුවේ ඉතිරි කරමිනි.


1994 වසරේදී පමණ සාමා වනජීවී නිලධාරීන්ගේ ඇස ගැටෙන්නේ පොළොන්නරුව ප්‍රදේශයේ වනාන්තරයකදීය. එවකට වයස අවුරුදු හයක් පමණ වූ මෙම ඇතින්නගේ දකුණු පාදයේ පහළ කොටස බිම් බෝම්බයකට හසුවී විනාශ වී තිබිණි. කෙසේ නමුත් තවදුරටත් ජීවත් වීමට තරම් වාසනාවන්ත වූ සාමා දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය වෙත රැගෙනවිත් ප්‍රතිකාර ලබාදෙන ලදී. එම ප්‍රතිකාරවලින් සුවය ලද සාමා පින්නවල අලි නිවහන තමන්ගේ වාසස්ථානය බවට පත්කර ගන්නේ 1996 වසරේ සිටය. එතැන් සිට තම ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කළ සාමා පින්නවල සහෝදර අලි සාමාජිකයන්ගේ අත් උදව්වෙන් දිවි ගමනේ ඉදිරියටම ගමන් කළාය. පාදයේ කොටසක් අහිමි වීම නිසා සාමා ඇවිදින විට එම ගමන ඇගේ කොඳු නාරටියට බලපෑම් ඇති කළද සාමා දිවි ගමන අත්හැරියේ නැත. ඇය කලක් ගත වන විට ඇයගේ ගමනට හුරු වූවාය. ඇගේ සිරුරද ඊට අනුගත විය.


දෙදාහ වසරේ මාර්තු මාසයේදී පමණ ජර්මනියේ වෛද්‍යවරියක විසින් සාමාගේ පාදයට බොරු කකුලක් සවි කිරීමට කටයුතු කරන ලදී. නමුත් ඒ වන විට සාමා අහිමි පාද කොටස සමඟ ජීවිතයට හුරුවී තිබුණු නිසා ඇය බොරු කකුල ප්‍රතික්ෂේප කළාය. දෙවැනි වර ඇය නිර්වින්දනය කර පාදය සවි කළද ඇය නැවැත එය ප්‍රතික්ෂේප කළාය.
නමුත් පින්නවල අලි අනාථාගාරයේ ජීවත්වන අලි ඇතුන්ගේ සහ ඇත් ගොව්වන්ගේ සුබ සාධනය වෙනුවෙන් ලකී සාමා අරමුදල (ඹ්භජඬර ඉචථච ජ්භදඤ) ආරම්භ වන්නේ මෙම උත්සාහය ව්‍යර්ථ වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එම අරමුදල සාමා විසින් පින්නවලට කැන්දන ලද වාසනාවය. පින්නවල අලි අනාථාගාරයට ස්කෑනර් යන්ත්‍රයක්ද ලබාදීමට එම අරමුදල සමත් විය.


කාලය ගෙවී ගියේ විහඟ වේගයෙනි. තම ශරීරයේ ආබාධය නිසා සාමා වයසටත් කලින් වියපත් වූවාය. ඇගේ ආබාධිත තත්ත්වය උත්සන්න වීම නිසා ඇය මේ වසර මුලදී එක්තැන් වූවාය. පින්නවල අලි අනාථාගාරයේ අංගණයක යකඩ වැටකට බරදී මැරි මැරී ඉපදෙමින් තම ජීවිතයේ අවසන් කොටස ගෙවා නිම කරගත නොහැකිව සාමා තවමත් ළතැ වෙන්නීය. බොහෝ දෙනකුට වාසනාව කැන්දූ සාමා අවසන් ගමන් යෑමට නොහැකිව තවමත් ළතැ වෙන්නේ හදවතක් ඇති ඕනෑම අයකුගේ නෙතට කඳුළක් ජනිත කරවමිනි. නමුත් මෙම අහිංසක සත්ත්වයාගේ ජීවිතය වෙනුවෙන් වගකිවයුතු සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ හෝ පින්නවල අලි අනාථාගාරයේ බලධාරීන්ට ඒ වේදනාව නොදැනීම කනගාටුවට කරුණකි.


රෝගාබාධවලට ලක්ව දීර්ඝකාලීනව එක්තැන් වන සතුන් පිළිබඳව තීරණ ගැනීම පශු වෛද්‍යවරුන්ට හෝ සත්ත්ව සෞඛ්‍ය හා කළමනාකරණය පිළිබඳ වෘත්තිකයන්ට නැවැත ඉගැන්විය යුතු දෙයක් නොවේ. නමුත් එසේ තිබියදී පින්නවල අලි අනාථාගාරයේ, සියලුම නරඹන්නන්ටත් ඇස ගැටෙන ස්ථානයක අපා දුක් විඳිමින් සාමා තවමත් රැඳී සිටියදී එම සත්ත්වයා විඳින දුක බලධාරීන්ගේ ඇස නොගැටීම විමතියට කරුණකි. මේ පිළිබඳව සොයා බැලීමට පසුගියදා පින්නවල අලි අනාථාගාරය වෙත ගිය අපගේ ඇස ගැටුණු සාමා අෑඳුණු සිදුවීම් නම් මනුෂ්‍යත්වයටද නිගා දෙන ආකාරයේ නිවට හා නිර්ලජ්ජිත ඒවා බව අවධාරණය කළ යුතුය. බරපතළ තත්ත්වයෙන් පසුවුණු සාමාට නරඹන්නන්ගෙන්ද එල්ල වන බලපෑම දුරලීම සඳහා එම සත්ත්වයා මඳක් අෑතින් බැ¼ද තැබීමට බලධාරීන්ට හැකියාව ඇත. නමුත් ඔවුන් සිතා මතාම එසේ නොකර සියලුම නරඹන්නන්ට පෙනෙන පරිදි මෙම සත්ත්වයා ගාල්කර තැබීමට හේතුව කුමක් විය හැකිද? ඊට හේතුව නම් මෙම අසරණ සත්ත්වයාද විකුණාගෙන කමින් ඇතැම් ඇත්ගොව්වන්ට මනුෂ්‍යත්වයටද නිගා දෙවීමට බව අපට නිරීක්ෂණය කළ හැකි විය. විශේෂයෙන් විදේශීය නරඹන්නන් සාමා නැරඹීමට පැමිණෙන අවස්ථාවලදී මෙම සත්ත්වයාගේ ආහාර හා සෞඛ්‍ය කටයුතු සඳහා බව පවසමින් සම්මාදම් එකතු කිරීමට ඇතැම් ඇත්ගොව්වන් කටයුතු කළ ආකාරය අපට නිරීක්‍ෂණය කළ හැකි විය.
අප හිතවත් පරිසර ක්‍රියාකාරිනියකද මෙම තත්ත්වය තහවුරු කළ අතර ඇය පැවැසුවේ මෙම ඛේදවාචකයට මුහුණ දුන් විදේශිකයකු විසින් ඒ පිළිබඳව ඔහුගේ රටේ සත්ත්ව සුබසාධන සංවිධානයකට පැමිණිලි කරනු ලැබ එම සංවිධානය මෙම පරිසර ක්‍රියාකාරිනියගෙන්ද කරුණු විමසූ බවය.






අවිධිමත් සංචාරක ව්‍යාපාරය නිසා අයාලේ යන යාල...

“යාල ජාතික උද්‍යානය” යන නම ඇසූ පමණින් අමන්දානන්දයට පත් වන වනජීවී ලෝලීන් අතර දේශීය මෙන්ම විදේශීය ජනතාව ද අතොරක්‌ නැත. වන ජීවී හා වෘක්‌ෂලතා ආරක්‌ෂක ආඥ පනත යටතේ ප්‍රකාශයට පත් කර ඇති වනජීවී රක්‌ෂිත අතරින් යාල ජාතික උද්‍යානයට එතරම් ආරක්‌ෂණයක්‌ ලැබී ඇත්තේ එහි ඇති අද්වීතීය ජෛවවිවිධත්වය හා එකිනෙකට වෙනස්‌ පරිසර පද්ධතීන් ගණනාවකින් සමන්විත වීමයි. එමඟින් මෙරට වනජීවී සංරක්‌ෂණයට හා සංචාරක කර්මාන්තයට ලබා ගත හැකි දායකත්වය ද ඉමහත් ය. එහෙත් අද වන විට යාල ජාතික උද්‍යානය තුළ සිදු කෙරෙමින් පවත්නා අක්‍රමවත් හා අදූරදර්ශී සංචාරක ක්‍රියාකාරකම් නිසා යාල ජාතික උද්‍යානයට උදා වී ඇත්තේ ඉතා දුර්භාග්‍ය සම්පන්න තත්ත්වයක්‌ බව නො කියා ම බැරි ය.
පසුගිය කාලයේ දොaෂදර්ශනයට ලක්‌ වූ යාල ජාතික උද්‍යානය තුළ පෞද්ගලික සංචාරක සමාගම් විසින් ඉදි කරන ලද කඳවුරු බිම් ජනපති නියෝගයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරුණ ද සෆාරි ජීප් රථකරුවන් ගේ ක්‍රියාවන් ගෙන් ජාතික උද්‍යානයට එල්ල වී ඇති බලපෑම ඉවත් කිරීමට කිසිවකුත් ඉදිරිපත් වී නැත. මෙනිසා යාල ජාතික උද්‍යානය ආයාලේ යන බවක්‌ දක්‌නට ලැබේ.
දීර්ඝ කාලීනව ලබාගත හැකි පාරිසරික හා ආර්ථික ප්‍රයෝජන පසෙක දමා බාගෙන කෑමට ඇති වළ ඉහගෙන කෑමට මෙකී විනාශකාරී පිරිස්‌වල යොමු වීම වහා නවතා නො දැමුව හොත් තවත් වැඩි කලක්‌ මෙහි ජෛවවිද්‍යාත්මක වටිනාකම් රඳවාගත නො හැකි වනු ඇත. සීමාවක්‌ නොමැති ව නොයෙක්‌ ආකාරයේ රථ වාහන උද්‍යානය තුළට ඇතුළු කිරීමත්, ඒවා අසීමාන්තික වේගයෙන් උද්‍යානය තුළ ගමන් කිරීමත්, නියමිත වේලාව ඉක්‌මවා උද්‍යානය තුළ රඳවා තැබීමත් නිසා වනෝද්‍යානයේ පැවැත්මට බරපතළ තර්ජන එල්ල වී ඇති බව අපට පසුගිය දිනක යාල ජාතික උද්‍යානයේ සිදු කළ සංචාරයක දී පෙනී ගියේ ය.
වර්ෂ එක්‌ දහස්‌ නව සියයේ දී පමණ, වන සංරක්‌ෂක ගේ නිර්දේශය මත රජය විසින් කැළෑ ආඥ පනතේ දෙවැනි ඡේදය යටතේ මැණික්‌ ග`ග හා කුඹුක්‌කන් ඔය අතර පිහිටි වර්ග සැතපුම් එක සිය හැටක ප්‍රමාණයක්‌ යාල රක්‌ෂිතය ලෙස ප්‍රකාශයට පත් කිරීමේ සිට එදා මෙදා තුර මෙහි පැවැත්ම සම්බන්ධයෙන් සෘජු මැදිහත් වීම සිදු කළේ වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවෙන් බව නොරහසකි. එහෙත් අද වන විට සංරක්‌ෂණය පසෙක දමා උද්‍යානයෙන් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ පමණක්‌ සලකා කටයුතු කිරීමට වනජීවී දොපාර්තමේන්තුවේ ඉහළ සිට පහළ ම පරිපාලන ධුරාවලිය කටයුතු කරමින් සිටීම යාල ජාතික උද්‍යානයට කණකොකා හැ`ඩීමට ප්‍රධාන ලෙස ම බලපා ඇති බව පෙනෙන්නට තිබේ.
කිරින්ද හන්දියෙන් පලටුපාන පිවිසුම වෙත දිවෙන මාර්ගය දැඩි ලෙස අබලන් ව පැවතීම නිසා අද වන විට යාල කලාප අංක 01 කොටසට ඇතුළු වීම සඳහා බහුතරයක්‌ භාවිත කරන්නේ බැඹව බීට්‌ටු කාර්යාලය අසල පිහිටා ඇති දොරටුව ය. එනම් සෆාරි ජීප්රථකරුවෝ යෝධකණ්‌ඩියෙන් සිතුල් පව්ව හරහා පැමිණ බැඹව බීට්‌ටු කාර්යාලය අසලින් ජාතික උද්‍යානයට ඇතුළු වී යාල ප්‍රධාන දොරටුව වන පලටුපාන වෙත පැමිණෙති. ජීප් රථකරුවන් අතින් මුලින් ම නීතිය උල්ලංඝනය වන්නේ එතැන දී ය. එනම් බලපත්‍රයක්‌ රහිත ව ජාතික උද්‍යානයට ඇතුළු වීම ය. එසේ ම බැඹව දොරටුවෙන් උදැසන 6.00 දක්‌වා රථ වාහන උද්‍යානය තුළට ඇතුළු වීමට ඉඩ ලබා නො දීම මගින් නීතීය අකුරට ම ක්‍රියාත්මක කරවන්නට උත්සාහ දරන නිලධාරීන්ට ද මෙහි දී ඉහළින් ලැබෙන්නේ රැවුම් ගෙරවුම් බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් අපට දැනගැනීමට ලැබිණි. ජාතික උද්‍යානයක්‌ තුළ සංචාරක රථ ගමන් කළ යුත්තේ පෙ.ව. 6.00ත් ප.ව. 6.00ත් අතර කාලය තුළ දී ය. එහෙත් අද වන විට යාල ජාතික උද්‍යානය තුළ එය නිසි පරිදි ක්‍රියාත්මක නො වේ. පලටුපාන දොරටුවෙන් පිටතට පැමිණෙන ජීප් රථ බැඹව දොරටුවෙන් පිටතට යැමට තවත් විනාඩි 30ක කාලයක්‌ ලබා දීමට පාලන අධිකාරිය නිර්ලෝභී වීම තුළ ජීප් රථකරුවෝ එම මුළු වේලාව ම වන සතුන් අපහසුතාවට පත් කරමින් උද්‍යානය තුළ රැඳී සිsටිති. එබැවින් වන ජීවී දෙපාර්තමේන්තුව කළ යුත්තේ මාර්ග සංවර්ධන අධිකාරියත් සම`ග සාකච්ඡා කර පලටුපාන කිරින්ද හන්දිය මාර්ගය යළි පිළිසකර කිරීම ය. නැතිනම් බැඹව මාර්ගයේ ගමන් කරන ජීප් රථකරුවන් සඳහා උද්‍යානයේ අවසන් සීමාව වන බැඹව දොරටුව තුළින් ප.ව. 6.00ට පෙර එම ස්‌ථානය පසු කිරීමට නිතී දැඩි කිරීම ය. මේ ප්‍රදේශය තුළ රාත්‍රි 6.30 යනු දැඩි අන්ධකාරයෙන් යුතු පරිසරයකි. එහි දී ප්‍රධාන විදුලි ලාම්පු පවා දල්වාගෙන උද්‍යානය තුළ සැරිසැරීමට, වනජීවියේ මන්දොaත්සාහී බවෙන්, සෆාරි ජීප්කරුවන්ට ඉඩ සැලසේ.
සෆාරි ජීප් රථකරුවන් ම`ගින් යාල ජාතික උද්‍යානයට සිදු වී ඇති අවාසනාවන්ත බලපෑම දැක ගැනීමට අපට ද වැඩි දුරක්‌ යැමට අවශ්‍ය නො වී ය. පලටුපාන මූලස්‌ථානයෙන් ප්‍රවේශ පත්‍රයක්‌ මිල දී ගෙන උද්‍යානයට ඇතුළු වන අපට දුහුවිලි නංවමින් වේගයෙන් ඇදී යන ජිප් රථ දැක ගැනීමට හැකි විය. පලටුපානට ඇතු`ඵ වන ප්‍රධාන මාර්ගයේ කඩතොළු ස්‌වභාවය ජය ගැනීම සඳහා තමන් වේගයෙන් රිය පදවන බව සෆාරි ජීප් රථකරුවෝ අප සම`ග පැවසූ හ. උද්‍යානය තුළ මාර්ග සංවර්ධනය වනජීවියේ වගකීමකි. කෙසේ හෝ අවසානයේ වන්දි ගෙවීමට සිදු වී ඇත්තේ අහිංසක වන සතුන්ට ය. ඒ බව මොනවට පසක්‌ වූයේ අපගේ ගමනේ ඉතා කෙටි දුරක්‌ ඇතුළත රිය අනතුරුවලට ලක්‌ ව මරණයට පත් වූ ලේනුන් තිදෙනකු ගේ සිරුරු මාර්ගයේ දී අපට දැක ගැනීමට ලැබීමෙනි. තව ද කටුස්‌සන් කිහිප දෙනකු ද මේ අතර වූ හ. මින් පෙර ද කොටි පැටවකු – වල් බළලකු හා මුවකු රිය අනතුරුවලින් මරණයට පත් ව ඇති බවට සාක්‌ෂි වනජීවිය සතු බව අපි සිතමු. මෙවැනි අපරීක්‌ෂාකාරී රිය පැදවීම්වලට විරුද්ධව තිස්‌සමහාරාම මහේස්‌ත්‍රාත්වරයා ඉදිරියේ වනජීවීය මගින් පවරන ලද නඩු කිහිපයක්‌ ද වෙයි. එහෙත් ඒ කිසිවකින් වනජීවීන්ට යහපතක්‌ සිදු වී නැත. එසේ ම දැඩි නියං තත්ත්වයත් සම`ග හාත්පස පරිසරය ඉතා විඩාබර එකකි. එවැනි පසුබිමක වේගවත් රථවාහනවලින් නැෙ`ගන දුම් හා දූවිලිවලිsන් පරිසරයට සිදු වන බලපෑමද ඉතා බරපතළ ය. නිය`ගයෙන් බැටකමින් ඉතා වෙහෙස වී රැකගෙන සිටින පිපාසිත වන සතුන් ගේ දිවි පෙවෙත වැනසෙන්නේ හෝ සදාකාලික ආබාධිත වන්නේ හෝ ඒ අයුරිනි.
තව ද උද්‍යානය තුළ දිවි ගෙවන අහිංසක වන සතුන් ගේ නිදහස්‌ ජීවන රටාවට බාධා වන පරිදි වන සතුන් ගේ මංකඩ අවහිර වන පරිදි රථ වාහන නවතාගෙන සිටීම මගින් අලි ඇතුන් වැනි සතුන් කලබලයට පත් වන අවස්‌ථා ද විරල නැත. අතැම් විට අලි රංචුවකට පාර මාරුවීමට ඉඩ නො තබා ජීප් රථ ගණනාවක්‌ එකපෙළට මාර්ගය අහුරාගෙන සිටී. දිවියන් බළලුන් වැනි සතුන් ගේ ද ජීවීතවල සාමකාමී බව බිඳ දමමින් ඇතැමුන් ශබ්ද නැ`ගීම, රථයෙන් පිටතට පැමිණ සතුන් නැරඹීම හා ජායාරූප ගැනීම අද යාල ජාතික උද්‍යානයෙහි විරල නැත. ජාතික උද්‍යානයක සංචාරය කිරීම සඳහා සංචාරක මාර්ගෝපදේශකයකු ලබා දීමට වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව බැඳී සිටින නමුත් අද බොහෝ ජාතික උද්‍යානවල මේ පහසුකම දක්‌නට නැත. විශේෂයෙන් යාල ජාතික උද්‍යානය සෆාරි ජීප් රථකරුවන් ගේ පරිපාලනයට නතු වී ඇත්තේ එබැවිනි. සේවයේ නියුතු අතළොස්‌සක්‌ පමණක්‌ මාර්ගෝපදේශකයෝ ද මත්පැන් වීදුරුවකට හෝ තමන් ගේ අතමිට මෙලවෙන සන්තෝසමට හෝ යට වී සංචාරකයන්ට හා රියෑදුරන්ට රිසි සේ ජාතික උද්‍යානය කෙළෙසීමට ඉඩ හැර බලා සිටිති. සිදු විය යුත්තේ ප්‍රමාණවත් තරම් ම`ග පෙන්වන්නන් බඳවාගෙන ඔවුන්ට නිසි පුහුණුවක්‌ ලබා දී සෆාරි ජීප් රථ කිහිපයක්‌ හෝ එක්‌ ම`ග පෙන්වන්නකු ගේ භාරයට පත් කර උද්‍යානයට ඇතුළු කිරීම ය.
උද්‍යානය තුළ සංචාරකයන් විසින් සිදු කෙරෙන විවිධ වැරැදි ඇත. ඒ දැකත් වනජීවී නිලධාරීන් කරබාගෙන සිටින්නේ පරිපාලන ව්‍යුහය ඒ තරමට ම කඩා වැටීම හේතුවෙන් දැයි කීමට අපි නො දනිමු. ජාතික උද්‍යාන තුළට මත්පැන් ගෙන ඒම නිතී විරෝධී වුව ද මහ දවාලේ මැණික්‌ ගෙ`ග් වැලි තලාවක තබාගෙන මධුවිත තොලගාන සංචාරක නඩ අද යාල උද්‍යානයේ විරල නැත්තේ ද එබැවින් විය යුතු ය. ඔවුන් අත්හැර දමා යන හිස්‌ ප්ලාස්‌ටික්‌ කෝප්ප, බෝතල්, පොලිතීන් අද වන විට මැණික්‌ ග`ග ඉවුරේ හෝ පටනංගල වෙරළේ සුලබ ය.
එසේ ම උද්‍යානය තුළ නීතීමය වශයෙන් තම රථයෙන් බැසීමට සංචාරකයන්ට අවසර ලැබී ඇති මැණික්‌ ග`ග ඉවුරේ හා පටනංගල වෙරළේ ඇති වැසිකිළි එක දෙක වත් නිසි පරිදි නඩත්තු කිරීමට වන ජීවිය අපොහොසත් වීම නිසා ඇති වී ඇති අපහසුතාව ද සුළු පටු නැත. එහි ඇති වැසිකිළි කීපයට (මෙය ද සංචාරකයන්ට කිසිසේත් ම ප්‍රමාණවත් නැත.) අවශ්‍ය ජල පහසුව ලබා දී නඩත්තු කිරීමට වත් බලධාරීන් අපොහොසත් වීම කණගාටුදායක ය. එම`ගින් වන ජීවීන්ට එල්ල වන බලපෑම ද මඳ නො වේ. දිනපතා ලක්‌ෂ ගණනින් මුදල් උපයන්නට මේ ජාතික උද්‍යානය යොදා ගන්නා බලධාරීන්, පෙරළා එහි අභිවෘද්ධියට හෝ වනජීවී සංරක්‌ෂණයට සිදු කර ඇති මෙහෙය කුමක්‌ ද යන්න පැනයකි.
යාල ජාතික උද්‍යානයේ පෞද්ගලික සංචාරක පහසුකම් සපයන සමාගම් හතරක්‌ ම`ගින් පවත්වාගෙන ගිය සුඛෝපභෝගී කඳවුරු බිම් හා ඈඳුණු ප්‍රශ්නය ද පසුගිය සමයේ යාල ජාතික උද්‍යානයේ පැවැත්මට ඉතා තීරණාත්මක ලෙස බලපා තිබිණි. ඒවා තුළ වන ජීවී සංරක්‌ෂණ අණ පනත් හෑල්ලුවට ලක්‌ වෙමින් නොයෙකුත් අගතිගාමී ක්‍රියාකාරකම් වන ජීවී නිලධාරීන් ඉදිරිපිට දී ම සිදු වූ බව නොරහසකි. කෙසේ වෙතත් අද වන විට ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ගේ සෘජු මැදිහත් වීම මත එකී කඳවුරු බිම් ජාතික උද්‍යානයෙන් පිටතට රැගෙන යැමට අදාළ සංචාරක පහසුකම් සපයන සමාගම්වලට සිදු වී ඇත.
මහජන මුදලෙන් යෑපෙන නිලධාරි ම`ඩුල්ලක්‌ සහිත වන ජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම ඊට අදාළ රේ‚ය අමාත්‍යාංශයක්‌ ද පවතින විනාශයන් කෙරෙහි මුනිවත රැකීම හෝ මන්දොaත්සාහී වීම තුළ මෙරට අති මහත් ජෛවවිවිධත්වයක්‌ හෙට දවස ගැන කතා කරන්නට දෙයක්‌ ඉතිරි වන්නේ නැත.
පසුගිය අතීතයක්‌ පුරා ම යාල ජාතික උද්‍යානය එම ප්‍රදේශයට උග්‍ර නියං සමය බල පවත්නා සැප්තැම්බර් මාසයේ වසා දැමීම සම්ප්‍රදාය වූ බව පරිසරයට ලැදි බොහෝ දෙනකු නො දන්නවා නො වේ. උද්‍යානයේ වන ජීවී සංරක්‌ෂණ කටුයතු විධිමත් කිරීම හා පිපාසිත වන සතුන්ට සංචාරකයන් ගෙන් සිදු වන බලපෑම අවම කිරීම එහි අරමුණ විය. එහෙත් මුදල් පසුපස ම හඹා ගිය වන ජීවී දෙපාර්තමේන්තුව පසුගිය වසර කිපයේ දී ම එම සම්ප්‍රදාය බි`ද දැමීමට ද කිසිදු විලියකින් තොර ව ඉදිරිපත් විය.
ප්‍රමාද වී හෝ අද අද වත් සොබාදහමේ මේ අමිල නිමැවුම් ආරක්‌ෂා කර ගැනීමට වන ජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය නම් ඔවුන් සිදු කළ යුත්තේ යාල ජාතික උද්‍යානයේ වන ජීවී පරිපාලනය වඩාත් ශක්‌තිමත් ලෙස ස්‌ථාපනය කිරීම මිස සංචාරක කොම්පැනිකරුවන් ගේ හෝ සෆාරි ජීප් රථකරුවන් ගේ අල්ලේ නැටීම නො වේ.
සටහන හා ඡායාරූප
සුපුන් ළහිරු ප්‍රකාශ්


ලෝක පරිසර දිනය වෙනුවෙන් පාසල් දරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක්...

ඉකුත් 05 වැනිදාට යෙදුනු ජගත් පරිසර දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණු පාසල් දරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ගම්පහ ශ්‍රී බෝධි ප්‍රාථමික විදුහලේදී පැවැත්වුණි. විදුහල්පති වික්‍රම සේනානායක මහතාගේ මුලිකත්වයෙන් විද්‍යාලීය පරිසර නියමු භට කණ්ඩායම භාර ආචාරිණී ඉනෝක කුමාරසිංහ මත්මියගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කෙරුණි.
හොරගොල්ල ජාතික උද්‍යානයේ භාරකරු ඉන්දික ගල්පාත මහතාගේ සම්බන්දීකරණයෙන් මෙම වැඩසටහනේ ආරාධිත දේශනය පවත්වන ලද්දේ ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ සභාපති පරිසරවේදී සුපුන් ළහිරු ප්‍රකාශ් විසිනි. මේ සඳහා විද්‍යාලයේ හතර සහ පහ වසර වල සිසු දරු දැරියන් පන්සීයයකට ආසන්න පිරිසක් සහභාගී වූහ. 








වන පෙත් දෙබෑකර  මහාමාර්ග තැනීමේ  ආදීනව මෙන්න

වර්තමාන රජය යටතේ සංවර්ධන ඉලක්‌ක පසුපස හඹා යමින් සිටින ශ්‍රී ලංකාවේ මහාමාර්ග පද්ධතිය පසුගිය කෙටි කාලසීමාව පුරාවට සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වූ බව රහසක්‌ නොවේ. නමුත් ඒ ආකාර මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලදී මෙරට වනාන්තර කුට්‌ටිකරණය වීමෙන් ඒ තුළ වෙසෙන වනජීවීන්ට අත්වන ෙ€දනීය ඉරණම ගැන බලධාරීන් අවධානය යොමු කළාද යන්න ගැටලු සහගතය. බලධාරීන් තබා මෙරට සිටින බොහෝ වනජීවී විද්වතුන්ගේ පවා ඇස ඒ වෙත යොමු වී ඇත්තේ අවම වශයෙන් බව අපගේ වැටහීමයි. නොඑසේ නම් එමගින් මෙරට ජෛව විවිධත්වය වැනසී යැමට තීරණාත්මක බලපෑමක්‌ එල්ල වනවාද යන්න පිළිගැනීමට ඔවුන් කැමැතිද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත් ශ්‍රී ලාංකීය පර්යේෂකයන් පිරිසක්‌ විසින් මෙරට නැගෙනහිර පළාතට අයත් නිල්ගල වන රක්‍ෂිතය ආශ්‍රිතව සිදුකරන ලද අධ්‍යයනයකින් මේ ආකාර වනපෙත් දෙබෑ කර මහාමාර්ග තැනීමේ බරපතළ ආදීනව විද්‍යාත්මකව හෙළිදරව් කර තිබේ. ඒ සමීර සුරන්ජන් කරුණාරත්න, සුජාන් හීන්කනත්තේගෙදර, කසුන් අමරසිංහ සහ ඇන්ස්‌ලම් ද සිල්වා යන පර්යේෂකයන් විසිනි. මේ පිළිබඳ පර්යේෂණ පත්‍රිකාව ප්‍රකට විද්‍යා සඟරාවක්‌ වන ඔAඡRධඊAභෂCA ජර්නලයේ දෙසැම්බර් කලාපයේ පළකර තිබිණි.

ඕනෑම ආකාරයක මාර්ග ඉදිකිරීම් හේතුවෙන් සත්ත්ව සහ ශාක විශේෂවල පුළුල් පරාසයක පැතිරුණු පරිසර විද්‍යාත්මක බලපෑම් රැසකට මුහුණදීමට සිදුවෙයි. වනජීවීන්ගේ චර්යාත්මක වෙනස්‌කම් ඇතිවීම, භෞතික හා රසායනික පරිසරයේ වෙනස්‌කම් ඇතිවීම, ආගන්තුක ආක්‍රමණශීලී සත්ත්ව හා ශාක විශේෂ ව්‍යාප්තවීම, මිනිස්‌ පරිභෝජනය සඳහා වැඩි වැඩියෙන් වනජීවී වාසස්‌ථාන යොදාගැනීමට පෙළඹවීම, රථවාහනවල ගැටීමෙන් වනජීවීන් ආබාධවලට ලක්‌වීම හෝ මරණයට පත්වීම ඒ අතර වෙයි. මාර්ග පද්ධතීන් පුළුල් කිරීම හේතුවෙන් ලොව පුරා රටවල වනජීවීන්ට සිදුවී ඇති බලපෑම් පිළිබඳව සවිස්‌තර විද්‍යාත්මක අනාවරණයක්‌ සිදුකරන ලද රටවල් අතර ඉන්දියාව ද ප්‍රමුඛ වෙයි.

ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ඉතා වැදගත් වනාන්තර කලාපයක්‌ වන නිල්ගල සවානා වනාන්තර භූමිය හරහා ඇදී යන බිබිල - අම්පාර ප්‍රධාන මාර්ගයේ පිටකුඹුර ආශ්‍රිත ප්‍රදේශයේ කිලෝමීටර් තුනක පමණ දුරක සිදුකළ මෙම පරීක්‍ෂණය අනුව මෙරට වනාන්තර හරහා ඉදිකෙරෙන මාර්ගවලින් එල්ලවන බරපතළ විනාශයන් පිළිබඳව කරුණු අනාවරණය වී තිබේ. 2004 ජනවාරි සිට 2005 දෙසැම්බර් අතර සිදුකරන ලද මෙම සමීක්‍ෂණයේදී දින 48 ක්‌ ඇතුළත රිය අනතුරුවලට ලක්‌වී මරණයට පත් වූ උරගයන් හා උභය ජීවීන් 552 කගේ සිරුරු අනාවරණය කරගනු ලැබිණි. ඒ අතර විශේෂ 72 කි. එයින් උරග විශේෂ 53 ක්‌ හා උභයජීවී විශේෂ 10 ක්‌ වාර්තා විය. ඒ අතරින් විශේෂ 19 (26.3%) ක්‌ ශ්‍රී ලංකාවට ආවේණිකය. විශේෂ 22 ක්‌ (30.5%) ජාතික වශයෙන් තර්ජනයට ලක්‌ වූ වනජීවී විශේෂයන්ය. මෙම මරණයට පත් වූ වනජීවීන් අතරින් 23.6% ක්‌ චතුරපාදික උරගයන්, 40.2% ක්‌ සර්පයන් හා 36.2% ක්‌ උභය ජීවීන් වෙයි.

නිල්ගල වන රක්‍ෂිතය ආශ්‍රිතව උරගයන් විශේෂ 92 ක්‌ වාර්තා වන අතර එය ශ්‍රී ලංකාවේ මුළු උරගයන් විශේෂ සංඛ්‍යාවෙන් 33.45% කි. ඒ අතරින් විශේෂ 72 ක්‌ම රිය අනතුරුවලට ලක්‌ව මරණයට පත්වී තිබීම මෙම ගැටලුවේ ඇති බරපතළකම මොනවට කියා පායි. තවද මෙම වනාන්තර කලාපයේ දිවිගෙවන බව තහවුරු කරගෙන ඇති උභයජීවී විශේෂ 22 අතරින් 19 ක්‌ ද රිය අනතුරුවලට ගොදුරුව අකාලයේ මරණයට පත්වූ වනජීවීන් අතර වෙති.

පර්යේෂකයන් දෙන්නේ අතිශය ජෛව විවිධත්වයක්‌ සහිත ප්‍රදේශවල මෙවැනි රිය අනතුරුවලින් බරපතළ බලපෑම් එල්ල වන බවය. ශ්‍රී ලංකාව තුළ මින් පෙර සිදුකරන ලද මෙවැනිම අධ්‍යයනයකට අනුව නිල්ගල වන රක්‍ෂිතය තුළ දින 36 කදී අනාවරණය වී තිබුණේ එක්‌ උභයජීවී විශේෂයක හා උරග විශේෂ හයක්‌ මරණ පමණි. නමුත් මෙම නවතම අධ්‍යයනය පෙර අධ්‍යයනය හා සස¹ බැලීමෙන් මෙම අනතුර කැපී පෙනෙන ලෙස ඉහළ ගොස්‌ ඇති බව විද්‍යමාන වෙයි. විශේෂයෙන් වාරතාවකින් පසුව උභය ජීවීන් මාර්ගය වෙත පැමිණ කෘමි සතුන0a ආහාරයට ගැනීම ලිංගික කෘත්‍යයන්ගේ යෙදීමට වැඩි නැඹුරුවක්‌a දක්‌වති. එවැනි දිනවල රිය අනතුරුවලට ලක්‌ව උභය ජීවීන් මරණයට පත්වීම ඉහළ යයි. තවද ඇතැම් උරගයන් මාර්ගය දෙපස ඇති බුරුල් පසෙහි බිජුලෑමට නැඹුරුවීම වැනි චර්යාත්මක විපර්යාසයන් ද ඇතිකරගෙන ඇත.

සංවර්ධන ක්‍රියාකාරකම් ව්‍යාප්ත වීමත් සමඟ රටක මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීම අත්‍යාවශ්‍ය වේ. නමුත් එහිදී එරට ජෛව විවිධත්වය වැනසී යයි නම් එය බරපතළ ෙ€දවාචකයකි. මාර්ග පද්ධති වැඩි දියුJq වීමෙන් සෑම පරිසර පද්ධතියකටම එකම ආකාරයෙන් හා එකම ප්‍රමාණයෙන් බලපෑම් එල්ල නොවේ. නමුත් මෙසේ වනජීවී වාසස්‌ථාන කැබලිකරණය වීමෙන් විශේෂ සංයුතියේ සහ ගහණ ඝනත්වයේ වෙනස්‌කම් ඇතිවීමෙන් වනජීවී විශේෂ වඳවී යැමට ඇති නැඹුරුව වැඩි වේ. එබැවින් වන පෙත් දෙබෑකර මාර්ග තැනීමේදී මින් ඉදිරියට හෝ යම්කිසි උනන්දුවක්‌ දැක්‌වීම බලධාරීන්ගේ හා ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීම බව සිහිපත් කළ යුතුය.
ඡායාරූප - සමීර සුරන්ජන් කරුණාරත්න

Thursday, November 27, 2014

මාදුරුඔය සත්ව සංහාරයට වැට බඳින්නේ කවදාද?

maduru-oya-91013
‘මාදුරුඔය’ කියූ පමණින් බොහෝ දෙනෙකුට සිහිපත් වන්නේ මහවැලි ජලාශයකි. වනජීවී ලෝලීන්ට ‘මාදුරුඔය’ වැදගත් වන්නේ ජාතික වනෝද්‍යානය හේතුවෙනි. වර්ෂ 1983.11.09 වැනි දින නිල වශයෙන් ප‍්‍රකාශයට පත් වුණු මාදුරුඔය ජාතික උද්‍යානය මෙරට පිහිටා ඇති ඉතා වැදගත් වනජීවී රක්ෂිතයකි.
පොළොන්නරුව හා අම්පාර දිස්ත‍්‍රික්කවලට අයත්ව පිහිටා ඇති එහි වපසරිය හෙක්ටයාර 59,000 ක් පමණ වෙයි. මෙම ජාතික උද්‍යානය පිහිටුවීමේ මූලික අරමුණක් වූයේ මාදුරුඔය ජලාශයේ ජල පෝෂක ප‍්‍රදේශය ආරක්ෂා කර ගැනීමය. එසේම මහවැලි ව්‍යාපාරය මඟින් වාසභූමි අහිමි වූ, වන සතුන්ට අභයස්ථාන සැපයීම අතින් ද මාදුරුඔය අතිශය වැදගත්ය. අලි ඇතුන්ගේ සිට විවිධ වර්ගවල වනජීවීන් රැසකට ද තුරුලතා සමූහයකට ද නවාතැන් සපයනු වස් මාදුරුඔය ජාතික උද්‍යානය ඉටු කරන මෙහෙය අද්විතීයය. පසුගිය කාලයේ මෙරට සිදු කෙරුණු දීප ව්‍යාප්ත වන අලි සමීක්ෂණයට අනුව මෙරට වනාන්තරවාසී අලි ඇතුන්ගෙන් සියයට තිහක් (30%) නොඑසේ නම් 1751 ක් පමණ දිවි ගෙවන බව අනාවරණය වූ මහවැලි වනජීවී කලාපය තුළ පිහිටා ඇති ප‍්‍රමුඛතම වනජීවී රක්ෂිත අතරින් එකක් ලෙස ද මෙම රමණීය වන උයන සැලකිය හැකිය.

ඒ අනුව මෙම සුවිශාල වන අලි ගහනයේ පැවැත්මට තීරණාත්මක ආකාරයෙන් බලපෑම් කළ හැකි ජාතික වනෝද්‍යානය ද මාදුරුඔය බව කීමෙහි වරදක් නැත. නමුත් මෙම සොබාදහමේ අමිල දායාදය ආරක්ෂා කර ගැනීමේ වගකීම පැවරී ඇති වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මාදුරුඔය උළා කන්නට ඉඩ හැර මර නින්දේ පසු වීම ඛේදවාචකයකි. සැබෑ ලෙසම මෙම වන උයන ආරක්ෂා කර ගැනීමට මැදිහත් වූ වනජීවී නිලධාරීන්ට මෙම උද්‍යානය වෙත ආ පයින්ම යළිත් ස්ථාන මාරු වීම් ලබා දී කාර්යාලවලට කොටුකර තැබීමට වනජීවී ලොක්කන් කටයුතු කළ ආකාරයද අපට මතකය. ඊට හේතුව, මෙම වන උයන උළා කන දේශපාලන අම්බරුවන්ගේ අතකොළු බවට පත් වීමට එකී වනජීවී ලොක්කන්ට සිදු වීම ද විය හැකිය.

ඒ අතරතුර මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ වන සතුන්ට මරු පහරක් එල්ල වීමට තවත් හේතුවක් වී ඇත්තේ ඒ තුළ දිගින් දිගටම සිදු වන යුද හමුදා පුහුණුවීම් බව අවධාරණය කළ යුතුය. එනම් නිල නොලත් වනජීවී අපරාධකරුවන් සේම නිලලත් - ලැයිසන් දඩයක්කාරයින්ගේ ද තිප්පොළක් බවට මාදුරුඔය ජාතික උද්‍යානය පත් වී ඇති බව නොවේදැයි විමසිය යුතුව ඇත.

මාදුරුඔය ජාතික උද්‍යානය තුළ හමුදා පුහුණු කටයුතු පවත්වාගෙන යාම නිසා තම ජීවිතයෙන් වන්දි ගෙවූ වනජීවීන් ප‍්‍රමාණය දහස් ගණනක් විය හැකිය. ඒ අතර අලි ඇතුන් ද විශාල ප‍්‍රමාණයක් වන බව නොරහසකි. ඒ මන්ද යත් මාදුරුඔය ජාතික උද්‍යාන කෞතුකාගාරය තුළ පුරවා ඇති සියලූම හස්ති හිස් කබල් පාහේ උද්‍යානය තුළ දී හමුදා වෙඩි පහරට ලක්ව මරණයට පත් වූ වන අලින්ගේ වන බැවිනි. එහි ආසන්නතම සිදු වීම වාර්තාවන්නේ පසුගිය 17 වැනි දාය. මාදුරුඔය යුද හමුදා කඳවුරෙහි පිවිසුම අසල දී එහි මුර කුටියක රැඳී සිටි සෙබළෙකු විසින් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් වන අලියකු බරපතළ තුවාල ලැබූ අතර අරලගංවිල - මහඔය ප‍්‍රධාන මාර්ග අසල වැටී සිටි එම සත්වයා ඉන් පසු මරණයට පත් විය.

මාර්ගයේ ගමන් කරමින් සිට තිබූ අලියා තමන් රැඳී සිටි මුරකුටිය වෙත පැමිණෙතැයි බියෙන් මෙසේ එම සත්වයාට වෙඩි තැබූ බව සෙබළා ප‍්‍රකාශ කර තිබුණි. නමුත් ඒ ආකාරයෙන් වන අලින් එම මාර්ගයේ ගමන් කළ ප‍්‍රථම අවස්ථාව මෙය නොවන අතර - එසේ ගමන් කරන අලින් හමුවේ සෙබළාට තිබූ එකම විකල්පය වෙඩි තැබීම ද යන්න ද දෙවරක් විමසිය යුතු නැත.



පුරා වසර තිහක් පමණ මෙරට තුළ පැතිරී තිබුණු ත‍්‍රස්තවාදී උවදුර අවසන් කර දමා දැන් වසර කිහිපයක් ගෙවී ගොස් හමාරය. එහි අවසානය සනිටුහන් කරමින් නන්දිකඩාල් කලපුව අසල දී අවසන් වෙඩි මුර තබා මහත් උත්සවාකාරයෙන් යුද අවි නිහඬ කර වසර ගණනාවක් ගෙවී ගොස් තිබිය දී ද තවමත් කාලතුවක්කු මෝටාර් ආදී බර අවි සහ ස්වයංක‍්‍රීය ගිනි අවිවලින් නැ‍ඟෙන බිහිසුණු කඨෝර හඬ මාදුරුඔය වන උයනේ වන සතුන් බියට පත් කිරීම කණගාටුවට කරුණකි. එයින් නොනැවතී එම ගිනි අවි අලි ඇතුන්ගේ සිට ලොකු කුඩා වන සතුන් රැසක් ද තවමත් බිළිගනිමින් සිටීම දෛවයේ සරදමක් වැන්න.

වනජීවී අණ පනත් අනුව වනජීවී රක්ෂිතයක් තුළ සිදු නොකළ යුතු අධික වේගයෙන් රිය පැදවීම, ගිනි අවි භාවිතා කිරීම, වන ජීවීන් ඝාතනය කිරීම වැනි තවත් බොහෝ වන ජීවී අපරාධ තවමත් මෙම වන උයන තුළ සිදු වෙමින් පවතී. ඒවා සිදු කරන වන අපරාධ කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරියය. මාදුරුඔය ජාතික උද්‍යානය තුළ ද එය එසේමය. මෙහි යාබදව වෙසෙන ආදිවාසී ජනතාව වෙත පවා තම බල පරාක‍්‍රමය පතුරුවමින් මෙම රාජකාරිය ඉටු කිරීමට වනජීවී නිලධාරීහු කටයුතු කරමින් සිටිති. එය ගැන අපට ගැටලූවක් නැත. නමුත් එසේ තම පාරම්පරික උරුමයන් සොයා මාදුරුඔය වන උයන වෙත පැමිණෙන ආදිවාසී ජනතාවට එරෙහිව පවා දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන වනජීවී නිලධාරීන් ඇස් පනා පිටම උක්ත නිල ලත් දඩයම්කරුවන් විසින් සිදු කරන හිංසනයට වැට බැ`දීමට කටයුතු නොකිරීම කනගාටුවට කරුණකි.

ඉකුත් ත‍්‍රස්තවාදී යුද සමය තුළ මෙවැනි විනාශයන් සිදු වුව ද ඉවත බලාගෙන සිටීමට බලධාරීන්ට සිදු වීම කෙසේ හෝ සාධාරණීකරණය කළ හැකි යැයි සිතුව ද වර්තමානයේ දී තවදුරටත් මාදුරුඔය ජාතික උද්‍යානය තුළ මේ ආකාරයෙන් ජෛව උරුමයන් කාබාසිනියා කර දැමීමට ඉඩ හැරීම ජාතික අපරාධයකි. තවද යටත් පිරිසෙයින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පනවා ඇති සීමාවන්වත් මාදුරුඔය ජාතික උද්‍යානය තුළ ක‍්‍රියාත්මක කිරීමට වනජීවියේ මෙන්ම යුද හමුදාවේ ද බලධාරීන් උත්සුක නොවීම සැබැවින්ම ඛේදවාචකයකි.



මාදුරුඔය වනෝද්‍යානය ආශ‍්‍රිතව වන ගත අභ්‍යාසයක් පැවැත් වීම මැයෙන් වර්තමාන වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච්. ඞී. රත්නායක විසින් මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ සේනා විධායකවරයා අමතන වජි/05/02/02/02 (1 වෙළුම) අංක හා 2011.11.09 දිනැති ලිපිය මඟින් පනවා ඇති එකී සීමාවන් පහත පරිදි වේ.

01. ජීවී හෝ අජීවී පතරොම් භාවිතා නොකිරීම.
02. සතුන් හා ඔවුන්ගේ වාසස්ථානවලට හානි නොකිරීම.
03. පැය 18.00 ත් පැය 06.00 ත් අතර කාලය තුළ පුහුණු කටයුතු සඳහා භාවිත කරන වාහන උද්‍යානයට ඇතුල් කිරීම හෝ පිට කිරීම සිදු නොකිරීම.
04. උද්‍යානය තුළ හමුදා වාහන ගමන් කිරීම සඳහා වේග සීමාවන් (20KMH) ලබා දීම.
05. නිල නිවාස හා කාර්යාල පරිශ‍්‍රය ආසන්නයේ පුහුණු කටයුතු වලින් වැළකීම.

අධ්‍යක්ෂ ජනරාල්වරයාට අනුව අදාළ අභ්‍යාස පැවැත්වීම සඳහා අවසර දීමට වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ නෛතික ප‍්‍රතිපාදන නොමැති වුවත්, අවශ්‍යතාව සලකා වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ විධි විධාන උල්ලංඝනය නොවන පරිදි එම වන අභ්‍යාස පැවැත් වීමට අවසර ලබා දී ඇත. නමුත් ලිපි ගනුදෙනු එසේ වුව ද සැබෑ ලෙසම උද්‍යානය තුළ සිදු වන දෑ මීට වඩා බොහෝ දුක්ඛදායක හා අමිහිරි ඒවා බව අවධාරණය කරමු.

මෙහි පළමු කොන්දේසිය කෙසේ වෙතත් උද්‍යානය තුළ සිදු කෙරෙන පුහුණුවීම් නිසා අලි ඇතුන් ඇතුළු බොහෝ වන ජීවීන් ඝාතනයට ලක් වන බව වාර්තා වන අතර වාර්තා නොවන ප‍්‍රමාණය ඊට වඩා කිහිප ගුණයකින් වැඩි වීමට ඉඩ ඇති බව නොකිවමනාය. නිරන්තරයෙන් ඇසෙන පිපිරුම් හඬවල් නිසා උද්‍යානය තුළ වන ජීවීන්ගේ නිහඬ හා සාමකාමී ජීවන රටාවට එල්ල වන්නේ මරු පහරකි. ඒ අතර මෙහි පැවැත්වෙන ‘නොනැසී ජීවත් වීමේ පුහුණු පාඨමාලා’ (Survival training) වලට සහභාගී වන භටයන්ගේ පැවැත්ම සඳහාද ජීවිත කැප කරන වන ජීවීන් ප‍්‍රමාණය සුළු පටු නැත. තව ද වේග සීමා නොතකා උද්‍යානය තුළ ගමන් කරන හමුදා රථවලට ගැටී මරණයට පත්වන වන ජීවීන් ප‍්‍රමාණය ද අල්ප නොවේ.


මාදුරුඔය ජාතික උද්‍යානය වන ජීවීන්ට ආරක්ෂිත නවාතැන් පොළක් ලෙස පවත්වාගෙන යන අතරතුරදීම එම`ගින් දෙස් විදෙස් සංචාරකයන්ගේ මනදොළ සැපිරෙන ආකාරයේ සංචාර ආකර්ෂණයක් ලෙස ද පවත්වාගෙන යාමේ හැකියාව පවතින බව නොකිවමනාය. නමුත් ඊටද එරෙහි වී ඇත්තේ අද වන විට ජාතික උද්‍යානය තුළ සිදු වන ආරක්ෂක හමුදාවන්ගේ ක‍්‍රියාකාරකම් බව ද කිවමනාය. උද්‍යානයේ ප‍්‍රධාන කළමනාකරණ සැලැස්මට පවා අන්තර්ගත කර ඇති මාදුරුඔය ජලාශයේ ඳුපතක පිහිටා ඇති අසමසම වන ජීවී කඳවුරු භූමියක් වන දිග්ගල කඳවුරු බිම පවා හමුදාවේ ප‍්‍රධානීන්ගේ සුඛ විහරණය සඳහා අත්තනෝමතික ලෙස වෙන් කර ගෙන තිබේ.

තව ද උද්‍යානයේ වනාන්තරය තුළින් හදිසියේ හමුදා සෙබළුන් ඉවතට පැමිණීමෙන් බියට පත් වූ විදේශීය සංචාරකයන් යළිත් හැරී ගිය අවස්ථා ද එකක් දෙකක් නොවේ. නිතර දෙවේලේ ඇසෙන පිපිරීම් හඬ නිසා, වන සතුන් නිරන්තරයෙන් සැගවී සිටිති. වාහනයක් දුටු සැණින් වන සතුන් වහා වනාන්තරයේ අහු මුලූවල සැ`ගවීම ද මෙහි සංචාරක ආකර්ෂණයට බාධාවකි.

තව ද උද්‍යානයේ තැන තැන දමා ඇති සජීවී පතරොම්වල වෙඩි බෙහෙත් යොදාගෙන උද්‍යානය තුළ දඩයම් කිරීමට ගංජා වගාකරුවන්, ගව පට්ටිකරුවන් ආදී අනෙකුත් වන අපරාධකරුවන් ද කටයුතු කිරීම මෙම හමුදා පුහුණුවේම අනිටු ප‍්‍රතිඵලයකි. උද්‍යානය තුළ ඇති මෙම සජීවී උණ්ඩ ඉවත් කරන ලෙස අධිකරණ නියෝගයක් ද පනවා ඇතත් තවමත් එය ක‍්‍රියාවට නැඟී නොමැති බව උද්‍යානය තුළ භෘණ වැව අසල ගොඩ ගසා ඇති ලක්ෂ ගණනක් සජීවී හා අජීවී පතරොම් දෙස් දෙයි. මෙයින් ඇහිදගනු ලැබූ සජීවී පතරොම් උණ්ඩ මතක සටහන් ලෙස හෝ වෙනත් විවිධ පරමාර්ථ වලින් ඇතැමුන් රැගෙන ගිය අවස්ථා සහ ඒවා පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අවස්ථා ද බොහෝය. එය රටේ ජාතික ආරක්ෂාවට ද තර්ජනයකි.


මේ සම්බන්ධයෙන් මහඔය පොලිසිය මඟින් දෙහිඅත්තකණ්ඩිය මහේස්ත‍්‍රාත්වරයාට පැමිණිලි කරන ලදුව එම සජීවී පතරොම් ඉවත් කරන ලෙස උක්ත නියෝගය ලබා දී දැන් සැලකිය යුතු කලක් ගත වී ඇත. මාදුරුඔය යුද හමුදා පුහුණු පාසල මඟින් උද්‍යානය තුළ විශේෂ බළකායේ හා යුද හමුදාවේ පුහුණු කටයුතු තවදුරටත් සිදු කරමින් පවතී. කොටගස්වල ඉංජිනේරු බළකා පුහුණු කටයුතු ද නොකඩවාම සිදු වෙමින් පවතී. පසුගිය යුද වාතාවරණය 2009 වසරේ අවසන් වීමෙන් පසුව තොප්පිගල වැනි ප‍්‍රදේශයකට මෙම වනගත අභ්‍යාස විස්ථාපනය කිරීමට ඕනෑ තරම් අවකාශ තිබේ. එසේ තිබිය දී පාරිසරික වශයෙන් ඉතා වැදගත් මාදුරුඔය ජාතික උද්‍යානය මේ සඳහා තවදුරටත් යොදාගැනීම කිසිදු ලෙසකින්වත් සාධාරණීකරණය කළ යුතු නැත. එබැවින් මෙම සොබා උරුමය ආරක්ෂක හමුදාවේ කටයුතු සඳහා භාවිතයට ගෙන ස්වභාවික සම්පත් වැනසීයාමට ඉඩ හැරීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ ද යුතුකම හා වගකීම නොවන බව ලියා තැබිය යුතුය.

හම්බන්තොට වන අලි කළමනාකරණ ප්‍රදේශය 

අලි ඇතුන්ට අහිමි කර සංවර්ධනය 

යථාර්තයක් කල හැකිද???

GHDP-(17)හම්බන්තොට මහා සංවර්ධන සැලැස්ම (Greater Hambantota Development Plan) මේ වන විට ක‍්‍රියාත්මක වෙමින් පවතී.
ශී‍්‍ර ලංකාවේ දෙවැනි අන්තර්ජාතික ගුවන් තොටුපළ මත්තල දී මහත් උත්සවාකාරයෙන් විවෘත වන්නේ ද ඒ යටතේය. නමුත් එකී සංවර්ධන ක‍්‍රියාකාරකම්වල දිශානතිය කොයිබටද යන ගැටලූව අද දින අප අබිමුව පැනනැෙඟමින් පවතී. මෙම සංවර්ධන සැලැස්මට අනුව ස්ථාපනය කෙරුණු වන අලි කළමනාකරණ ප‍්‍රදේශය (Managed Elephant Range) මේ වන විට විවිධ පුද්ගලයන්ගේ පටු වාසි ප‍්‍රයෝජන සඳහා බිලි වෙමින් පැවතීම නිසා මෙම තත්වය ප‍්‍රධාන වශයෙන් උදා වෙමින් පවතී. මෙහි ඇති කනගාටුදායක කරුණ නම් රුහුණු මාගම්පත්තුවේ සැබෑ භූමි පුත‍්‍රයන් හෙට දවසේ සංවර්ධනයේ අනාථයන් බවට පත් කිරීමට දායක වෙන මෙම විනාශයන් පිළිබඳව කිසිදු වගකිවයුත්තකු දෑස් විවර කර නොබැලීමයි.
හම්බන්තොට මහා සංවර්ධන සැලැස්ම යටතේ නාගරික සංවර්ධන අධිකාරිය හා මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිර්මාණය කරන ලද හම්බන්තොට කලාපගත කරන සැලැස්ම තුළින් මෙම ප‍්‍රදේශයේ වර්ෂ 2030 දක්වා සිදු කිරීමට අපේක්ෂිත සියලූ සැලැසුම්ගත සංවර්ධන ක‍්‍රියාකාරකම්වලට අවශ්‍ය ඉඩම් වෙන් කිරීම සිදු කරන ලදී. එහි දී මෙම ප‍්‍රදේශවල දිවි ගෙවූ වන අලි – ඇතුන්ගේ පැවැත්ම තහවුරු කිරීම සඳහා ද අවශ්‍ය ඉඩම් වෙන් කිරීමට එම කලාපකරණ සැලැස්ම මඟින් කටයුතු කරන ලදී.
මෙරට ඉතිහාසය තුළ වන අලි සංරක්ෂණයේ නව පරිච්ඡ්දයක් ආරම්භ කරමින් හම්බන්තොට මහා සංවර්ධන සැලැස්මට ප‍්‍රථම වතාවට වන අලි කළමනාකරණ ප‍්‍රදේශයක් ඇතුළත් කිරීමට බලධාරීන් කටයුතු කිරීම සැබැවින්ම පැසසිය යුතු කරුණකි. නමුත් අද වන විට මෙම ප‍්‍රදේශයේ ඉඩම් රජයේම විවිධ පාර්ශ්ව මෙන්ම පෞද්ගලික සමාගම් හා දේශපාලන හිතවතුන් ද අත්පත් කරගනිමින් සිටීම නිසා ගැටලූ රැුසක් පැනනැෙඟමින් පවතින බව අපට පසුගියදා එම ප‍්‍රදේශයේ සිදු කළ සංචාරයක දී දැකගත හැකි විය.
හම්බන්තොට වන අලි කළමනාකරණ ප‍්‍රදේශය පිහිටුවීමේ අරමුණ වන්නේ උක්ත සංවර්ධන ව්‍යාපෘතිය මඟින් නිජබිම් අහිමි වන අලි – ඇතුන් ප‍්‍රධාන වනජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය අභය ස්ථාන සැපයීමය. තව ද එමඟින් ප‍්‍රදේශයේ අලි – මිනිස් ගැටුම පාලනය කිරීමට ද සඵල පිටුබලයක් ලැබීමට හැකියාව ලැබී තිබුණි.
හම්බන්තොට වන අලි කළමනාකරණ ප‍්‍රදේශයේ මේ වන විටත් වන අලි හාරසියයකට වැඩි ප‍්‍රමාණයක් ජීවත් වෙති. ඔවුන් තනි අලි හා රංචු වශයෙන් මෙම කලාපය තුළ සැරිසරනු දැකිය හැකිය. එයින් ඇතැම් වන අලි රංචු බූන්දල ජාතික උද්‍යානය හා බූන්දල විල්මැන්න අභය භූමිය දක්වා සංක‍්‍රමණය වීමේ ලක්ෂණ පෙන්නුම් කරයි. ඒ අතර තවත් පිරිසක් ලූණුගම්වෙහෙර ජාතික උද්‍යානය දක්වා ගමන් කිරීමට උත්සාහ කරන බව පෙනෙන්නට තිබුණ ද උද්‍යාන මායිම ඔස්සේ වීරවිල – තණමල්විල ප‍්‍රධාන මාර්ගයට ආසන්නව
ඉදි කර ඇති විදුලි වැට නිසා එම අලි රංචුවලට ජාතික උදද්‍යානයට ඇතුළු විය නොහැක. මෙම කලාපයේ වන අලි – මිනිස් ගැටුම පාලනය කරගැනීම හා වන අලි සංරක්ෂණය කිරීම සඳහා උක්ත වන අලි කළමනාකරණ ප‍්‍රදේශයේ කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරනු ලැබුව ද එම තත්වය අභියෝගයට ලක්ව ඇත්තේ අද වන විට එහි අක්කර දහසකට වැඩි ප‍්‍රදේශයක් විවිධ පුද්ගලයන් විසින් අත්පත් කරගෙන වන වැස්ම ඉවත් කර විවිධ වගා හා වෙනත් ව්‍යාපෘති දියත් කිරීම හේතුවෙනි. ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ ප‍්‍රකට ව්‍යාපාරිකයකුගේ මෙහෙයවීම යටතේ විවිධ පුද්ගලයන් මෙසේ වන අලින් වෙනුවෙන් වෙන් කෙරුණු ඉඩම් අත්පත් කරගෙන මහගල්වැව අවට ප‍්‍රදේශයේ කෙසෙල් වැනි කෘෂි භෝග වගා කරමින් සිටී.
එමෙන්ම වලව වම් ඉවුර සංවර්ධන කලාපයට මායිම්ව විවිධ පුද්ගලයන් විසින් වම් ඉවුර සංවර්ධනයට වෙන් වූ ජලය නීති විරෝධී ලෙස මායිම් ඇළෙන් පොම්ප කර අලි කළමනාකරණ ප‍්‍රදේශය තුළ මහා පරිමාණයෙන් වගා කටයුතු කෙරේ. දැනට දෙමසකට පමණ පෙර මෙවැනි වගා කටයුතුවල නිරතව සිටි කාන්තාවක් ඉතා අවාසනාවන්ත ලෙස වන අලි පහරදීමකට ලක්ව මරණයට පත් විය.
මෙවැනි අනර්ථකාරී මිනිස් ක‍්‍රියාකාරකම් මඟින් වන අලින්ට උන්හිටි තැන් අහිමි වීමෙන් නුදුරේ දී මෙම ප‍්‍රදේශයේ පවතින අලි – මිනිස් ගැටුම තවදුරටත් උග‍්‍ර අතට හැරීමේ අවදානමක් පවතී. දැනට විවිධ පුද්ගලයන් විසින් අක්කර දෙක බැඟින් වන ඉඩම් හෙළි පෙහෙළි කර කෘෂිකාර්මික කටයුතුවල නියැළුණ ද ඒවා සියල්ල එක්ව ගත් කල ඉතා විශාල භූමි ප‍්‍රමාණයක් වීම තුළ මෙවැනි වනාන්තර විනාශයන් සිදු කිරීම රටේ පවත්නා නීතිය ද අබිබවා යාමක් බව අපගේ වැටහීමය. 2000 අංක 53 දරන ජාතික පාරිසරික (සංශෝධන) පනත යටතේ නිකුත් කෙරුණු 1993 ජුනි 24 වැනි දිනැති අංක 772/22 දරන ගැසට් නිවේදනය අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ප‍්‍රදේශයක් යම්කිසි සංවර්ධන කටයුත්තකට යොදා ගැනීමට ප‍්‍රථම පාරිසරික බලපෑම් ඇගයීම් ක‍්‍රියාවලියකින් පසු පූර්ව ලිඛිත අනුමැතිය ලබාගත යුතුය. එහෙත් අද වන විට හම්බන්තොට වන අලි කළමනාකරණ ප‍්‍රදේශයේ සිදු කරන දැඩි වන විනාශය සිදු වන්නේ මෙම නීති රෙගුලාසිවලට ද පයින් ගසමිනි.
GHDP-(8)අනෙක් අතින් රජයේ හා වෙනත් විවිධ පාර්ශ්ව විසින් පවත්වාගෙන යන ගල් කොරි රැසක් මඟින් ද අද වන විට මෙම වන අලි කළමනාකරණ ප‍්‍රදේශයේ පැවැත්මට බරපතළ තර්ජන එල්ල වෙමින් පවතී. විශේෂයෙන් ශී‍්‍ර ලංකා යුද හමුදාවට අයත් ගල් කොරිය, දිවයිනේ ප‍්‍රකට ඉදිකිරීම් කොන්ත‍්‍රාත් සමාගමක් මඟින් පවත්වාගෙන යන ගල් කොරියක් ඇතුළු ගල් කොරි පනහකට වැඩි සංඛ්‍යාවක් හම්බන්තොට වන අලි කළමනාකරණ ප‍්‍රදේශය පුරා පැතිරී පවතී. නිරන්තරයෙන් අධික ශබ්ද නඟමින් මෙම ගල් කොරිවල සිදු කෙරෙන කළුගල් කැඞීම නිසා මෙම ප‍්‍රදේශයේ වෙසෙන අලි – ඇතුන්ගේ දෛනික ජීවන රටාව පවත්වාගෙන යෑමට දැඩි බලපෑම් එල්ල වී ඇත. තව ද අදාළ පෞද්ගලික ඉදිකිරීම් සමාගමට අයත් ගල් කොරිය පරිශ‍්‍රයේ නිරන්තරයෙන් දුම් හා දුහුවිලි නඟමින් සිදු කරන ක‍්‍රියාකාරකම් හාත්පස පරිසරය දූෂණයට ලක් කරමින් පවතී.
මෙම පෞද්ගලික සමාගම මඟින් ඉදි කෙරෙන මහාමාර්ග සඳහා පරිසරය ගැන කිසිදු තැකීමක් සිදු නොකර මහා පරිමාණයෙන් බොරලූ කැපීම සිදු කරනු ලබන්නේ ද මෙකී වන අලි කළමනාකරණ ප‍්‍රදේශය තුළය. මේ හේතුවෙන් සෑදුණු විශාල වළවල් සහිත මුළු බිම් මෙම ප‍්‍රදේශයට අයත් මැටිවැව ආශ‍්‍රිතව දැකගත හැකිය. කිසිදු ගහක් කොළක් රහිත හිස් කාන්තාර භූමි ලෙස පවතින මේවායේ වර්ෂා සමයට ජලය එක් රැුස් වීමෙන් ඇති වන මදුරු උවදුර ද තවත් විනාශයකට අත වනන බව පැවසිය යුතුය.
කතරගම මහා දේවාලයට අයත් බව කියන මෙම ඉඩම්වල සිදු වන අගතිගාමී මිනිස් කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන් එම දේවාලයේ බස්නායක නිලමේවරයා හෝ වෙනත් වගකිවයුතු බලධාරියකු ද කිසිදු නෛතික කි‍්‍රයාමාර්ගයක් ගෙන ඇති බවක් දැනගන්නට නැත. තව ද රේඛීය විෂය භාර වන සංරක්ෂණ
දෙපාර්තමේන්තුව – වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ ප‍්‍රදේශය භාර පරිපාලන නිලධාරීන් ද මේ සම්බන්ධයෙන් දිගින් දිගටම නිහ`ඩ පිළිවෙතක් අනුගමනය කරමින් සිටීම ද කනගාටුවට කරුණකි. විශේෂයෙන් මෙම වන අලි කළමනාකරණ ප‍්‍රදේශය පිහිටුවීමට හේතුව වන අලින් සංරක්ෂණය සහ කළමනාකරණය කරගැනීම වුව ද අදාළ විෂය භාර වනජීවී සංරක්ෂණ අමාත්‍යාංශයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබ`ද විධිමත් වගකීමක් පැවරී නොතිබීම ද ගැටලූසහගතය. වන අලින් පිළිබ`දව අදාළ දෙපාර්තමේන්තුවට වගකීම පැවරී තිබුණ ද එම ප‍්‍රදේශය පිළිබ`ද කි‍්‍රයා කිරීමේ ඍජු නීතිමය ප‍්‍රතිපාදනයක් ලබා දීමට රජය මේ දක්වා කටයුතු කර නැත.
මේ සම්බන්ධයෙන් කඩිනම් කි‍්‍රයාමාර්ගයක් ගැනීමට දේශපාලන අධිකාරිය හෝ වගකිවයුතු නිලධාරීන් අපොහොසත් වුවහොත් අද වන විට මෙම කලාපයේ පවත්නා වන අලි – මිනිස් ගැටුම ශීඝ‍්‍රයෙන් ඉහළ යා හැකි බව අපි අවධාරණය කරමු. විශේෂයෙන් මෙම වන අලි කළමනාකරණ ප‍්‍රදේශය වටා පිහිටි මහගල්වැව, උනාතුවැව, කුඩාඉ`දිවැව, තැලිගම, දිමුතුගම, පඩව්ගම, ගොන්නොරුව, හැඩිල්ල, උඩමත්තල, පහළමත්තල, පුංචිඅප්පුජ`දුර වැනි ගම්මාන විශාල ප‍්‍රමාණයකට එල්ල වන වන අලි ප‍්‍රහාර ඉදිරියේදීත් තවත් උත්සන්න විය හැකි බව අවධාරණය කළ යුතුය.
GHDP-(19)පසුගියදා විවෘත කෙරුණු මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපොළ ඉදි කිරීම සදහා සිදු කළ ශක්‍යතා අධ්‍යයනයේ දී මෙම ප‍්‍රදේශය වන අලින්ගේ පාරම්පරික වාසභූමියක් බව තහවුරු කර ඇත. තවද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා සංරක්ෂණ පර්යේෂණ ආයතනය නම් සංවිධානය ම`ගින් මෙම ප‍්‍රදේශවල දිවි ගෙවූ වන අලි රංචුවල තෝරා ගත් සාමාජිකයන්ට චන්ද්‍රිකා තාක්ෂණ කරපටි පැල`දවීම ම`ගින් ලබා ගත් දත්ත ම`ගින් ද මේ බව මොනවට පැහැදිලි වෙයි. ගුවන් තොටුපොළ ඇතුළු සංවර්ධන ව්‍යාපෘති ම`ගින් එම වන අලි – ඇතුන්ගේ පැවැත්මට එල්ල වන බලපෑම අවම කිරීම ස`දහා ද උක්ත වන අලි කළමනාකරණ ප‍්‍රදේශය යොදා ගැනීමට යෝජනා කෙරුණි. දිවයිනේ ප‍්‍රථම වතාවට මේ ආකාරයෙන් වනජීවී රක්ෂිත වලින් පිටස්තරව විශේෂයෙන් සැකසූ වන අලි කළමනාකරණ ප‍්‍රදේශයක් පිහිටුවන්නේ ද එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. එබැවින් අද දවසේ හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ සිදු කෙරෙන සංවර්ධන කි‍්‍රයාකාරකම් ප‍්‍රදේශයේ අහිංසක දුප්පත් ජනතාවට සැබෑ ප‍්‍රතිලාභ අත්කර දීමට නම් මෙකී වන අලි කළමනාකරණ ප‍්‍රදේශයේ වැදගත්කම යළි යළිත් සදහන් කළ යුතු නැත.
නමුත් මෙවැනි පසුබිමක් තුළ උක්ත වන අලි වාස භූමි දේශපාලන හිතවතුන්ට හා වෙනත් විවිධ පාර්ශ්වවලට උළා කන්නට ඉඩ හැර වගකිවයුත්තන් අද, ගොළු, බිහිරි ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම හම්බන්තොට සංවර්ධනයේ දිශානතිය කොයිබටද යන දරුණු ගැටලූව අප අබිමුව තබා ඇත. දිවයිනේ විවිධ ප‍්‍රදේශවල විවිධ සංවර්ධන ව්‍යාපෘති ඉතා අක‍්‍රමවත් හා අදූරදර්ශී ආකාරයෙන් කි‍්‍රයාත්මක වීම තුළ එම ප‍්‍රදේශවල ජනතාව ද  වන සතුන් ද සංවර්ධනයේ අනාථයන් බවට පත් වූ ආකාරය පිළිබදව අපට ඉතිහාසය තුළින් ද  ඕනෑ තරම් සාක්ෂි සපයාගත හැකිය. එබැවින් නිසි විද්‍යාත්මක පදනමක් මත පිහිටා දීර්ඝකාලීන සැලැසුමකට යටත්ව අඛණ්ඩ සුපරීක්ෂණයකින් යුතු සංවර්ධනයක් ළගා කරගැනීම යුගයේ අවශ්‍යතාවක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ වෙනුවෙන් අතීතයෙන් පාඩම් උගෙන අනාගතය සාර්ථක කරගැනීම අත්‍යවශ්‍යය. නමුත් අද දවසේ ද අප යළි යළිත් සිදු කරමින් සිටින්නේ ? වැටුණු වළේ මහ දවාලේ ද ඇදගෙන වැටීමය. එය සැබෑ ලෙසටම ජාතික ධනය, කාලය හා ශ‍්‍රමය මකර කටට යැවීමක් බව වගකිවයුත්තන්ට නොවැටහීම ද ජාතියේ අවාසනාවකි.
විශේෂයෙන් ශී‍්‍ර ලංකාවේ අර්ධ ශුෂ්ක කලාපයට අයත් ඉතා සංකීර්ණ දේශගුණික හා පාරිසරික සාධකවලින් යුතු හම්බන්තොට වැනි ප‍්‍රදේශවල සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමේ දී පරිසර සංරක්ෂණය පිළිබ`ද ඉතා හොද තුන්කල් දැක්මක් සහිතව එම කටයුතු සිදු කිරීම අත්‍යවශ්‍යය. එසේ සිදු කිරීමෙන් සංචාරක ආකර්ෂණයක් ලෙස එම පරිසරය හා වනජීවීන් – විශේෂයෙන් අලි ඇතුන් යොදා ගැනීමට ඇති විභවය ද අතිවිශාලය. තව ද එකී සංවර්ධන ව්‍යාපෘතිවල දීර්ඝ කාලීන ස්ථාවරත්වය හා ප‍්‍රතිලාභ ජනනය වීම ද ඒ මත රැු`දී පවතී. එසේ හෙයින් හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ සංවර්ධන කි‍්‍රයාකාරකම් සිදු කිරීමේ දී මෙම ගැඹුරු යථාර්ථය වටහාගැනීම අත්‍යවශ්‍යය. එසේ නොකළහොත් මෙම කලාපයේ  මනු සතුන් ද අලි ඇතුන් ද කබලෙන් ළිපට විසි වීම නොවැළැක්විය හැකි බව ඉතා අවධාරණයෙන් ලියා තබනු කැමැත්තෙමි.