Friday, November 28, 2014

පින්නවල සාමාගෙ දුක විකුණගෙන කන්නෙ කවුද?

පින්නවල අලි අනාථාගාරයට ගොස් ඇති ඕනෑම කෙනකුගේ සිතෙහි නිතැතින්ම රැඳී ඇති මතකයක් වෙත්නම් ඒ 'සාමා' පිළිබඳ මතකය බව නිසැකය. ත්‍රස්තවාදී යුද්ධයේ අමානුෂිකත්වය හේතුවෙන් පාදයක කොටසක් අහිමිව ආබාධිත තත්ත්වයට පත්ව සිටි සාමා පින්නවල අලි රංචුවේ නොමඳ සහයෝගය නිසා කෙසේ හෝ ආයාසයෙන් තම ජීවිත ගමන ඉදිරියටම ගෑටුවාය. නමුත් කලක සිට ඇය පසුවන්නේ රෝගාතුරව එක්තැන්ව පින්නවල අලි අනාථාගාරයේ අංගණයක යකඩ වැටකට බරදීගෙනය. බොහෝ දෙනකුට වාසනාව කැන්දමින් පින්නවල අලි අනාථාගාරය තුළ තම ජීවිතයේ වැඩි කාලයක් ගෙවා දැමූ සාමා මේ වන විට තම ජීවිතයේ අවසන් භාගය ගෙවා දමමින් සිටින්නේ අලි ඇතුන් පරිබාහිර සංරක්‍ෂණය පිළිබඳව ඉතා දරුණු විවේචනයක් අප හමුවේ ඉතිරි කරමිනි.


1994 වසරේදී පමණ සාමා වනජීවී නිලධාරීන්ගේ ඇස ගැටෙන්නේ පොළොන්නරුව ප්‍රදේශයේ වනාන්තරයකදීය. එවකට වයස අවුරුදු හයක් පමණ වූ මෙම ඇතින්නගේ දකුණු පාදයේ පහළ කොටස බිම් බෝම්බයකට හසුවී විනාශ වී තිබිණි. කෙසේ නමුත් තවදුරටත් ජීවත් වීමට තරම් වාසනාවන්ත වූ සාමා දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය වෙත රැගෙනවිත් ප්‍රතිකාර ලබාදෙන ලදී. එම ප්‍රතිකාරවලින් සුවය ලද සාමා පින්නවල අලි නිවහන තමන්ගේ වාසස්ථානය බවට පත්කර ගන්නේ 1996 වසරේ සිටය. එතැන් සිට තම ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කළ සාමා පින්නවල සහෝදර අලි සාමාජිකයන්ගේ අත් උදව්වෙන් දිවි ගමනේ ඉදිරියටම ගමන් කළාය. පාදයේ කොටසක් අහිමි වීම නිසා සාමා ඇවිදින විට එම ගමන ඇගේ කොඳු නාරටියට බලපෑම් ඇති කළද සාමා දිවි ගමන අත්හැරියේ නැත. ඇය කලක් ගත වන විට ඇයගේ ගමනට හුරු වූවාය. ඇගේ සිරුරද ඊට අනුගත විය.


දෙදාහ වසරේ මාර්තු මාසයේදී පමණ ජර්මනියේ වෛද්‍යවරියක විසින් සාමාගේ පාදයට බොරු කකුලක් සවි කිරීමට කටයුතු කරන ලදී. නමුත් ඒ වන විට සාමා අහිමි පාද කොටස සමඟ ජීවිතයට හුරුවී තිබුණු නිසා ඇය බොරු කකුල ප්‍රතික්ෂේප කළාය. දෙවැනි වර ඇය නිර්වින්දනය කර පාදය සවි කළද ඇය නැවැත එය ප්‍රතික්ෂේප කළාය.
නමුත් පින්නවල අලි අනාථාගාරයේ ජීවත්වන අලි ඇතුන්ගේ සහ ඇත් ගොව්වන්ගේ සුබ සාධනය වෙනුවෙන් ලකී සාමා අරමුදල (ඹ්භජඬර ඉචථච ජ්භදඤ) ආරම්භ වන්නේ මෙම උත්සාහය ව්‍යර්ථ වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එම අරමුදල සාමා විසින් පින්නවලට කැන්දන ලද වාසනාවය. පින්නවල අලි අනාථාගාරයට ස්කෑනර් යන්ත්‍රයක්ද ලබාදීමට එම අරමුදල සමත් විය.


කාලය ගෙවී ගියේ විහඟ වේගයෙනි. තම ශරීරයේ ආබාධය නිසා සාමා වයසටත් කලින් වියපත් වූවාය. ඇගේ ආබාධිත තත්ත්වය උත්සන්න වීම නිසා ඇය මේ වසර මුලදී එක්තැන් වූවාය. පින්නවල අලි අනාථාගාරයේ අංගණයක යකඩ වැටකට බරදී මැරි මැරී ඉපදෙමින් තම ජීවිතයේ අවසන් කොටස ගෙවා නිම කරගත නොහැකිව සාමා තවමත් ළතැ වෙන්නීය. බොහෝ දෙනකුට වාසනාව කැන්දූ සාමා අවසන් ගමන් යෑමට නොහැකිව තවමත් ළතැ වෙන්නේ හදවතක් ඇති ඕනෑම අයකුගේ නෙතට කඳුළක් ජනිත කරවමිනි. නමුත් මෙම අහිංසක සත්ත්වයාගේ ජීවිතය වෙනුවෙන් වගකිවයුතු සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ හෝ පින්නවල අලි අනාථාගාරයේ බලධාරීන්ට ඒ වේදනාව නොදැනීම කනගාටුවට කරුණකි.


රෝගාබාධවලට ලක්ව දීර්ඝකාලීනව එක්තැන් වන සතුන් පිළිබඳව තීරණ ගැනීම පශු වෛද්‍යවරුන්ට හෝ සත්ත්ව සෞඛ්‍ය හා කළමනාකරණය පිළිබඳ වෘත්තිකයන්ට නැවැත ඉගැන්විය යුතු දෙයක් නොවේ. නමුත් එසේ තිබියදී පින්නවල අලි අනාථාගාරයේ, සියලුම නරඹන්නන්ටත් ඇස ගැටෙන ස්ථානයක අපා දුක් විඳිමින් සාමා තවමත් රැඳී සිටියදී එම සත්ත්වයා විඳින දුක බලධාරීන්ගේ ඇස නොගැටීම විමතියට කරුණකි. මේ පිළිබඳව සොයා බැලීමට පසුගියදා පින්නවල අලි අනාථාගාරය වෙත ගිය අපගේ ඇස ගැටුණු සාමා අෑඳුණු සිදුවීම් නම් මනුෂ්‍යත්වයටද නිගා දෙන ආකාරයේ නිවට හා නිර්ලජ්ජිත ඒවා බව අවධාරණය කළ යුතුය. බරපතළ තත්ත්වයෙන් පසුවුණු සාමාට නරඹන්නන්ගෙන්ද එල්ල වන බලපෑම දුරලීම සඳහා එම සත්ත්වයා මඳක් අෑතින් බැ¼ද තැබීමට බලධාරීන්ට හැකියාව ඇත. නමුත් ඔවුන් සිතා මතාම එසේ නොකර සියලුම නරඹන්නන්ට පෙනෙන පරිදි මෙම සත්ත්වයා ගාල්කර තැබීමට හේතුව කුමක් විය හැකිද? ඊට හේතුව නම් මෙම අසරණ සත්ත්වයාද විකුණාගෙන කමින් ඇතැම් ඇත්ගොව්වන්ට මනුෂ්‍යත්වයටද නිගා දෙවීමට බව අපට නිරීක්ෂණය කළ හැකි විය. විශේෂයෙන් විදේශීය නරඹන්නන් සාමා නැරඹීමට පැමිණෙන අවස්ථාවලදී මෙම සත්ත්වයාගේ ආහාර හා සෞඛ්‍ය කටයුතු සඳහා බව පවසමින් සම්මාදම් එකතු කිරීමට ඇතැම් ඇත්ගොව්වන් කටයුතු කළ ආකාරය අපට නිරීක්‍ෂණය කළ හැකි විය.
අප හිතවත් පරිසර ක්‍රියාකාරිනියකද මෙම තත්ත්වය තහවුරු කළ අතර ඇය පැවැසුවේ මෙම ඛේදවාචකයට මුහුණ දුන් විදේශිකයකු විසින් ඒ පිළිබඳව ඔහුගේ රටේ සත්ත්ව සුබසාධන සංවිධානයකට පැමිණිලි කරනු ලැබ එම සංවිධානය මෙම පරිසර ක්‍රියාකාරිනියගෙන්ද කරුණු විමසූ බවය.






No comments:

Post a Comment