Friday, November 28, 2014

බුද්ධංගල  අභය භූමියත්  ඈවරයි ?

මෙරට වනාන්තර සහ ඉතා වටිනා පරිසර පද්ධති තම ග්‍රහණයට නතුකර ගැනීම සඳහා පටු අවස්‌ථාවාදී අමන දුර්ජනයන් දරණ ප්‍රයත්නයන් ඉතා සූක්‍ෂම හා දීර්ඝකාලීන ඒවා බව පරිසරයට ලැදි සෑම සියලු දෙනකුම ඉතා තරයේ සිහිතබා ගත යුතුව ඇත. ඔවුන්ගේ සාක්‌කුවට වැටුණු අඳ ගොළු බිහිරි බලධාරීන්ට මෙම තත්aත්වය කෙසේවත් වටහා ගැනීමට උවමනාවක්‌ නැතිවීම මෙම අධමයන්ට උඩගෙඩි දීමකැයි කීම වරදක්‌ නොවේ. අප මේ කතා කරන්නට යන්නේ අම්පාර නගරාසන්නයේ ඇති ඉතා වැදගත් වනජීවී රක්‍ෂිතයක්‌ වූ බුද්ධංගල අභය භූමියට අයත් ඉඩම් අක්‌කර 500 කට වැඩි ප්‍රමාණයක්‌ වන ජීවීන්ට අහිමි වීම පිළිබඳවය. නමුත් මෙම සටහන පසුවදනක්‌ මිස පූර්විකාවක්‌ නොවේ. එයට හේතුව මේ පිළිබඳව අප මූලින්ම "සොබාසර" මගින් හෙළිදරව් කළේ අදින් වසර තුනකට පෙර 2009 ජූලි 07 වැනිදා බැවිනි. නමුත් ඉතාමත් ෙ€දනීය තත්ත්වය නම් "කැළෑ පාළුවෝ බුද්ධංගල අභය භූමිය කොල්ලකති" මැයෙන් අප සිදුකළ කරුණු දැක්‌වීම පිළිබඳව අබමල් රේණුවක හෝ අවධානයක්‌ යොමු කිරීමට වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීමයි.

ශ්‍රී ලංකාවේ හතළිස්‌ වැනි අභය භූමිය ලෙස ප්‍රකාශයට පත්කරන ලද බුද්ධංගල අභය භූමියට අදාළ ගැසට්‌ නිවේදනය නිකුත් වන්නේ වර්ෂ 1974 නොවැම්බර්Êමස පළමුවැනිදාය. එහි සඳහන් බුද්ධංගල අභය භූමියේ වපසරිය හෙක්‌ටයාර් 1841.4 කි. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර මෙන්ම කටු පඳුරු සහිත ලඳු කැළෑ වලින්ද සුසැදි බුද්ධංගල අභය භූමිය අලි ඇතුන්ගේ සිට විහිදුණු ඉතා පෘථුල ජෛව විවිධත්වයකට උරුමකම් කී බව නොරහසකි. වියළි කාලයට ප්‍රදේශයේ ජලය රැඳී ඇති ඉතා සීමිත ස්‌ථාන කිහිපයකින් එකක්‌ වන වලතාපිටිය වැව මෙම අභය භූමිය තුළ පිහිටා තිබීම නිසා නියං සමයේ දී සියයකට වැඩි වන අලි රංචුවක්‌ මේ වෙත පැමිණෙන බව මෙම ලියුම්කරු විසින්ද නිරීක්‌ෂණය කර ඇත. එසේම සෙසු සත්ත්ව සහ ශාක විශේෂ

රැසකට තෝතැන්න වීම නිසා මෙන්ම තදාසන්න බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ පිහිටා ඇති ඉපැරැණි පුරාවිද්‍යාත්මක නටබුන්ද මෙකී වනජීවී රක්‌ෂිතයේ වටිනාකම තීවෘ කර ඇති බව නොකියාම බැරිය. ඒ මතුද නොව මෙමගින් උකහා ගන්නා වර්ෂා ජලය මගින් පෝෂණය වන වලතාපිටිය සහ වීරගොඩ, තිස්‌සපුර වැව්ද පොදු ජන සුවසෙත සාදමින් කියා පාන්නේ බුද්ධංගල අභය භූමියේ මහිමය බව අවධාරණය කළ යුතුය.

මේසා වටිනාකම් රැසක්‌ සහිත බුද්ධංගල අභය භූමියේ ඉඩම් අත්පත් කර ගැනීමට ප්‍රදේශයේ මුස්‌ලිම් දේශපාලකයන් පිරිසකගේ හා අම්පාර සම්මන්තුරේÊප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල උසස්‌ පරිපාලන නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සංවිධානාත්මක පිරිසක්‌ කටයුතු ආරම්භ කළේ අප ඉහත සඳහන් කළ පරිදි මීට වසර තුනකටත් පෙර සිටදීය. නමුත් ඒ කටයුත්ත සාර්ථක කර ගැනීමට ඔවුනට නොහැකි වූයේ සැබෑ ලෙසම මෙරට වනජීවී සම්පත ආරක්‌ෂා කිරීමට දිවි හිමියෙන් කැපවූ ප්‍රාදේශීය වනජීවී නිලධාරීන්ගේ ලේ දහදිය මතින් බව නොකියාම බැරිය. නොබෝදා විශ්‍රාම ලැබූ නැගෙනහිර වනජීවී සහකාර අධ්‍යක්‌ෂවරයාවද තමන්ගේ සාක්‌කුවට දමා ගැනීමට මෙකී අමනයන් කටයුතු කර තිබුණද ඒ ක්‍රියා කිසිවක්‌ සාර්ථක නොවුණේ සොබාදහමේ වාසනාවකට විය යුතුය.

මෙම අභය භූමියේ දිවි ගෙවන අලි ඇතුන් වලතාපිටිය වැව ඔස්‌සේ අම්පාර, කල්මුණේ ප්‍රධාන මාර්ගය පසුකර දීඝවාපිය, පල්ලෙකාඩු, මාන්තෝට්‌ටම ආදී බැඳි වන කුට්‌ටි ඔස්‌සේ සාගමම් අභය භූමිය හා ලාහුගල ජාතික උද්‍යානය දෙසට සංක්‍රමණය වීමේ ලක්‌ෂණ පෙන්නුම් කරයි. මෙම අලි රංචුව සාගමම් වැව වෙතද සංක්‍රමණය වන ආකාරය විශේෂයෙන් හඳුනාගත හැකි හස්‌ති සාමාජිකයන්ගේ නිරීක්‌ෂණ මගින් තහවුරු කර ගැනීමටද මෙම ලියුම්කරුට හැකිවී ඇත. නමුත් මෙම හස්‌ති සංක්‍රමණයටද තීරණාත්මක සාධකයක්‌ වී තිබුණේ වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉදිකර තිබූ කිලෝමීටර් 21 ක්‌ දිග විදුලි වැටය. වන අලින්ට යම්කිසි අසාධාරණයක්‌ වී තිබියදී පවා මෙම විදුලි වැට මගින් ප්‍රදේශයේ වන අලි මිනිස්‌ ගැටුම අවම කර ගැනීමට වනජීවීය කටයුතු කළේ පැවති හොඳම විකල්පය එය බැවිනි.

නමුත් අද වන විට මෙම විදුලි වැටටද ඇතුළතින් පිහිටි ඉඩම් අක්‌කර 500 ක්‌ කොල්ලකෑමට අවස්‌ථාවාදීන් කටයුතු කර ඇත්තේ ඉතාම අවාසනාවන්ත ආකාරයටය. මෙතෙක්‌ කලක්‌ මෙම අභය භූමිය රැකගැනීමට උරදුන් සැබෑ වනජීවී නිලධාරීන්ට නායකත්වය ලබාදීමට ඉහළ පුටුවට පැමිණි අනුප්‍රාප්තිකයා මෙහිදී සිදුකළ යුත්තේ එම කටයුත්ත තවදුරටත් ඉදිරියට ගෙන යැම බව අපගේ වැටහීමයි. ඒ මන්ද යත් එමගින් දැනට මෙම ප්‍රෙaදශයේ යම් තරමකින් හෝ පාලනය වී ඇති අලි මිනිස්‌ ගැටුම සංසිඳවීමට එමගින් යම් පිටිවහලක්‌ ලැබෙන බැවිනි.

මේ ආකාරයෙන් වලතාපිටිය වැව ඉහත්තාවේ ඇති වනජීවී ඉඩම් වන සතුන්ගෙන් උදුරා ගැනීමෙන් අනාගතයේදී වන අලින්ට වලතාපිටිය වැව වෙත අවතීර්ණ වීමට නොහැකි වීමෙන් ඉතා භයානක අලි මිනිස්‌ ගැටුමක්‌ ඇතිවීමට ඉඩ ඇති බව අවධාරණය කළ යුතුය. මෙවැනි පසුබිමක්‌ තුළ ඉතාම අවාසනාවන්ත ලෙස සියල්ල උඩු යටිකුරු කරමින් සීමිත පිරිසකගේ පටු අවශ්‍යතා ඉටු කිරීමට පාලක කාරකාදීන් මෙම හස්‌ති නිජබිම මිනිස්‌ ජනාවාසයක්‌ බවට පෙරළීමට උත්සාහ දරන්නේ කුමන වනජීවී සංරක්‌ෂණ හා කළමනාකරණ න්‍යායයකට අනුකූලව දැයි අපි ප්‍රශ්න කර සිටිමු.

පසුගිය යුද වාතාවරණය නිසා නැගෙනහිර පළාතේ වනජීවී රක්‌ෂිත වෙත මිනිසුන්ගේ ආක්‍රමණ එතරම් සුලබ නොවීමෙන් වනජීවී වාසස්‌ථානවලට යම් රැකවරණයක්‌ ලැබී තිබුණු බව පශ්චාත් යුද සමයේ අද වන විට සිදුවන මෙවන් ඉඩම් මංකොල්ලයන් සාක්‌ෂි දරණ බව අපගේ වැටහීමයි. යුද්ධය නිමා වීමත් සමගම මෙම ප්‍රදේශ සංවර්ධනය කිරීමේදී බලධාරීන් ඉතා අවදියෙන් යුතුව ඒ කටයුතු සිදුකළ යුත්තේ එසේ නොවුණහොත් අද වනවිට යම් තරමකින් පාලනය වී ඇති අලි මිනිස්‌ ගැටුම ඉතා කනගාටුදායක තත්ත්වයට ඉහළ යැම නොවැළැක්‌විය හැකිය.

එසේම බලධාරීන් මේ වරද ඉතා කඩිනමින් නිවැරැදි කිරීමට අපොහොසත් වුවහොත් එය නැගෙනහිර පළාතේ සෙසු වනජීවී රක්‌ෂිත ආරක්‌ෂා කිරීමටද නරක පූර්වාදර්ශයක්‌ විය හැකි බව ඉතා අවධාරණයෙන් ලියා තැබිය යුතුය.

ඡායාරූප - තාරක කුසුමින්ද

No comments:

Post a Comment