Sunday, November 30, 2014

අලි ඇතුන් හා රයිනෝ වෙනුවෙන් ගෝලීය පා ගමනක්

ඔක්තෝබර් හතර වැනිදාට යෙදෙන අන්තර්ජාතික සත්ව දිනය වෙනුවෙන් පැවැත්වුණු පා ගමනක්  කොළඹදී පැවැත්වීමට පරිසර සංවිධාන කිහිපයක් විසින් කටයුතු කරන ලදී. " සතුන් තුරන් කෙරෙන, සත්ව ජාවාරම පරාජය කල හැකි වන්නේ සැබෑ ගෝලීය එකමුතුවක් තුලින් පමණි යන්න මෙවර සත්ව දිනයේ තේමාවයි.

ඒ අනුව මේ වනවිට දැඩිව සත්ව ජාවාරමට ගොදුරුවන අලි ඇතුන් හා රයිනෝ සතුන් වෙනුවෙන් ගෝලීය පාගමනක් සංවිධානය කිරීමට අන්තර්ජාතික පරිසර සංවිධාන කටයුතු සූදානම් කරන ලද අතර එහි මෙරට සැමරුම මෙසේ කොළඹදී පැවැත්විනි.

උදේ 9.30 ට කොළඹ හෙන්රි පෙදිරික් උද්‍යානයෙන් ගමන් ආරම්භ කෙරුණු මෙම පාගමන විහාරමහා දේවී එළිමහන් රංග පීඨය දක්වා ගමන් කරණ ලද අතර එහිදී දැනට ශ්‍රී ලංකාව තුලද ඉතා විනාශ කාරී ලෙස ක්‍රියාත්මක වන අලි පැටවුන් ජාවාරම පිළිබඳව ජනතාවගේ අවධානය ඇතිකෙරෙන දේශන කීපයක්ද පැවැත්විණි. ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයද මෙහි එක් සංවිධායකයෙකු ලෙස තම දායකත්වය දැක්වීය.






No comments:

Post a Comment